‘මගේ ඔළුවට පිස්තෝලයක් තැබුවත් මම දුන් නියෝගයක් වෙනස් නොකරමි‘ යි හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (28) ප්‍රකාශ කළේය.
බොදු බල සේනා ඥානසාර හිමිට ඇප ඉල්ලමින් ඉදිරිපත් කළ මෝසම ඉවත දමමින් මහේස්ත්‍රාත් එසේ ප්‍රකාශ කළේය.
ඇප ඉල්ලීමේ මෝසමට ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් කර නැති නිසා එය සලකා බැලිය නොහැකි බව මහේස්ත්‍රාත් පැවසීය.
‘මගේ වරදක් ඇත්නම් ඉහළ නිලධාරීන්ට දන්වන්න. මෙම නඩු විභාගය මා විසින් නොකළ යුතු යැයි මා සිතනවා. මම නීතිපති උපදෙස් ද පතා තිබෙනවා. ඊළඟ නඩු වාරය වන විට එම උපදෙස් ලැබෙතියි මම සිතනවා‘ යැයි ද මහේස්ත්‍රාත් කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෝමාගම මහේස්ත්‍රාත් වැනි උතුම් නඩුකාරයන් අපේ රටේ සිටිනම් අපි හරි වාසනාවන්තයි , බලයට දේශපාලනයට අසාධාරණයට හිස නොනමන ඔබට අපේ ප්‍රණාමය (බ)
අනේ මන්ද .. මේක තනිකර තරහින් කරපු ප්‍රකාශයක් වගේ... (බ)
බොදු බල සේනාවට ලස්සනට බොදු බලය ගොඩනගන්න තිබුන .බොරු ප්‍රශ්න ඇතිකළා.දැන් වැඩක් නැහැ (බ)
ලංකා මටත් හිතෙන්නේ එහෙම තමයි (ම)
ඔය නඩුකාර උන්නාන්සේ පහුගිය ආණ්ඩුව කාලේ කොහෙද දන්නේ නැහැ හිටියේ! (බ)
හිරුණිකාට ඇප ඉල්ලුව නම් , පිස්තෝලේ කෙලින් කරගෙන ඇප දෙන්නේ මම , රට වෙනුවෙන් කැගැහුවට , මේක සිවුරක්නේ ඕයි ! ගේනවකෝ සාරියක් , නොදෙයිද බලන්න (බ)
ඇයි මේ නඩුකාරය මේ හාමුදුරුවන්ට අර ප්‍රකාශය කරන්න ඉඩ දුන්නේ ? හාමුදුරුවෝ අවසර අරගෙනයි ප්‍රකාශය කළේ කියල තමයි වාර්තා වුණේ. ඇයි බලහත්කාරයෙන් ඒ ප්‍රකාශය කළා නම් එක කරද්දීම කූඩුවට දාන්න කියල උසාවියේ රාජකාරි කළ පොලිස් නිලධාරියාට නියෝග නොකළේ? (බ)
කිසිවකු චීවරය දැරිය යුත්තේ බුදුන්ගේ ඉගැන්වීමට අනුව එය අවංක ව දරන්නට තමාට හැකියාවක් ඇතැ’යි සිතන්නේ නම් පමණෙකි. එනම් චීවරයේ ප‍්‍රමිතීන්ට නොගැළපෙන ජීවන චරිතයක් ඇති භික්‍ෂුවක් තමන්ට දායකයන් දෙන දානය වැළඳිය යුත්තේ සහලඟුරු හෙවත් ගිනියම් වූ අඟුරු ලෙස සලකායැ’යි බුදුන්වහන්සේ වදාළ තිබේ. අවිහිංසාවාදී බුදු දහමට පටහැණි ව රණවිරු ලේබලය අලවා අපරාධකාරයන් චීවරයෙන් වසන්නට තැත් දරන භික්‍ෂූන් ද තමන්ගේ දානය ගැන සිතිය යුත්තේ එලෙසිනි. මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඔබට මගේ ප්‍රණාමය (බ)
