උසාවියට අපහස කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටින බොදු බල සේනාවේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (09) හෝමාගම උසාවියට රැගෙන ඒමට නියමිතය.
උසාවිය අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති අතර උසාවියට පිවිසෙන ප්‍රධාන මාර්ග 2ක් වසා ඇත. අතුරු මාර්ගවලද ආරක්ෂාව තර කර ඇත. නඩු කටයුත්තකට හැර කිසිවෙකුට උසාවි භූමියට ඇතුළු වීමට නොහැක.
ජල ප්‍රහාරක රථ, කැරලි මර්දන රථ ද රඳවා ඇත.
උසාවියට අපහාස වන සේ උසාවි භූමියේ හැසිරුණු බව කියන සිව්දෙනකු හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා අධිකරණ භූමියට රැගෙන එනු ලැබ සිටිති.
ගලගොඩ අත්තේ ඥානසාර හිමි අද පස්වරු 1 ට බන්ධනාගාර රියෙන් හෝමාගම උසාවියට ගෙන එනු ලැබීය.
ඡායාරූප - ලහිරු හර්ෂණ
ඡායාරූප - බුද්ධික කුමාරසිරි
වීඩියෝ - ලහිරු හර්ෂණ



![image-02d0a6bdea77d713edee67072c52ede8e3d0b98b47ea08ba7b5e4524b3cbdadf-V[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/image-02d0a6bdea77d713edee67072c52ede8e3d0b98b47ea08ba7b5e4524b3cbdadf-V1.jpg)
![image-7e194b13a66ec4341fabd47313e0fe4fdc1ef9d4924fc6301f05a8b1dc5868bf-V[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/image-7e194b13a66ec4341fabd47313e0fe4fdc1ef9d4924fc6301f05a8b1dc5868bf-V1.jpg)
![image-48e073886e5f7bd01d76af103d132dfddb99602842b62e667cc1e8b71c59c1e6-V[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/image-48e073886e5f7bd01d76af103d132dfddb99602842b62e667cc1e8b71c59c1e6-V1.jpg)
![image-113da78b94c25036c33fff60e8dbbea650db793e7cc6598a52dbff6f3bd3792f-V[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/image-113da78b94c25036c33fff60e8dbbea650db793e7cc6598a52dbff6f3bd3792f-V1.jpg)
![image-781601fc58e51c1585973558b5079e1285106224fbc6aec1663504a0707075c0-V[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/image-781601fc58e51c1585973558b5079e1285106224fbc6aec1663504a0707075c0-V1.jpg)
![image-c6f89d0de5694697726a54b9a68f898aeef51640c65296d5e5fc31d18e025812-V[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/image-c6f89d0de5694697726a54b9a68f898aeef51640c65296d5e5fc31d18e025812-V1.jpg)
