හෝමාගම අධිකරණයට අපහාස කළැයි රිමාන්ඩ් භාරයට පත් කළ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට අැප ඉල්ලීමේ මෝසමක් නීතිඥ සුමුදු කාන්ත හේවගේ මහතා අද (28) උසාවි ලේඛකාධිකාරීට බාර දුන්නේය.
හෝමාගම අධිකරණයට අපහාස කළැයි රිමාන්ඩ් භාරයට පත් කළ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට අැප ඉල්ලීමේ මෝසමක් නීතිඥ සුමුදු කාන්ත හේවගේ මහතා අද (28) උසාවි ලේඛකාධිකාරීට බාර දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිරුනිකා ඉතිහාසගත වුණු පැය දෙක එපා (බ)
පසුගිය කාලයේ දෙස්පාලන කතාන්තර වලදී, කොච්චරවත් අපි අහල තිබුනද ඔය උසාවියට අපහස කළා එනිසා එම පුද්ගලයන් අත්අඩංගුවට පත්කළා කියල ඇප දුන්නා කියල. (බ)
හාමුදුරුවෝ මීට වඩා සංවර විය යුතුව තිබුනා. හාමුදුරුවන්ට විරුද්ධව මෙහි අදහස් දක්වන බොහෝ දෙන එසේ කරන්නේ හාමුදුරුවරුන්ගේ සිල්වත් බව උදෙසා නොව කොටියට තවමත් කඩේ යන නිසා වීමයි දුක. (බ)
මේක පොඩි චෝදනාවක් නෙමෙයි උසාවියට නඩුකාරතුමාට අපහාස කරන එක (බ)
මම කියන්නේ ,,මීට වඩා වැරදි කරන අය ඉන්නවා අනික හාමුදුරුවෝ පෙනී ඉන්නේ සිංහල අපේ ජාතිය වෙනුවෙන් ඒක වැරදි කියලා කියන අය ඉන්නවානම් ඒ නියම සිංහල වෙන්න බැහැ අපිට යන්න වෙන රටක් නැහැ තියෙන්නේ මුහුදට පනින්න සිංහල අපි එකතු වෙන්න ඕන හාමුදුරුවෝ සේරම කළේ ,, සිංහල ජාතිය වෙනුවෙන් මේ හාමුදුරුවන්ට බනිනවට වඩා හොදයි? කියලා වැඩක් නැහැ (බ)
අද සිංහලයා වෙනුවෙන් කතා කරන්න ඉන්නේ ඥානසාර හාමුදුරුවන් පමණයි (බ)
අැප දෙන්න එපා. නැවතත් ඇවිල්ල රස්තියාදු පාර්ට් දායි ද දන්නේ නැහැ (බ)
මෙතන අදහස් දාන සමහරක් අද බලන්නේ ආගමික කෝණයකින්. නමුත් අපි එකම රටක ඉන්න සිංහල ජාතිය බව අමතක කරන්න එපා. හාමුදුරුවෝ කතා කළේ ආගමක් ගැන නොව රට බේරාගත් සිංහල රණවිරුවන් ගැනයි (බ)
කවුරුත් හාමුදුරුවන්ට දොස් කිව්වට හාමුදුරුවෝ පමණයි සිංහලයන් සහ රණ විරුවන් වෙනුවෙන් හඬක් නගන්නේ. අනික අධිකරණයක් මෙතරම් ජනතාව කුපිත කරනවා කියන්නේ අධිකරණය විහින් හැල්ලුවුන කියන එකයි. (බ)
දහම්, ඔච්චර කඩේ යන්න එපා. (නි)
නාමල්, හිරුණිකාගේ චෝදනාව පොඩීම පොඩි එකක්ද? (නි)
