(තිළිණි ද සිල්වා)
බලහත්කාරයෙන් අතුරුදන් කෙරුණු මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයේදී බැන මරණ තර්ජනය කිරීමේ සිද්ධියට වරදකරු කරමින් බොදු බලසේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට වසරක බරපතල වැඩ සහිත සිර දඬුවම් ලබාදීම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සුරකින්නන් ලැබූ ජයග්‍රහණයක යැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසයි.
එම සංවිධානය වෙනුවෙන් එහි දකුණු ආසියා කලාපය බාර නියෝජ්‍ය අධ්‍යක්ෂක ඔමාර් වරායිච් මහතා අද (15) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වෙනුවෙන් සටන් කරන සියලූ දෙනා සඳහා මෙය වැදගත් අධිකරණ තීන්දුවක් යැයි ද හෙතෙම වැඩිදුරටත් කීවේය.
යුක්තිය සෙවීමට උත්සාහ කරන ජනතාව බිය ගැන්වීම ,තර්ජනය කිරීම සහ නිහඬ කිරීමට උත්සාහ කරනා පුද්ගලයින්ට මෙම තීන්දුව හරහා පැහැදිලි පණිවිඩයක් නිකුත් වී ඇති බවද ජාත්‍යන්තර ක්ෂමා සංවිධාන දකුණු ආසියා කලාපය බාර නියෝජ්‍ය අධ්‍යක්ෂක ඔමාර් වරායිච් සිය නිවේදනයෙන් වැඩිදුරටත් කියා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හලෝ ක්ෂමා සංවිධානය, ඔයාලා කොහෙද හිටියේ? ප්රභාකරන් මානව හිමිකම් කඩ කරනකොට... එක වචනයක් කතා කළාද ප්රභාකරන්ට විරුද්ධව..?
මෙය ශ්‍රී ලංකාව මානව හිමිකම් සුරකින්නන් ලැබූ ජයග්‍රහණයකි. අපිට ලාංකිකයින් වශයෙන් සතුටුයි.
ක්ෂමා සංවිධාන ප්‍රකාශය මම ඉතා දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා.
මෙයා කවදාවත් රඟපෑවේ දේශපාලකයෙකුගේ චරිතයනේ.. චීවරයක් දරන පෙනුමක් කොහොමත් තිබුණේ නැහැ.
ක්ෂමා සංවිධානය අර අනුරාධපුර සිල් ගත්ත අයට වෙඩි තියන විඩියෝ එක දැකල නැතුව ඇති. දන්නේ නැති නිසයි ඇත්තටම අහන්නේ....
සිවුරු දවටාගත් හැමෝම බෞද්ධ භික්ෂූන් වහන්සේලා නොවෙයි. කාකි සූට් එක ඇඳපු හැමෝමත් රණවිරුවන් නොවෙයි. බොහොම දෙනා මේ වෙනස දකින්නේ නැති එක ජාතික පරිහානියේ ලක්ෂණයක්. කැලණියේ බුද්ධ රක්ඛිත, සෝමාරාම, එහෙමත් උසාවියෙන් දඬුවම් ලැබුවාට එදා ජනතාව කලබල වුනේ නැහැ. ආණ්ඩුව බුද්ධ පුත්‍රයින්ට අරියාදු කරනවා කියලා කවුරුවත් කම්පා වුනෙත් නැහැ!
ඔළුවට පිස්තෝලය තබා කීවත් එම තීන්දුව වෙනස් නොකරන බව විනිසුරුතුමාගේ ප්‍රකාශය අගය කළ යුතුයි..