![image-c974745a6e35e13dfe502a2d56aa730d9960101bb6f3b3f0f31e24e480e76703-V[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/image-c974745a6e35e13dfe502a2d56aa730d9960101bb6f3b3f0f31e24e480e76703-V1.jpg)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපුල්ගේ කතාව අගය කරමි (නි)
අධීකරණයට ගරු කල යුතුය. නමුත් ඉන්න මුදල් ඇමතිට විනිමය වංචා නඩුවක් තිබුනා අවුරුදු 9 ක් තිස්සේ එම නඩුව තිබුනා මෙම ආණ්ඩුව පත් වෙලා දින 100 ඇතුලත සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරලා තීන්දුව දීපු කෙනා පහුවදාම විස්රාමත් ගියා.(කෞ)
අද බොහොම සංවරශීලි වගේ. .. (ර)
පාලිත ,බෞද්ධයින් වෙනුවෙන් පෙනී සිටිනවා කියන්නේ ගරු කටයුතු උසාවියට ගිහින් පිස්සෙක් වගේ කෑ මොර දෙන එක නෙවෙයි .(කෞ)
මේ රටේ සිංහල බෞද්ධයාට හිමි තැනට අප සියලු දෙනා ගරු කළයුතුයි නේද? (බ)
මේවා බොරු දැගලිලි විතරයි මීට වඩා කොච්චර අසාධාරණයන් වුනාද මේ රටේ...මේගොල්ලන්ට නැගී හිටින්න ඒකාලේ මේගොල්ලෝ හිටියේ ගොළුවෝ කසාය බිව්වා වගේ (බ)
දැන් නම් ටිකක් හීලා වෙලා වගේ (කෞ)
හොදා හොදා (බ)
තව දැගලුවොත් මාස හයක් ඇතුලට යවන්න තියෙන්නේ (බ)
හාමුදුරුවනේ කතාවක් තියෙනවා නේද කට නිසයි මාළුවත් නැහෙන්නේ කියල (බ)
හිරේ රාත්‍රියේ කෑම දෙන්නෙත් නැනේ (බ)
ඉස්සර ඥානසාර හිමිගේ ආරකෂාවට කියල හිටියේ ජනාධිපති ආරක්ෂක අංශයෙන්.මොන හේතුවකටද? (බ)
ඥානසාර හිමි පෙනීසිටියේ කුමන අරමුණු වෙනුවෙන්ද කියන එක මුලු රටම දන්නවා (නි)
ධනයට බලයට සියල්ල කණපිට පෙරළෙන ලෝකයක් (නි)
සුනිල් ජාතිවාදී අදහස් වලින් කුණු වූ මොලය උඩ හිඳගෙනද අදහස් පල කලේ ?(කෞ)
සංඝයා වහන්සේට අගෞරව කරන, මහා උගතුන් කියල හිතන කට්ටිය ගොඩකට හැමදාම එක වගේ සිටීමට නොහැක . බුද්ධ ධර්මය අනුව කර්මය කියල දෙයක් ඇත (ම)
චන්දනගේ ප්‍රතාචාරය මෙතෙන තියන අනිත් සියලුම ප්‍රතාචාරවලටත් වඩා වටිනා නිවැරදි ප්‍රතිචාරයයි. (අ)
උපාලි මහත්තයෝ, ඔය කොහොමද දන්නේ මුන්වහන්සේ හරිද වැරදිද කියල? ඔයා අධිකරනේද? මුස්ලිම් ජාතිවාදයට විරුද්ද වෙනකොට හොඳයි,දැන් වැරදියි. (බ)
හලෝ උපාලි, එතකොට සුද්දන්ගේ ක්‍රියාකලාපෙට විරුද්ධ වෙන එක හරි, රට පාවාදෙන කල්ලන්ගේ ක්‍රියාකලාපෙට විරුද්ධ වෙන එක වැරදිද? (කෞ)
ඔබ වහන්සේ අප රට ජාතිය වෙනුවෙන් පෙනී සිටීම කතා කිරීම ගැන අපහට ඇත්තේ ඉතාමත් ගෞරවයකි අසංක ඔබේ අදහස නිවැරදියි මෙහි අදහස් දාන සමහර කාඩ්බෝඩ් වීරයන් පෙනී සිටින්නේ තම පක්ෂය වෙනුවෙන් මිසක් රටවෙනුවෙන් නොවෙයි. (ර)