රාජ‍්‍ය සේවකයන්ට නපුංසකයෝ කියන එක සිංහල කමක්ද මට නම් තේරෙන්නේ නෑනෑ සමහරුන් ලියන ඒවා දෑක්කම ඉස්කෝලේ ගියාදැයි සැකයි කවුරු හෝ වේවා වැරදිකළ අයෙක් නම් උසාවියෙන් වැරැද්ද නිවරැද්ද තීරණය කරයි (බ)
රට බේරාගත් රණවිරුවෝ යැයි කියමින් සියලු රණවිරුවන්ට ඒ ගරු නාමය දී ඔවුන් කරන සියලු වැරදි වසා දැමීමට උත්සහ කිරීම සාධාරණ නැහැ අද අපේ රටේ වැඩි හරියක් අපරාධ වලට වගකියන්න වී ඇත්තේ හමුදා පොලිසිවල ඉන්න ඇතැම් පුද්ගලයනුයි. (බ)
කිසිවකු චීවරය දැරිය යුත්තේ බුදුන්ගේ ඉගැන්වීමට අනුව එය අවංක ව දරන්නට තමාට හැකියාවක් ඇතැ’යි සිතන්නේ නම් පමණෙකි. චීවරයේ ප‍්‍රමිතීන්ට නොගැළපෙන ජීවන චරිතයක් ඇති භික්‍ෂුවක් තමන්ට දායකයන් දෙන දානය වැළඳිය යුත්තේ සහලඟුරු හෙවත් ගිනියම් වූ අඟුරු ලෙස සලකායැ’යි බුදුන්වහන්සේ කියා තිබේ. අවිහිංසාවාදී බුදු දහමට පටහැණි ව විනාශකාරී යුද්ධය, රණවිරුවන්, යුද නායකයන් ආරක්‍ෂා කරනු මතු නොව, රණවිරු ලේබලය අලවා අපරාධකාරයන් චීවරයෙන් වසන්නට තැත් දරන භික්‍ෂූන් ද තමන්ගේ දානය ගැන සිතිය යුත්තේ එලෙසිනි. (බ)
ඇයි සිල්වා මහත්තයා.....ඔබලාට පමණක් නොවේ ලංකාවාසී කිසි කෙනෙකුට වෙන රටවල් නෑ යන්න..ලංකාවේ ජීවත්වන සෑම ජනවර්ගයටම තියෙන්නේ ලංකාව පමණි...ලංකාවෙන් බැහැර ජීවත් වෙන්න පුළුවන් නමුත් මව් රට ශ්‍රී ලංකාව විය යුතුයි....(බ)
ඥානසාර හාමුදුරුවන් පෙනී සිටින්නේ වැරදිකරුවන් වෙනුවෙනුයි. (බ)
මෙවන් සිද්ධීන් අද ඊයේ වුණ දේවල් නොවෙයි.සිංහල රට, ජාතිය, ආගම බේරගන්න අපේ ස්වාමීන් වහන්සේලා දිවි හිමියෙන් වැඩ කරලා තියනවා, එහෙම කැපවීමක් කළ නිසා තමයි අද අපේ රට අපේ සිංහලයෝ තවමත් ඉතිරිවෙලා තියෙන්නේ,එදත් අපේ ස්වාමීන් වහන්සේලා බණ දේශනා කරලා රට බේරගන්න ගියානම් අදත් අපිට මේවගේ අදහසක් දන්නවත් නිදහසක් නැතිවෙන්න ඉඩ තිබුන, නීතිය කෙසේ වෙතත් අපේ රට ජාතිය ගැන කතා කරන්න, අපි වෙනුවෙන් හඩක් නගන්න කැක්කුමක් තියන කවුරුන්හෝ ඉන්න ඕන. (බ)
මේක ඉතිහාසගත විහිළුවක් වෙනවා ඇප දුන්නොත්. (බ)
මිනිසුන් පැහැරගත් චෝදනාවක් සහ එයට සාක්කිත් (තමාම සැපයු) කෙනෙකුටත් පැයකින් ඇප දුන්න නිසා ඒ තරම් අපරාධයක් නොකර අයටත් නීතිය සාධාරණ වේවි කියා බලාපොරොත්තු වෙමු. (බ)
ඥානසාර හාමුදුරුවන්ගේ, ආවේගශීලි ප්‍රතිපත්තිය මමත් අනුමත කරන්නේ නැහැ, නමුත් අද සිංහලයා වෙනුවෙන් කතා කරන්න ඉන්නේ එතුමා පමණයි (ම)