සිවුරේ ගෞරවය රකින අයට එහි ගෞරවය ලබා දිය යුතුය. මැරයන්ට සහ කලහකාරින්ට නීතිය ක්‍රියාත්මක වියයුතුය. කවර ආගමිකයන් වුවත් මෙසේ හැසිරීම සුදුසු වන්නේ නැත. එය තමන්ගේ ධර්මයට කරන අගෞරවයක් නොවන්නේද? (බ)
මම නම් හිතන්නේ ඔය වගේ ප්‍රකාශයක් කරන්න අවශ්‍යතාවක් නැහැ. සංඝයා ගැන යම් හෝ ලැදියාවක් ඇතිවන්නේ බෞද්ධයන්ට මිස අන්‍ය ආගමිකයන්ට නොවේ (බ)
සුසන්ත ලංකා මේක මහින්ද මහත්තයට කඩේ යන එකත් එක්ක පටලවගන්න එපා. (බ)
හිරුනිකා මැතිනියට විනාඩි ගානකින් ඇප දුන්නෙත් මේ රටේ නේද ? (ම)
අැයි මේ පිස්තෝල කතාවක් අරගෙන? හාමුදුරුවෝ කවදාවත් ආයුද අතට ගත්තේ නැහැ නේ? තනිකරම ද්වේශ සහගත ප්‍රකාශයක් .ප්‍රභාකරන් ඉන්න කාලේ මෙයා කොහෙද දන්නේ නැහැ හිටියේ (බ)
මේ හාමුදුරුවෝ තනිකරම දේශපාලකයෙකුගේ අතකොළුවක් (බ)
මේ හිමිවරුන්න්ට මේ විදියට තමා නීතිය ක්‍රියාත්මක කරන්ඩ ඕනා. (බ)
ඔන්න මිනිස්සු.. නිකන්ම එහෙයියෝ වගේ නෙවෙයි.. කහ පාට සළුවක් දැම්ම පමණින් හතර අතට වඳින අපේ බෞද්ධයින්ට දැන්වත් ඇස් ඇරේවා ... ධර්මපාල තුමා කිව්වේ අපේ ඇස්වලට හෙණ ගහල ද කියල.. ඇත්ත තමයි .. අන්ධ භක්තියෙන් පිළිපැදිය යුතු දහමක් නෙවෙයි බුදු දහම (බ)
"මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාමියාමි" මට අර බන්ධනාගාර රෝහල මතක්වෙලයි ගාථාවක් ලියවුණේ... (නි)
මිනිස්සු යුක්තිය ඉල්ලන්නේ නඩුකාරතුමන්ලාගෙන්, එතුමන්ලා මේවගේ ප්‍රකාශ කරපුවාම මිනිස්සු නීතිය ගැන තියෙන විශ්වාසය නැතිවෙනවා (බ)
ඉටුකර තම යුතු යුතුකම් ලැබුණත් ලෝකෙන් ගැරහුම් ...(බ)
යහ පාලනයට අවශ්‍ය අය ජයවේවා (බ)
එතකොට 1815 සුද්දගේ කොඩිය බිම දාපු හාමුදුරුවොත් මැරයෙක්ද. අමතක නොකරනු, වැටුණු සිහල ජාතිය පන ගැන්වුවේ මැර හාමුදුරු වහන්සේ නමක් මැයි(බ)
ඇත්තටම ඥානසාර හිමියන්ගේ ප්‍රශ්නය කෙරෙහි කිසිම දේශපාලනික, ආගමික, එක පාර්ශ්වික, ද්වේශ සහගත කෝණයකින් නොබැලිය යුතුය. මෙතන තියෙන ප්‍රශ්නය උන් වහන්සේ සත්‍ය කතා කළ ද එය කීමට අවශ්‍ය තැන සහ වෙලාව පිලිබඳ නොසිතීමයි. සත්‍ය වුවද කිව යුත්තේ එය කීමට සුදුසු තැනකය. මෙහෙස්ත්‍රාත් නීතියට අනුව කටයුතු කොට ඇත. නමුත් ඥානසාර හිමියන් හිරේ දැමු පමණින් උන් වහන්සේට දොස් කීම වැරදිය. රටේ ජනතාව නියෝජනය කරන මුන් වහන්සේ හිරේ තබා මේ දෙන වැරදි ආදර්ශය තව කොපමණ කාලයකට ද? අපේ මිනිසුන් ඉවසන සීමාවක් ඇති බව කවුරුත් මතක තබා ගත්තොත් හොදය (බ)