මෙහි කමෙන්ට්ස් දාලා තියෙන සමහර අයගේ කමෙන්ට්ස් දැක්කහම හිතෙනවා මෙයාලා සිංහල,බෞද්දධ කියලා.ජාති ජිවත් මෙවන් කුහක මිනිසුන් අතර ජීවත් නොවෙන්නට ප්‍රර්ථනා කරමි !!(කෞ)
සමහරුන්ට නම් මේවා හොඳ ඇති. හැබැයි අපි මේවට විරුද්ධයි (නි)
බුද්ධ ශාසනය විනාශ කරන, අන්‍යාගමිකයන් ඉදිරියේ බුදු දහම හෑල්ලු කරන සංවිධාන වහා තහනම් කරන්න පියවර ගතයුතුයි. කිසිම විනයක් නැහැ. චාරයක් නැහැ. කොසොල් රජුගේ සිහින සැබෑවීගෙන එනවා වගේ දැනෙනවා (නි)
සිංහ සෙයියාවෙන් ගිරිය පුප්පාගෙන බෙරිහන්දීමත්, රාජ්‍ය බලය ඇති සමයක බාහු බලයෙන් ජාතික වීරයකු ලෙස සෙල්ලම් පෙන්නීමත් සැබෑ ලෙසම අප පවසන්නට පුරුදුව ඉන්නා පරිදි ‘සිංහයකු සේ හැසිරීමත්’ අතර ඇත්තේ ආලෝක වර්ෂ ගණනාවක දුරක් බව අවසානයේ ගලගොඩඅත්තේ ඥානසාර උන්නාන්සේ පෙන්වාදී ඇත්තේ අත්තෙන් අත්තට පනින කුරුල්ලා චොහොර කුරුල්ලකු බවට පත්වේය යන අපේ ගැමිවහර යළි සිහිපත් කරමිනි. (නි)
අවසානයේ ගලගොඩඅත්තේ හිමිගේ නාටකයට නියම තැන පෙන්වාදීම සහ නීතියේ සහ අධිකරණයේ ගෞරවය යළි ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් අප සියල්ලන්ගේම ගෞරවය සහ ප‍්‍රණාමය හෝමාගම මහේස්ත‍්‍රාත්වරයාට පුද කළයුතුය. සිවුරක් ඇඟලාගත් සැණින් තමන්ට කවර අත්තනෝමතික ක‍්‍රියාවක් වුව කළ හැකි යැයි සිතා සිටින කවර ජගතකුට වුව නීතියේ ආධිපත්‍යය කියා දෙයක් ඇති බව පෙන්වාදීම මේ සිද්ධියෙන් රට ලද හොඳම පාඩමයි. (නි)
පළවෙනි ෆොටෝ එක දැක්කහම ගොඩක් දේවල් හිතාගන්න පුළුවන්. ඒවා කීමට නොහැකි නිසා නොලියමි (නි)
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා අපේ හාමුදුරුවනේ, මොනවා කරන්නද අහිංසක අපි හාමුදුරුවනේ , නීති විද්‍යාලේ විභාග වලින් අසාධාරණ වෙනකොට ඒවෙනුවෙන් හඩක් නැගුවේ ඔබවහන්සේ (ම)
අද සමහර චිවරධාරින්ගේ හැසිරීම සන්ගයාවහන්සේලට පමණක් නොවෙයි බෞද්ධ අපටත් අපහාසයක්. (ර)
ගලගොඩඅත්තේ හිමි පෙනී සිටියේ බෞද්ධයන් වෙනුවෙනි. (ර)
රට ,දැය, ආගම , අනතුරට වැටෙන වෙලාවල් වල ඒ වෙනුවෙන් පෙනීසිටින අභීත හිමිවරුනුත් අපට ඕනේ , එහෙත් චීවරයේ ගරුත්වය කෙලසගෙන කරන වීරකම් අපට වැඩක් නැහැ ඒ බව තේරුම් ගන්න මෙය අවස්තාවක් කර ගන්න පින්වත් හිමියනි. (ර)
හාමුදුරුවෝ කතා කලේ රණවිරුවන් වෙනුවෙන් නේද .ඇයි මේ තරම් හාමුදුරුවන්ට ගැරහිලි . (ර)
ගරු අධිකරණයට අපහස කිරීම ඒ තුළ හෝ අවට අවිනීතව හැසිරීම කවුරු කළත් වැරද්දක්. මේවා දැන්වත් නිවැරදි විය යුතු. (හේ)
හිමි පෙනී සිටියේ බෞද්ධ යන් වෙනුවෙනි.. හිතන්න පුරුදු වෙන්න. .! (ර)
අපේ රට කෑවා. හොදට තිබුණ රට. බලය ගෙන පළිගන්නවා විතරයි (නි)
