( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වෙමින් වසර හයක සිරදඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිය නීතීඥවරයා මාර්ගයෙන් කළ ඉල්ලීම අභියාචනාධිකරණය අද (31) ප්‍රතික්ෂේප කරනු ලැබීය.
අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල විසින් මෙම අභියාචනය ගොනු කිරීම ප්‍රතික්ෂේප කරන ලැබූහ.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනාවට වරදකරු කෙරුණු ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ඉකුත් අගෝස්තු මස 8 වැනි දා වසර 19 ක සිරදඬුවමක් නියම කළ අභියාචනාධිකරණය එය වසර හයකින් ගෙවී යා යුතු බව නියම කළේය.
එම දඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවසර දෙන මෙන් ඉල්ලා ඥානසාර හිමියන් ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා මාර්ගයෙන් අභියාචනා අධිකරණයට කරුණු දක්වනු ලැබුවේය.
ඥාණසාර හිමියන්ට සිරදඬුවම් නියම කළ තීන්දුවෙ තිබුණු නීතිමය දෝෂ තුනක් තිබෙන බවත් ඒ අනුව උන්වහන්සේට අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා හිමිකම් තිබෙන බව ජනාධිපති නීතිඥ මහතා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.
එහෙත් එම ඉල්ලීමට එරෙහිව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතා කරුණු දක්වමින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ වගඋත්තරකාර පාර්ශ්ව විසින් ඉල්ලා සිටින අභියාචනා ඉදිරිපත් කිරීමට අවසර දීම ප්‍රතික්ෂේප කර ලෙසයි
සියලු කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරුවරුන් ඥානසාර හිමියන් විසින් අභියාචනයක් ගොනු කිරීමට කල ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදී
විත්තිය වෙනුවෙන් වගඋත්තරකාර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ද අධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන්නේය.
මෙම නඩු විභාගයේදී ඥානසාර හිමියන් සාක්ෂි දෙමින් කියා තිබුණේ මෙම සිද්ධිය හරහා අධිකරණයට අපහාස කිරීමේ චේතනාවක් තමන් වහන්සේ තුළ නොතිබූ බවයි.
රට බේරා ගත් යුද හමුදා බුද්ධි අංශ නිලධාරින්ට ඇප ප්‍රතික්ෂේප වී රිමාන්ඩ් භාරයට පත්වන අවස්ථාවේදී ඒ පිළිබඳව සංවේදී වීම නිසා මෙම තත්ත්වය උද්ගත වූ බවත් ඒ හරහා තමන් වහන්සේ අධිකරණයට කිසිදු අපහාසයක් සිදු නොකළ බවද නඩු විභාගයේ සාක්ෂි දෙමින් ඥානසාර හිමියන් වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිකරණයට අපහාස කිරීමේ ඵල.. විපාක තේරුම් ගත යුතුයි.
රට බේරාගත් රණවිරුවන් වෙනුවෙන් සංවේදීවීම මේ කාලයේ හැටියට ලොකු වරදක් තමයි. හාමුදුරුවන්ට මේක තේරෙන්නේ නැහැ.
හොඳ විනිශ්චයක්... නීතියට ස්තුතියි.
චේතනාහං භික්ඛවේ කම්මං වදාමි...
ගණන් ගන්ට එපා හාමුදුරුවනේ තව ටික දවසකින් යාලුවෝ කට්ටියත් එන්ට පුළුවන් එ් තුළට...