දැන් පේනවා කාටද රට වෙනුවෙන් කතාකරන අයව හිරේ දන්නා ඕනේ කියලා.. උසාවියේදී උස් හඬින් කතාකළාට වරද අවුරුද්දක් බරපතල වැඩ සහිත හිරේ.. විල්පත්තු කාලේ ගස් හොරෙන් කැපුවාම.. දඬුවම ඇමති කමක්... ජාතික කොඩිය ඔසවන්න බැහැ එය පිළිගන්නේ නැහැ කිව්ව අයට දඬුවම් නැහැ. ජනතාවගේ මුදල් කොල්ල කාපු අයට දඬුවම් නැහැ.. වොඩ්කා වතුර බීලා ගෙවල් කඩාගෙන ගිය අයට අැප දීලා.. නියමෙට මානව අයිතිවාසිකම් රකිනවා.. ජාත්‍යන්තරේට ඕනේ විදියට..
මේ තීන්දුව අහලා හිතට වේදනාවක් අාවා. මම චීවරයට ගරු කරන නිසා. නමුත්, යමෙක් චීවරය පොරවා ගත්තත්. දරා සිටින අාකාරය ගැටළු සහගතයි. උසාවියක් තුළ තම ස්වාමියාට වේදනාකාරි ඉරනමක් අත් වී අැති කාන්තාවකට තර්ජනය කිරීම අනුමත කළනොහැකිය. අැගේ ස්වාමියා වරදක් කරලා නම් කළ යුත්තේ නීතිය මගින් දඬුවම් ලබා දීම.... හම්බන්තොට කැලෑ නීතිය ක්‍රියාත්මක කිරීම නොවේ. රාජ්‍ය විරෝධී වැඩකරලා නම් එ්කට නීති පොතේ දැඩි දඬුවම් තියනවා. නමුත් පාලක පවුලට විරුද්ධ වු නිසා එ්කට දෙන්න දඬුවම් නීති පොතේ නැති නිසා අතුරුදහන් කිරීම තමා එ් කාලේ කලේ... හැබැයි අද අණදුන් අය නිදහසේ අණ පිලිපැදපු වැටුපට වැඩ කල අසරණයින් හිරේ....
සිංහලයින්ගේ මානව හිමිකම් පවාදෙන්නන්ගේත් බලවත් ජයග්‍රහණයකි.
රසික මහතාණෙනි, කලබල නොවන්න. රිය අනතුරකට මරණීය තුවාල නැත්නම් අැප දෙනවනේ. රිය අනතුරු වන විදිහට හිරේ දාන්න ගියොත් හිර ගෙවල් පිරිල යාවි. පස්සේ නඩු අහලා දඬුවම් දේවි. මෙම චීවරධාරියාගේ හැසිරීම බෟෙද්ධයෙකු ලෙස අනුමත කරනවාද? මේ 1948 ට පෙර නොවේ. මෙම ක්‍රමයට රකින අාගමින් ජාතියෙන් වැඩක් නැත. අනුන් රිදවා බය අැති කර ලබා ගන්නා ජයග්‍රහණ තාවකාලිකයි.
මේ භික්ෂූන් වහන්සේ මීට වඩා වචනයෙන් සංවර වූවා නම්, මේ ගැටලුව මතු නොවීමට ඉඩ තිබුණා. දැන් තියෙන්නේ අනුන්ට දොස් නොපවරවා, තමන්ගේම වැරදි සාදාගැනීම පමණයි.
මේ වගේ සිද්ද්යකදී පෙනේ ටිකක් පෙන්විය යුතුය.මෛත්රය කරුණාව පෙන්නන්න ගියානම් අද රටක් ජාතියක් ආගමක් නෑ.හිමියනි,ජාතිය වෙනුවෙන් මැන්ඩෙලා අවුරුදු 26 හිරේ හිටියා.අප ඔබ වහන්සේ සමගය.අපේ ගමේ හාමුදුරුවෝත් කෙලින් කතා කරන නිර්බීත හිමි නමකි.අපේ හිමි සමග ගැටුණු එක පුද්ගලයෙකුගේ මුළු පව්ලම විනාස විය.එම පුද්ගලයා මිය ගියා,පුතුන් දෙන්නගේ එක බිරිදක් වස බි මැරුණා,අනිත් පුතාගේ බිරිද දික්කසාද විය,දුවගේ පුරුෂයා මිය ගියා ,අර පුතුන් දෙන්න එකම මසක් තුල මිය ගියා ,තවත් දුවෙක් කුඩා ළමුන් දෙන්නා රැගෙන වෙනත් පුරුෂයෙක් සමග ගියා.කට වාචාල අම්මා එක්තැන් වී විදවමින් සිටි.කෝටිපති පව්ලේ කිසිදු දේපලක් අද නැත.