මේ නීතිය සැමට පොදුවේ ක්‍රියාත්මත කරන්න (නි)
ගලගොඩඅත්තේ හිමි පෙනී සිටියේ බෞද්ධ යන් වෙනුවෙනි. (ර)
ගරු අධිකරණයට අපහස කිරීම ඒ තුළ හෝ අවට අවිනීතව හැසිරීම කවුරු කළත් වැරදක්. (ර)
මොනා කියන්නද මේ ගැන. (ර)
සුනිල් ඔබ හරි. (ර)
මෙතන අදහස් දල තියෙන බොහොම අයවලුන්ගැන හරිම කණගාටුයි. මේ වගේ හාමුදුරුවෝ තව තව බිහිවේවා.! (ර)
අපේ රටේ නිතිය වල්වැදි ඇත උසවියට ගල් ගසා විනිසුරුට තර්ජනය කළ වුන් අද ඇමති පුටුවලය. උසාවියේ අෑනුමක් ගිය පාපෙට අනිවාර්‍ය මාස අටක සිර බත් කන්නට සිදු විය. රත්තරන් බඩු කඩා මරන තර්ජන කළ උන් මාස 3 ඇග බැද නිදැල්ලේය. ලංකාවේ ගාතනය වු එකම මාධ්‍යවේදියා ගැන ත්‍රස්ත සංවිධානයට උදවු දුන් බවට ඔහුගේම බිරිද ගේ ප්‍රකශ වලින් පෙනෙන්නට තිබේ. එ් ගැන වගේ වගක් නැත රණවිරුවකු වෙනුවෙන් හඩ නැගු ස්වාමින් වහන්සේලාට ඇප නැත හැබැයි පොත්ත සුදු සාරියට ඇප ඇත. (බ)
බෞද්ධ හමුදුරුවන්ට ගරු කල යුතුයි. (ර)
චන්දන - ඕස්ට්‍රේලියා, කට නිසා නහින්න වෙන්නේ ඔබ වගේ අයට. අද කාලේ කට නැතිවුණොත් නහින්න වෙන්නේ සිංහල බෞද්ධයාට. (නි)
ඔය වගේ හාමුදුරුවරු නොසිටින්න අපි කොතැනද දන්නෙ නැහැ (නි)
වින්සන්ට්, කෙටියෙන් කියනවා නම් ඔබ පුංචි කාලේ තිබුන රට නොවෙයි දැන් තිබෙන්නේ. (නි)
ජාතිය වෙනයි නිතිය වෙනයි (ම)
වින්සන්ට්, දැන් මෙවැනි හාමුදුරුවරුන් දහස් ගණනින් උවමනා කාලය ඇවිදින්. (නි)
උපාලි මහත්තයෝ එතකොට හලාල් නැවැත්තුවේ ඔහේගේ අප්පොච්චිද? (බ)
සිංහල බෞද්ධයාට සුද්දන්ගේ අවනිතියට විරුද්ද විමේ අයිතියක් ඇත . අවාසනාවකට සුද්දන්ගේ නිතියට අධිකරණය යටවීය. (ම)
ගලගොඩඅත්තේ හිමි පෙනී සිටියේ බෞද්ධ යන් වෙනුවෙනි. (ම)
අපේ රටේ හරි නම සිංහලේ සැමෝම දැන ගත යුතුයි (ම)
සිංහල අපිට අනාගතයේදී අබසරණයි! (නි)
බෞද්ධ අපි වෙනුවෙන් ඉන්නේ හාමුදුරුවෝ පමණයි (නි)
අතුකෝරාල , මෙහිදී නානසාර හිමි පෙනී සිටියේ බෞද්දයන් වෙනුවෙන් නොවේ , අබීත රණ විරුවෝ වෙනුවෙන්. (ර)
හාමුදුරුවෝ මේ දුක් විඳින්නේ අපි වෙනුවෙන් (නි)
අපි බොන වතුර බෝතලේටත් හලාල් ගහගෙන ආ බලවේග නැවැත්තුවේ කවුද කියලා මේ කාටවත් දැන් මතක නැහැ. හිමියනි, ඔබ වහන්සේ ජාතික වීරයෙකි. (නි)
වින්සන්ට් මහත්තයෝ, ඔහේ කියන එක හරි නම්, එතකොට වාරියපොළ සුමංගල හාමුදුරුවෝ, කුඩාපොළ හාමුදුරුවෝ ජාතික වීරයෝ වුණේ කොහොමද? (නි)
හාමුදුරුවන්ට සිදුවූ දේ ගැන අපිට දුකයි (නි)
කයිවාරු කියවන තිලක්-ඩුබායිලා වගේ අය වැජබෙනවා, දිවි පරදුවට තබා නිදහස රැක දුන් නායකයන් යට යනවා.(කෞ)