එ්ත් හොඳ තින්දුවක්. කාටත් නීතිය ක්‍රියාත්මක විය යුතුයි. මහේස්ත්‍රාත් තුමාට මගේ ප්‍රණාමය. මම හිතන්නේ මේවට උසිගන්නපු අයටද නිතිය ක්‍රියාවේ යෙදවිය යුතුයි (බ)
සුසන්ත, දැන් හාමුදුරුවරුත් තරහෙන් වැඩ කරන්නේ. ඉතින් කොහොමද ධර්මයක් බලාපොරොත්තු වෙන්නේ (බ)
ලෝකෙම පිලිගත් නිර්මල අවිහිංසක බුදුදහම විනාශ කරමින් සාසනේ කන භික්ෂුන්ට හුරේ දාන අපේ ඇත්තෝ දැක්කම ලැජ්ජාවේ බෑ (බ)
මට තියන ප්‍රශ්නය ඇයි මේ හාමුදුරුවෝ එදා උසාවියට ගියේ? රණවිරුවන් වෙනුවෙන්නම් තව කොච්චර රණවිරුවන් ගණනකට නඩු තියනවද? හිරේ ඉන්නවද? ඇයි මේ අය වෙනුවනුත් පෙනී නොසිටින්නේ? මොකක් හෝ ප්‍රශ්නයක් තියනවා. අඩු ගානේ ඇඹිලිපිටිය රාළහාමිලා වෙනුවෙන්වත් පෙනී සිටින්න. රණවිරුවන් කියන්නේ ත්‍රිවිද හමුදාව සහ පොලිසිය. (බ)
සේන, මිනිස්සු ධර්මය ඉල්ලන්නේ හාමුදුරුවරුන්ගෙන්. එතුමන්ලා මේවගේ වැඩ කරනකොට මිනිස්සුන්ගේ ධර්මය ගැන තියන පැහැදීම නැති වෙනවා (බ)
මහේස්ත්‍රාත්තුමා ගැන සතුටුයි (නි)
චීවරයේ බලය පෙන්වා අවිචාරවත් අසංවර අසොභන හැසිරීම් පෙන්වා සම්බුදු සසුන කෙලසන භික්ෂු ප්‍රතිරුපකයන්ට හොදම පාඩමක්...සැබෑ බොදුනුවන්ට මහත් කළ කිරීමක් මෙවැනි භික්ෂුන් නිසා ඇති වන්නේ...විනිසුරු තුමනි ඔබේ ප්‍රකාශයෙන් කියවෙන්නේ ඔබ ඉදිරියේ ඕනිම බලවතෙකුට නීතියෙන් ගැලවිය නොහැකි බවයි....(බ)
ප්‍රංශේ, පැරිස් නුවර (බ)
ප්‍රකාශය සහ යුක්තිය පරස්පරවේ,,,,(බ)
හැමෝම දැන් නඩුකාර හමුරුවන්ගේ හොඳ කියනවා,,,එතකොට හිරුනිකාට කොහොමද ඉක්මනට අැප ලැබුනේ (බ)
සංජීව, 'ඇස් ගෙඩි වලට හෙන ගැහිලද සිහලුන්නේ' කියල කිව්වේ මේ රටේ සුද්දන්ගේ පාලනයට විරුද්ධව නැගී සිටින්නේ නැතිව සිංහලයෝ නිදි වැඩ සිටින එකට එරෙහිව, සිංහලයකු නොවුණු ටිබෙට් ජාතික එස්.මහින්ද හිමි. (බ)
දොන් කියන්න ඕන එක නියමෙට කියල (බ)
