ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් තවදුරටත් බුද්ධරක්ඛිත, සෝමාරාම පරපුරට අයත් නොවන බව රටේ ජනතාව දැනගත යුතු යැයිද උන්වහන්සේ එදා ගියේ යුක්තිය ඉල්ලා කෑ ගැසීමට යැයිද උන්වහන්සේට වැටහුණේ එපමණක් යැයිද හිටපු මන්ත්‍රී හා ශාන්ති පදනමේ නිර්මාතෘ කොටපොල අමරකිත්ති හිමියෝ කියති.
රනිල් වික්‍රමසිංහ අගමැති බුද්ධරක්ඛිත හා සෝමාරාමලා ගැන පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය අනුමත නොකරන බවත් ඒ හිමියෝ කියති. රටට අපකීර්තියක් ගෙන දුන් බුද්ධරක්ඛිත හා සෝමාරාමලාගේ පරපුරේ කෙනකු ලෙස ඥානසාර හිමියන් සැලකිය නොහැකි බවත් ඒ හිමියෝ කියති.
‘දෑ හිතකාමී වේදනාවෙන් කෑ ගසන කෙනකුත් රටේ අගමැතිවරයා ඝාතනය කළ කෙනෙකුත් අතර ඇත්තේ අහසට පොළව මෙන් මහා පරතරයකි. එහෙත් අපේ අගමැතිතුමා මේ දෙක පටලවාගෙන ඇත‘ යැයිද උන්වහන්සේ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තල්දුවේ සෝමාරාම ඥානසාර හිමි ට වඩා දහස් ගුණයක් හොඳය , ඥානසාර හිමි කරන්නේ විදේශ කොන්ත්‍රාත්තුවක් බව වැටහෙන විට සියල්ල සිදුවී හමාරය (බ)
රටක ඉතිහාසය නොදන්නා ටයි කෝට් අදින බටහිර මානසිකත්වයෙන් හැමදේම දකින හිතන අගමැතිතුමාට මේවා ගැන තේරුමක් නෑ.සමහර විට හෙට අනිද්දා වෙන කොට ප්‍රභාකරන් හා දුටුගැමුණු රජ්ජුරුවෝ සමාන කරලා කතා කළත් පුදුම වෙන්ඩ දෙයක් නැහැ. (ම)
අද අපේ රටේ සිංහලයා ගැන කතා කිරීම අපරාධයක් වෙලා. (බ)
නිල්මිණි, දන්නා දෙයක් කතාකරන්න. (නි)
ඥානසාර හිමි වැන්නවුන් අපේ රටට තවත් අවශ්‍යයි (නි)
ඒ කියන්නේ ධර්ගා ටවුමේ ජීවිත තුනක් නැතිවෙන්න හේතු පාදක වූ විෂ බීජය පතුරපු ඥානසාර හිමියෝ ජාතික වීරයෙක්. (ම)
කොටපොල හාමුදුරුවෝ කියන දේ හරි. ගලබඩඅත්තේ හාමුදුරුවන්ට සිංහල ජාතිය ගැන කැක්කුමක් තියෙන එකත් හරි එහෙමයි. කියල අාවේගවලට මුල දීල වැඩ කළාම වෙන්නේ. එකේ අනිත් එක. (බ)
ප්‍රගීත්ගේ නෝනාට උසාවියෙදි කෑගහපු එක අපි නම් අනුමත කරන්නේ නැහැ (නි)
එතකොට මේ හාමුදුරුවො සන්ධ්‍යා නෝනාට බැන්න එක හරිද? (නි)
රනිල් අගමැතිතුමා අද පාර්ලිමේන්තුවෙදි හොඳ කතාවක් කළා. හරියටම හරි. (නි)
තව කොච්චර රණවිරුවන්ට නඩු තියනවද? ඒ අය වෙනුවෙන් පෙනී නොසිටින්නේ ඇයි? දේවදත්ත පරපුරේද? (බ)