ඉතා හොඳ තීරණයක්. මේක හැම දෙනාටම මේ විදියට ක්‍රියාත්මක විය යුතුයි. අර නඩුවලට බයේ දඟලන ගෝතා ටත් ඉක්මනට නීතිය ක්‍රියාත්මක වුනොත් හොඳයි. අවනීතිය රටකට විනාශයම තමා ගේන්නේ...
මේ නඩුව විතරක් මෙච්චර ඉක්මනට අහලා ඉවර කලේ ඇයි? වෙනත් නඩුත් මෙච්චර ඉක්මනට ඇහුවා නම් හොඳයි නේද?
ඉතිහාසය, ආගම ගැන ඌන දැනුමක් ඇතත් මහාදැනමුත්තන් යයි සිතා සිටින ජාතිවාදී ආගම්වාදී හණමිටි කාර බමුණු මතධාරීන්න්ගේ විස්සෝපයට මෙය හේතු විය හැකි වුවත්, විචාර බුද්ධියක් ඇති, කවුරු වුවත් මේ හාමුදුරුවන් දඬුවම් ලැබීම ගැන සතුටු වනවා ඇති බව නිසැකය. ගණන්කාර හැසිරීම බෞද්ධ භික්ෂුවකගෙන් අපි කිසිසේත්ම බලාපොරොත්තු නොවෙමු. බුද්ධ රක්ඛිත සහ සෝමාරාම අත් අඩංගුවට ගැනීමට පළමුවෙන් පවා , බුද්ධරක්ඛිත හාමුදුරුවන් රේඩියෝ එකෙන් කතා කලේත් රට, ජාතිය සහ ආගම ගලවා ගන්නට පහළ වූ කෙනෙකු බව ජනතාවට අඟවමිනි!
ක්ෂමා සංවිධානය කියන්නේ කොටින්ට හුළං ගහපු සංවිධානයක්... අදත් මේ රට විනාශ කිරීමේ කටයුතු තමයි කරන්නේ බත් බැලයින් මේ නරුමයින්ට සහ ජඩ පාලනයට කඩේ යන බව පැහැදිලියි. ඕනෑම නැළියක් ඩොලර් කාක්කන් බව කිව යුතුමය. උන් රට ගැන හිතන්නේ නැත...
තවත් බුද්ධරක්ඛිතයෙක් වෙන්නයි හැදුවේ... අල්ලලා හිරේට දැමීම ගැන අපි නීතියට ස්තුතිවෙනවා.
1983-2009 කාලයේදී අපරාධ කරපු කොටින්ට නඩු දම්මම ඒ අයව නිදහස් කරනකන් පස්ස පැත්ත ගිනි ගන්නවා. සිංහලයෙක් උසාවියට ගේනකොට ගේට්ටුව ළඟදීම තීන්දුව දෙනවා එල්ලුම්ගස් යවන්න.
ඔව්, මානවහිමිකම් පාහරයන්ගේ අභිමතාර්ථය සඵල වුණා. හේතුව මේ සිවුරු පොරවා ගත් ඇත්තන් ඔවුන්ගේම සාමාජිකයෙක් වෙන නිසා. මේ දැන් තියෙන මහා බලසම්පන්න වෙනස කලේ මේ උත්තමයත් එකතුව ඔය ඇමරිකාවට කඩේ යන එන්.ජී.ඕ. නඩේ. මේක ආයෙත් බෞද්ධ ඡන්ද කඩන්න දාපු උගුලක්.
