
බොදුබල සේනා මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් රුපියල් 50,000ක මුදල් සහ ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඇප මත මුදාහැරීමට අභියාචනාධිකරණය අද නියෝග කළේය.
මුස්ලිම් ප්‍රජාවගේ ආගමික විශ්වාසයන්ට අපහාස කරමින් ද්වේෂ සහගත ප්‍රකාශයක් සිදුකිරීමට වරදකරු වීම නිසා මාර්තු 28 වැනිදා අත්තේ ඥාණසාර හිමියන්ට කොළඹ මහාධිකරණය විසින් වසර හතරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කරන ලදී.
කොළඹ මහාධිකරණය මීට පෙර ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුණි.
ඥානසාර හිමියන් වෙනුවෙන් නීතිඥ ඉරේෂ් සෙනෙවිරත්න, සංජය ආරියදාස, සංජය මාරඹේ සමඟ ජනාධිපති නීතිඥ අනිල් සිල්වා යන මහත්වරු පෙනී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක දවසක්වත් හිරේ ඉඳල තියෙනවද?
මොකද්ද අප්පා ඒ අපේ -චන්දයට සපෝට් ගන්න එකක්ද ?
දැන්වත් කට පියාගෙන බෞද්ධ භික්ෂුවක් වගේ විනීතව හැසිරෙයිද මන්ද ?
රනිල් රාජපක්ෂගේ කල්ලියේ ඡන්ද ප්‍රචාරක කටයුතු ආරම්භ කරන්න බැරුව හිටියේ මෙයා එළියට වඩින තුරු වෙන්න ඇති.
මේ හාමුදුරුවෝ මුස්ලිම් අපිටත් උදව් කරපු කෙනෙක් ඉක්මණට නිදහස් වේවා
ඡන්දේ ළංවෙලා එළියට දැම්මේ ආයේ ජාතිවාදය අවුස්සගන්න පුලුවන්ද බලන්නයි.
මොකෝ ආයෙත් ජාතිවාදී ආගම්වාදී අඩව්වක් නටවන්නද ඡන්දෙට ඉස්සෙල්ලා එළියට ගත්තේ …..?? මේ කපේදී ඒවා සුම්මා…..
රනිල්ට පිං දිදි ඡන්ද ව්‍යාපාරයට එන වගයි
අනේ හාමුදුරුවනේ දැන්වත් කට පරිස්සම් කරගෙන වළඳන්න .අනික කාගේවත් ඉත්තෝ වෙන්න යන්න එපා.මොනවාහරි උනාම කවුරුවත් ඔබ වහන්සේට නැහැ
පිටිගල ට කවදත් අරෙහෙ අමාරුව
චන්දෙට අවශ්‍ය උනාම එලියට ගන්න වෙනවා.
කන්ජිපානි පැන්නෙත් ඔහොම තමයි. හිරුනිකාත් , දුමින්ද සිල්වාත්, හරක්කටාත්, ගනේමුල්ලේ සංජීවත් ඔය විදිහටම චන්දෙට පෙර ඉක්මනින් එලියට ගන්න. මොකද හිතන්නේ නැති කෙනෙක් බලයට ආවොත් ඔය හිරේ ඉන්න එවුන්ගෙන් සියලු තොරතුරු එලියට ගනීවි. එතකොට සමාජ ස්ථරයේ ඉහලින්ම ඉන්න සියයට දෙකක් තුනක් බරපතල අපරාධ කරුවන් බව එළිවෙනවා.දියවන්නාවේ එවුනුත් 75% වසර 200-300 ක් හෝ හා සැරයක් මරණ දඩුවම් විදිය යුතු අපරාධකාරයෝ. උනුත් ඉවරයි.
වඳ කොත්තු, වඳ ඇඳුම්, බෝම්බ ළඟ ළඟම එයි වගේ.
මීට විරුද්ධව ශ්‍රේෂ්ටාධිකරණයට පෙත්සමක් දමනවා. මේකා හිරේ සිටිය යුතු සර්පයෙක්.
එතකොට අර ජෙරම් පාස්ටර් ගොඩක් අපහාස කළා. ඒත් එක දවසක්වත් හිරේට යැව්වේ නෑනේ.
මෙයාගෙත් කටට break නැහැ තමයි... ඒත් හාමුදුරුවන්ගෙන් හරියට සිල් රකින කෙනෙක් ඉන්නවාද? අනික එළි පිට ජාතිවාදියකු වීම නීත්‍යානුකූල නැත්තේ ඔප්පු කළ හැකි නිසානේ.. නැතුව මෙයාට දොස් කියන අය අතරම කී ලක්ෂයක් ඇතිද ඒ අදහස්ම ඇති...