අගමැතිතුමනි, ඔබේ බාප්පා ඇන්ග්ලිකන් බිෂොප් තුමෙකු වුනු ලක්ෂ්මන් වික්‍රමසිංහ බවත් ඔබ 1984 පවා ඇදහුවේ ක්‍රිස්තියානි ආගම බවත් එළිකරන්න. ඔබේ ආගමට අපේ විරෝධයක් නැහැ නමුත් ඔබේ බොරුවට අපි විරුද්ධයි (බ)
බලලෝබයට තමාගේ ආගම අත්හැර බුද්ධාගම වැළඳගෙන බුද්ධාගමට කරන විනාශය වැටහෙන්නේ නැද්ද? (බ)
අනගාරික ධර්මපාල තුමාටත් ලංකාව එපා කෙරෙව්වේ කව්ද කියල දන්නෝ දනී. (බ)
වැඩිය අනවශ්‍ය කතා ඕන නැහැ. ඔය ඥානසාර හාමුදුරුවෝ, ඔය ඇඳගෙන ඉන්න සිවුර ගලවලා සාමාන්‍ය මනුෂයෙක් විදිහට ඡන්දෙ ඉල්ලුවා නම්, ලාංකික දේශපාලන බිමට හොඳින් ගැලපෙන නිසා බෞද්ධයෙක් විදිහට මගේ ඡන්දෙත් දෙනවා. ඒ ගැන ගැටළුවක් නැහැ. සිවුරකුත් ඇඳගෙන සංඝ පරපුරටත්, බෞද්ධ සමාජයටත්, සමස්ත ශ්‍රී ලාංකික පුරවැසියන්ටත් කරන අපහාසය හා අාදර්ශය නම්, මෙතන ලියන්න වචන නැහැ. (බ)
සැබෑ භික්ෂුවකට ජාතියක් එක් කුලයක් කණ්ඩායමක් වෙනුවෙන් පෙනී ඉන්න බැහැ. එහෙම වුනානම් බුදුදහම ඉන්දියාවට හා ශාක්‍ය වංශයට පමණක් සිමාවෙනවා...හාමුදුරුවනේ කවුරු කළත් වැරැද්ද වැරද්දමයි..සුද හුණු ගාන්න යන්න එපා...භික්ෂුවගේ ගරුත්වය පාර්ලිමේන්තුවට යෑමෙන් තවත් හෑල්ලු වුණා...ඔබ වහන්සේලාත් මේවට වග කියන්න ඕනි....(බ)
මෙතන සිංහල නම් වලින් වෙනත් ආගමික අන්තවාදීන් පිරිසක් සංඝයාවහන්සේලට මඩ ගසනවා. මේ පව්කාරයින්ට වෙනම අපායක් ඇත. (බ)
ගලගොඩ අත්තෙ හාමුදුරුවෝ බුද්ධාගමේද? (බ)
භද්‍රානි, ඔබ හරියට හරි. නොර්වේ කොන්ත්‍රාත්තුව ගැන දන්නෝ දනිති. මේ ඥානසාර විතරක් නෙමෙයි එ්කට සම්බන්ධ, තවත් අය ඉන්නවා. එ්ක බෞද්ධ ආගම ව්නාශ කිරීමට කළ විශාල කුමන්ත්‍රණයක්.ඥානසාරලා තමයි එ්කේ දේශීය නියෝජිතයෝ. (බ)
හරි හැටි ඇත්ත නොදැන ඥාණසාර හිමියන්ට දොස් නගන ඇත්තො උන් වහස්සේගේ මෑත අතීතයේ ක්‍රියා කලාපය ගැන දැන ගත්තොත් උන් වහන්සෙ ජාතික වීරයෙක් ලෙස සළකාවි. (බ)
බුද්ධරක්ඛිතල සෝමාරාමල මැරුවේ මිසිස්සුන්ව, මෙයා මරන්නේ බුදු දහම. ඒක නිසා මෙයා දේවදත්ත පරපුරේ කෙනෙක් වෙන්න ඕන. අනික දෑ හිතකාමී බව තිබුනට බුදුදහමට සහ සාසනයට හිතකාමී බවක් නැති එකයි වරද? (බ)
මාධ්‍යවේදියෙකු මරාදැමූ හමුදාවේ අය වෙනුවෙන් කතාකිරීම සිංහල ජාතිය වෙනුවෙන් කතාකිරීමක් වෙන්නේ කොහොමද? (බ)
ලෝකයේ දියුණු රටවල නීතිය සැමටම එකයි..උසාවියට අපහාස කරන්න කිසිම කෙනෙකුට අයිතියක් නැහැ.හෙට දිනයෙදි සියලුම බෞද්ධ ජනතාව සිවුරක් පොරවගෙන නීතිය අතට ගත්තොත් රටට වෙන්නේ කුමක්ද? අඩුම තරමේ මේ මිනිස්සු සිවුරේ තියන වටිනකමවත් දන්නවද මන්දා...(බ)