ඉහත කමෙන්ට් දාපු ගොඩක් දෙනාගෙන් මේ ප්රශ්නය අහනවා. එදා මහනුවරදී සුද්දාගේ කොඩිය බිමදමා සිංහ කොඩිය එසවූයේ භික්ෂුවක්... එය ඔබ අනුමත කරනවාද? උන්වහන්සේ වීරයෙක් ලෙස හඳුන්වන්නේ ඇයි?
නාරද ඔබ හරි... අන්තවාදී වෙන්න එපා. නියම බෞද්ධ භික්ෂුවගෙන් අපි කිසිසේත්ම බලාපොරොත්තු නොවෙමු. රොබට් නොක්ස් ලියපු "එදා හෙළදිව" පොතේ මනාව සඳහන් වේ...
ඔය කව්රුත් මේ ටික තේරුම් ගන්න. භාවනානුයෝගීව ඉන්න භික්ෂූන් ඉන්නවා. බණ කීමෙහි දක්ෂ භික්ෂූන් ඉන්නවා. පොත්පත්, කවි ආදිය ලිවීමේ දක්ෂ භික්ෂූන් ඉන්නවා. ඉගැන්වීමේ දක්ෂ භික්ෂූන් ඉන්නවා. ධර්ම ප්රචාරයේ දක්ෂ භික්ෂුන් ඉන්නවා. ඒ වගේම රට ජාතිය වෙනුවෙන් ඉදිරියට එන භික්ෂුන් ඉන්නවා. ඔයාලට ඕන භික්ෂුව කොයි විදියට ඉන්නද? ඉතිහාසයේ වැඩ හිටපු භික්ෂූන් ගැන සොයා බලන්න...
බෞද්ධ භික්ෂුන් වහන්සේ නොව කිසිදු ආගමික පුජ්‍ය වහන්සේ නමක් සිරගත කිරීම, යථාර්ථය නොවන සිතිවිලි ඇතිකර ගැනීම සහ චිත්තවේගික ප්‍රතිචාර ඇතිවීමට හේතුවෙයි. මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්නන් පස්වනක් ප්‍රීතියෙන් ඔල්වරසන් දුන්නත් බෞද්ධ සමාජයේ කම්පනය, ජාතියේ මුරදේවතාවුන් වන භික්ෂුන් වහන්සේලා වෙනුවෙනි. ' සියලු සත්වයෝ නිදුක් වෙත්වා ' යනුවෙන් ආශිර්වාද කරන භික්ෂුව කුමන හේතුවක් නිසා හෝ සිය සැමියා අතුරුදහන් වූ ගැහැනියකට තර්ජනය කිරීම යුක්ති සහගත නොවේ.
බමුණුආරච්ච් මහත්තයා කතා කරන්නේ සිංහල ඉතිහාසයක් ගැන නේ! එක කවුද ලියලා තියෙන්නේ? අපි නම් ඉගෙන ගත්තේ ලංකා ඉතිහාසය. නිකං මේ අන්ත ජාතිවාදී අදහස් ඉදිරිපත් කරන්නේ කිසිම පදනමක් දැනුමක් නැතුවනේ. පෘතුගීසින් එන්න ඉස්සෙල්ලා "මේ මුතු ඇටය සම්පූර්ණයෙන්ම සිංහල බෞද්ධ රටක්" වුනා යයි කීමෙන්ම පේනවා ඉතිහාසය ගැන ඔබට තියන දැනුම! අවුරුදු 70ක් විතර සොලීන්ට එක දිගටම රජරට යටත්වෙලා තිබුණු කාලේ ගැනවත් දන්නේ නැද්ද? මහත්තයෝ, අඩු ගනනේ මහාවංශයවත් කියවලා කතා කරන්න. බුද්ධාගම ගැන තියන දැනුමත් ඔය වගේම වෙන්නැති! මුලධර්මවාදී, එසේ නැත්නම් අන්තවාදී අදහස් දරන බොහෝ දෙනාට ආගම ගැනවත් රටේ ඉතිහාසය ගැනවත් හරි හමන් දැනුමක් නැහැ.. නිකං පණ්ඩිතයෝ වගේ සෝබනේට පච පච ගානවා!