ගුණවර්ධන ඇමතිල උසාවියට ගල් ගහනකොට කොහෙද හිටියේ(කෞ)
රෙක්ස් මහතාණෙනි, හොඳ ප්‍රශ්නයක්. සුමංගල හාමුදුරුවෝ, කුඩාපොළ හාමුදුරුවෝ ජාතික වීරයන් වුණේ උන්වහන්සේලා සැබෑවටම ජාතිය වෙනුවෙන් සටන් කළ නිසා. සුද්දන්ට විරුද්ධව රට බේරාගන්න උන්වහන්සේලා ක්‍රියාකළ නිසා. ඒ ක්‍රියාකලාපයයි, මේ හාමුදුරුවන්ගේ හැසිරීමයි අහසට පොළව වගේ. (නි)
චන්දන, කට හින්ද මාළුවා නහින්නේ. (ර)
අපි පුංචි කාලේ සිටම භික්ෂුන් වහන්සේ නමකට ඇත්තේ මහත් ගෞරවයකි. අද සමහර භික්ෂුන්ගේ හැසිරීම දකින විට එම ගෞරවය තවදුරටත් පවතීද යන්න සැක සහිතය. අපේ දරුවන් භික්ෂුවක් දකින විට මැරයෙක් දකින තත්ත්වයක් ඇති නොවිය යුතුය. ආගමක් හෝ ජාතියක් රැක ගැනීමට අපි මැරබලයක් හෝ නීති විරෝධිව හෝ කටයුතු කරන්නේනම් ප්‍රභාකරන්ද නිවරදිකරුවෙක් වියහැකිය. (කෞ)
හාමුදුරුවනේ, මින්පස්සේ මොනවා වුණත් ඇහැ කණ පියාගෙන ඉන්න (නි)
අද බොහෝ දුරට ඇප ලැබෙයි වගේ.(හේ)
වෙනත් ආගමිකයන් වූ අපිට හාමුදුරුවරුන්ගේ අගය ඉතා හොඳින් වැටහෙනවා. බහුතරයක් වූ සිංහල ජාතියත්, බුද්ධාගමත් පළමුව ආරක්ෂා වියයුතුයි. ඒ තුළින් විතරයි අනෙකුත් ආගම් සහ ජාතින් ආරක්ෂා වී ඔවුන්ගේත් අයිතිවාසිකම් රැකෙන්නේ. නැත්නම් නූල ගැලවුණු සරුංගලයක් වගේ වෙයි (නි)
තේජස් කඩුවක් ළඟ තියාගෙන පාන් කපනවා වගේ වැඩක් තමයි කරන්නේ. ඇත්තටම පාන් නම් කපන්න ඕනෑ කඩුව පැත්තකින් තියලා පොඩි පිහියක් ගන්න ඕනෑ. කඩුවකින් පාන් කපන එක කඩුවට කරන අපහාසයක්. තේරෙන අය තේරුම් ගනිත්වා! (නි)
සිංහල බෞද්ධ මිනිසුන් වෙනුවෙනුයි මේ හාමුදුරුවෝ පෙනී සිටියේ. අන් කවර ජාතියක අය මොනවා කිව්වත් හාමුදුරුවන්ට ගරහන එක නවත්වන්න. මහා පාපකර්මයක් කරගන්නේ නිකරුනේ (නි)
ගොඩක් අය හිතාගෙන ඉන්නේ ගිරිය පුප්පගෙන කෑගහලා පාරවල් ගානේ කාලගෝට්ටි කරපුහම කියලා....(හේ)
බුදු දහමෙන් කියන්නේ සිත හදන වැඩපිළිවෙල මිසක් සටන් කරන ක්‍රමයක් නොවේ. සටන් කරන්නනම් ගිහියාටත් පුළුවනි. (ර)
අපේ අයගේ කමෙන්ට් කියවපුවහම් පිස්සු හැදෙනවා, දැන් මානව හිමිකන් ගැන සිංහයෝ වගේ කෑ ගහනවා, හැබැයි යුද්ධේ කාලේ... (ර)
ලෝකය තුල බිහි වූ සියලුම පෙරලිකාර චරිත හිරේ ඉදල එලියට පැමිණි පුද්ගලයන් (රේ)
හමුදුරුවනේ මට නම් දුකක් දැනෙනවා , ඔබවහන්සේ ගේ අරමුණ හොඳ උනාට අරමුණ ලග කර ගන්න ගනිපු මාර්ගය නිවැරදි නැහැ .කොච්චර වුනත් ඔබ අපට සම්පතක් .සදු සාදු සාදු (රේ)
සමහරුන්ට නම් මේවා හොඳ ඇති. හැබැයි අපි මේවට විරුද්ධයි (ම)
හදවතින් හිතල කොමෙන්ට්ස් දාන අය වැඩි. ඔලුවෙන් හිතන්න පුරුදු වෙන්න. (රේ)