ගරුසරු ඇතුව ඉස්සර කිවුවේ නඩුකාර උන්නාන්සේ කියල. දැන් නඩු කාරයා කියන්නෙත් මනුස්සයෙක්, නැත්නම් මහාධිකරණේ නඩුකාරයා ගෙදර හිටපු වැඩකාරිට ලිංගික අතවර කළා කියලත් නඩුවක් තියෙන්නේ. එ්ක නිසා තමයි මේ නඩු කාරයා පිස්තෝල කතාවක් අරගෙන දගලන්නේ. දොන් කියන කතාව හරියට හරි සාරියක් ඇදගෙන ආවනම් වැඩේ විනාඩි පහයි. (බ)
නිකන් ලොකු කතා ඕනේ නැහැනේ! (බ)
හොරාගේ අම්මගෙන් පේන අහල වැඩක් වෙයිද? (බ)
නීතිය කාටත් එකයි.(හේ)
අනේ අපොයි.(හේ)
පිස්සෝ ලොකු තැන් වලට ගියාම ඔහොම කතා කියවනවා..(කෞ)
අපරාදේ කියන්න බැහැ (හේ)
නිවැරැදි තීන්දුවක්, නීති කමටත් සමාන විය යුතුයි.(හේ)
අපිට අවශ්‍ය ඔබ වැනි වීර පුතුන්! චිරන් ජයතු උතුමාණෙනි!(කෞ)
වරදක් කරානම් දඩුවම් විදිය යුතුයි.(හේ)
මෙන්න නියම මහත්තුරු. මහත්තුරු සහ රූකඩ වල වෙනස හොදට දැකගන්න පුළුවන්. (බ)
ඔබතුමා නීතිය හරියට ක්‍රියාත්මක කරා.(හේ)
නීතිය සාධාරණව ඉටු කිරීමට කැපවී සිටින මහේස්ත්‍රාත්වරයෙක් වන ඔබතුමාට අපේ ආචාරය ! කොහොම වුනත් උසාවිය තුලදී නොවුවත් පිටදී හෝ සමහර විට එතුමාගේ ඔළුවට පිස්තෝලයක් හැරෙන්නත් පුළුවන්. ඔය කියන "හාමුදුරුවන්" සතුව පිස්තෝලයක් නැද්ද ? (බ)
සංජීව, ඔයාට වැරදිලා. 'ඇස් ගෙඩි වලට හෙන ගැහිලද සිහලුන්නේ' කියල කිව්වේ ටිබෙට් ජාතික එස්.මහින්ද හිමි. සිංහලයෝ සුද්දන්ට විරුද්ධව නැගී සිටින්නේ නැතිව ඉන්න කොට. (බ)
නියම තීන්දුවක් නීතිය කාටත් පොදුය (බ)
කාටත් සමානව සලකනව නම් හොඳයි. හාමුදුරුවො වැරදී වෙන්න පුලුවන්, ඒත් බදියුර්දීන් ඇමතිතුමාට එක විදියක්, හිරුනිකා මන්ත්‍රීට එක විදිය නේ ද? (බ)
කළු සුද්දෙක්ද ?.(බ)
හිරුනිකාට එහෙම හිමිනමට මෙහෙම!!! (බ)
මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඔබට අපගේ ප්‍රණාමය ඔබේ එඩිතර හා අවංකකම සැමට ආදර්ශයක් (බ)
තීන්දුව දීපු කෙනා යුද්දේ කාලේ පුටුව අස්සෙද සිටියේ !!දේශපාලන අතකොලුවක් (බ)
රනිල්ගේ ජුන්ටාවේ කෙනෙක් වගේ. (බ)
රාජ්‍ය නිලධාරියෙක් ලෙස ගරු, මහේස්ත්‍රාත් තුමා අධිකරණයට මෙන්ම මේ රටේ නීතිගරුක, යුක්තිගරුක, විනයගරුක ජනතාවටත් ගරු කරමින් නිවැරදි තීන්දුවක් දී තිබෙනවා. ඔබ තුමාට අපගේ ගෞරවනීය ආචාරය!!!! (බ)
ඉස්සරත් හිටිය සෝමාරාම බුද්ධරක්ඛිත කියල හිමිවරුන් (බ)
දැන් නඩුකාරයෝත් තරහින් වැඩ කරන්නේ ඉතින් කොහොමද සාධාරණයක් බලාපොරොත්තු වෙන්නේ (බ)