රටට වෙන්න යන විනාශය උඩින් දාලා තියෙන කොමෙන්ට්ස් වලින් හොදට පේනවා. එත් කොමෙන්ට්ස් දාලා නැති online කියවලා තියෙන අය ඉහත මගේ ඇත්ත කොමෙන්ට්ස් එකට ගරු කරලා තියෙනවා. මෙන්න මේ දේ හොදින් තේරුම් ගන්න. මේ හිමිනම කොහෙද හිටියේ මොනවද කලේ කියල හොදින් හොයල බලන්න a . චම්පික ඇමති එක්ක එකට හිටිය, එකට වැඩ කල අයෙක්. මේ ඇමති බුද්ධාගන්කාරයන් ගැන මම බලා ගන්නම් කියලා කියූ කෙනෙක්. b. මේ හිමිනම ලංකාවේ එකම හිමිනම බීමතින් රිය පදවලා දඩයක් ගත්තු. c මේ හිමිනම වර්තමාන රජය වෙනුවෙන් කොටින් සමග සහ NGO නඩත් සමග සාකච්චා කල කෙනෙක්. FB එකේ පරික්ෂාකර බලන්න. පපුවෙන් නොව මොලෙන් හිතන්න... සිංහල ජාතිය සහ බුද්ධාගම රකින්න මේ රකුසු බලවේග පරදවන්න
මම නම් ඉන්නේ ඔය රංග දිසානායකයි, උදේශ් රණතුන්ගයවයි ජනක බන්ධාරයවයි හමුවෙනකම්.
මෙය සමස්ත බික්ෂු වහන්සේලාට කරපු දඩුවමකි
චුදිතයා වැරදි නැතිනම් එය ඔප්පු කර නිර්දෝෂී විය හැක්කේ අධිකරණය තුළදීමය .
භික්ෂුන් වහන්සේ ' උත්තර මානවයකු ' ලෙස පිළිගැනීමට සුදානම් ගිහි සමාජය, උන්වහන්සේ රට, දැය, සමය වෙනුවෙන් කෝප ගැන්වී, කෙනෙකුට විශේෂයෙන් සැමියා මගහැරුණු කාන්තාවකට තර්ජනය කිරීම අනුමත නොකරයි. එම නොකළයුත්ත සාධාරණිකරණය කිරීම වෙනුවෙන් කෙනෙක් මහා වංශයට රිසි තැනකින් රිංගා සිංහලයින්ගේ අනන්‍යතාවය සොයති. වානර පරම්පරාවකින් {රිසැස්} අහම්බයක් ලෙස කශේරුඛාව ඍජුව තබාගත් මානවයාගේ පරිණාමිය අභ්‍යාසයේදී එක් එක් බිම්කඩවල හුදකලාවීම නිසා ජාතියක් වශයෙන් ගොනුවෙයි. සිංහල ජාතිය විජයගෙන්ද, මහා රාවණාගෙන්ද නැත්නම් ස්ටෙප්ස් තණ බිම්වලින් දකුණු දිශාවට සංක්‍රමණය වූ මිනිසුන්ගෙන්ද යන්න තවමත් නිශ්චිත නැත. ඉතිහාසය වරදවා කියවාගත් නුතනයා තර්ක විද්‍යාවෙන් අතීතකාමියකු බවට පත්වීම ධර්මයද, නීතියද යටපත් කරයි. මෙතැනදී සැලකිය යුතුවෙන්නේ මානව ධර්මවලට පටහැනි ක්‍රියා වෙනුවෙන් විරුද්ධවීම මිස ඉතිහාසය කියවීම නොවේ.