බෞද්ධ විරෝධී රාජ්‍ය නොවන සංවිධානවල සල්ලි මැනවින් වැඩකරන බව මෙම නඩු තීන්දුවලින් මනාව ඔප්පුවේ. සිංහලයන්ට බෞද්ධයන්ට එරෙහිව ලංකාව ඇතුලේ හැම දෙයක්ම සිදුවන ආකාරය පිළිකුලෙන් යුතුව ප්‍රකාශ කල යුතුව ඇත. ලංකාව යනු මේ වනවිට ප්‍රධාන පෙලේ මත්කුඩු තිප්පොලකි. මේ කිසිවකට විරුද්ධව නිතිය ක්‍රියාත්මක නොවේ. සිංහලයන් සහ බෞද්ධයින් දඩයම් කිරීමට විවිධ පුද්ගලයන් සහ සංවිධාන මැනවින් සල්ලි විසිකරයි. සල්ලි දෙනවා නම් අපේ අය නොකරන දෙයක් නැති නිසා මෙවැනි දේ ඉදිරියක් බලාපොත්තු විය හැකිය..
`තාරාවෝ ඉගිලෙති ` එ්කේ සින්දුව මතක් වුණා.. "මාලු නසී උඩින් වැටෙන ඇම කන හින්දා"
"කම්මනා වසලෝ හෝති - කම්මනා හෝති බ්‍රාහ්මණෝ "
අදත් හතරවෙනි සිල් පදය උසාවියේදී ගෙඩි පිටින් කඩමින්.. "අධිකරණයට කිසිදු අපහාසයක් සිදු නොකළ බව" කිව්වත් ඕවා පිළිගන්න තරම් දැන් අපේ රටේ අධිකරණය බොළඳ නැහැ ! ජම්පරයට යන්න වෙන බව දැනගෙන චීවරධාරියෙක් ලෙස එදා උසාවියේදී හැසිරුණා නම්...?
මාළුවා නහින්නෙත් කට හින්දා කියල කියෙනවානේ... බෞද්ධ දර්ශනයේ ඇති මුලිකම කරුණ වන අවිහිංසාවාදය නොදත් මෙවැනි චීවර ධාරීන් මිනිසුන් කුපිත කර භේද බින්න කර බෞද්ධ දර්ශනය විනාශ කරමින් ජිවත් වෙන්න හැදුවට නිතිය විසින් එය වලක්වන ලදී.
යුෂ්මතාගේ පෙර වැරදි තිබේද?
අපිට ඔබ හරි හාමුදුරුවනේ අපි අනික් කතා මැක්කෙකුට මායිම කොරන්නේ නැත. ඉන්න තැනින් නැවත වැඩ පටන් ගමු. අපේ පූර්ණ සහයෝගය ඔබවනසේටය. " අපි සිංහල" කියන කියමන අපේ ලේවල ගොස් හමාරය.
ඇත්තටම හොරු, මංකොල්ල කාරයෝ, මිනි මරුවෝ, පාර්ලිමෙන්තුවේ සහ ඉන් පිටත බොහොම හොදින් ජීවත් වෙනව. රණවිරුවන් වෙනුවෙන් කතා කිරීම වසර 19 ක සිර දඩුවමක් නියමවෙන්න සිද්දවෙලා. අර පාර්ලිමේන්තුවේ උසාවියට හොදටම අපහස කරපු කෙනාටත් මුකුත් නැහැ. උසාවි වලට ගල් ගහපු අයත් හිටිය නේද? මේ හාමුදුරුවෝ මහජන දේපල කොල්ල කල නැහැ නේද? කොමිස් ගහල නැහැ නේද? කැලේ කපල නැහැ නේද? මොකද මෙච්චර වෛරයක්.....
ස්ත්‍රී දුෂණය, කුඩු කාරයන්ට එවලේම ඇප. අනිත් අය අවුරුදු ගණන්...
අතුරලියේ රතන හිමියන් ඇතුළු තවත් හිමිවරු ලංකාවේ දේශපාලනය කළා. තවදුරටත් කරනවා. නමුත් ඔවුන් මේ විදිහට අාවේගශීලිව හැසිරෙන්නේ නැහැ. ඔවුන් මාධ්‍ය හමුවේ සහ අධිකරණය හමුවේ තම අදහස් ඉතා සංවරව ප්‍රකශ කරනවා. සංවරව හැසිරෙනවා.
අන්න හරි ගුණරත්න.., ඒ කට්ටිය ළඟදීම එයි.