
(රෝෂන් තුෂාර)
මහනුවර පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහලට රුපියල් ලක්ෂ 74 ක පුටු සැපයීමේදී නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකිරීමෙන් රජයට පාඩුවක්කර දූෂණය නම් වරද සිදු කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සඳහා අල්ලස් කොමිසමට පැමිණි හිටපු ඇමති ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (04) එම කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අල්ලස් කොමිසම සිදුකරන විමර්ශනයට අදාළව ජෝන්ස්ටන්ට ප්‍රනාන්දු මහතාට මීට පෙර දිනකදී අල්ලස් කොමිසම වෙත වාර්තා කරන ලෙස දැනුම් දී තිබි ඇති අතර ඒ මහතා විසින් දින ලබා ගැනීමෙන් පසුව අද (04)දින අල්ලස් කොමිසමේ හමුවේ පෙනී සිටීමට නියමිතය.
ප්‍රසිද්ධිය සම්බන්ධයෙන් එවකට අමාත්‍යාංශ ලේකම්වරයාද කොමිසම මගින් කැඳවා ඇති අතර ඒ මහතා අසනීප තත්වයේ පසුවන බැවින් පැමිණිමට අපහසු බවට කොමිසම වෙත දැනුම් දී ඇති බවද පැවසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන් රජයෙ හැම ගනුදෙනුවකින්ම මාටිය ගහල, දැන් හොරගෙඩියො ආන්ඩුවට නිකන් බනින්නෙ නැතුව , තමුන් නිවැරදිකරු කියල ඔප්පු කරපන්