ඥානසාර හිමි කරපු දේ වැරදියි (හේ)
අපේ උන්ට අපිව අමතක උන කාලයක් හාමුදුරුවනේ. මේක තමා අපේ උන්ගේ හැටි මෙහම උන් අතීතයේත් හිටියනේ දුක අපේ අනාගත පරපුර ගෙනයි(කෞ)
සිවුරු පොරෝගෙන ඉන්න හැම කෙනාම ධර්මයෙන් ජිවත් වන අය නොවෙයි (කෞ)
ඔබ වහන්සේ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා.(හේ)
ෆොන්සේකා හිරේට දාන්න යනකොට මේ අය සද්ද නැතුව හිටියේ ඇයි? (නි)
ඥාණසාර හිමියන් ගේ දේශප්‍රේමිත්වය අගය කළ හැකි වූනත් ශාසන දේශප්‍රේමිත්වයක් නොමැති එක ගැන දුකයි මෙවැනි හැසිරීමි වලින් සසුනට සිදුවන හානිය ගැන කිසිවෙක් නොසිතන්නේ ඇයි? (බ)
අනාගත් පරපුර ගැන බණ්ඩාරගේ දුක ගැන අපිටත් දුකයි. ධර්මය පිරිහුණු තැන තමයි දුක හට ගන්නේ.(හේ)
සරත් ෆොන්සේකා හිරේ දානකොට ඥාණසාර හාමුදුරුවෝ හිටියේ දිවියලෝකෙට වැඩලා වෙන්න ඇති (බ)
සෝමාරාම ඝාතනය කළේ අගමැති වරයෙක් පමණයි. ඥානසාර හිමි මේ ඝාතනය කරන්නේ මුළු මහත් බෞද්ධ භික්ෂු පරම්පරාවයි. ඒ අතින් ගත්තම නම් අහසට පොලව වගේ වෙනසක්. (බ)
මේ සිංහල දේශය අතීතයේ සිට බේරාගෙන රජවරුන්ට අනුශාශන කරමින් සිටියේ අපේ සග රුවන. එහෙව් රටේ අපේ සගරුවනට හිමි වෙන තැන ගැන හරිම කණගාටු දායකයි. ශ්‍රී ලංකාවේ හැමෝටම ඉතිහාසය පාඩම නැවත වරක් මතක් කරලා දෙන්න කාලය දැන් එළඹිලා (බ)
අපේ හාමුදුරුවනේ ,කොහොමටත් එයා සේරම පටලවාගෙන ඉන්නේ (බ)
හාමුදුරුවනේ දේශ ද්‍රෝහීන්ට එලෙස පෙනීම පුදුමයක් නොවේ. (බ)
රටේ නීතියට අබියෝග කරමින් අධිකරණයට අපහස කරමින් අයිආර්සී කාරයෙක් වගේ හැසුරුණු එ් හිමියන් දෑ හිතකාමී වෙන්නේ කොහොමද අපේ හාමුදුරුවනේ. එ් නිසා අගමැති තුමා කියපු කාරණා වලංගු වෙනව නේද. (බ)
ඥානසාර හාමුදුරුවෝ කෑ ගැහුවේ රණවිරුවන් වෙනුවෙන්. යහපාලනේට කඩේ යන කට්ටිය එ්ක පොඩ්ඩක් මතක තියා ගන්න (බ)
මෙයා සෝමාරාමට දෙවැනි නැහැ (බ)
හාමුදුරුවනේ ඔබ වහන්සේට මගේ ශීර්ෂ ප්‍රණාමය. යුක්තිය උදෙසා කෑමොර දෙන්නට මෙය කාලයයි. (බ)
සෝමාරාම නම් ඝාතනය කළේ මේ රටේ එක පුද්ගලයෙකු පමණයි. නොර්වේ, කොන්ත්‍රාත්තුවක් භාරගෙන සිටීම ගැන ශ්‍රද්ධාව වැඩිකමට ද මන්දා සමහර උපාසක අප්පුලාට අවබෝධ නොවීම ගැන පුදුම වෙන්න දේකුත් නැහැ. අර පරණ කතාවකුත් තියනවනේ "දී කිරට බළල්ලුත් සාක්කි කියලා" (බ)
රනිල් කියන්නේ කොහොමත් බුද්ධාගමට රටට ජාතියට විරුද්ධ කෙනෙක්නේ (බ)