IMG-LOGO

ජාතියේ අනාගතය තීරණය කරන හැටි ජනපති කියයි

(අංජුල මහික වීරරත්න)

ජාතියේ අනාගතය තීරණය කිරීමේදී  විද්‍යා හා තාක්ෂණයේ ජයග්‍රහණ මෙන්ම ඓතිහාසික උරුමයද උකහා ගත යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහනුවරදී  පැවැසීය.

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ සහ සතර මහා දේවාලයන්හි වාර්ෂික ඇසළ මහා පෙරහර පෞරාණික චාරිත්‍ර ගරු කරමින් විචිත්‍රවත් ලෙස පවත්වා අවසන් කළ බව සැළ කෙරෙන සංදේශය බාරදීමේ උත්සවයේදී ජනාධිපතිවරයා මේ බව කීය.

දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින්  මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත මෙම සංදේශය පිළිගන්වනු ලැබීය.

ජනාධිපති මන්දිරය වෙත පෙරහරින් පැමිණි ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු සතර මහා දේවාලවල සහ පිටිසර දේවාලවල නිලමේවරු සාම්ප්‍රදායානුකූලව සංදේශය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූහ.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් ජනාධිපති මන්දිර පරිශ්‍රයේ පැලයක් රෝපණය කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි. 

ඉන් අනතුරුව චිරාගත සම්ප්‍රදායානුකූලව ජනාධිපතිවරයා ඇතුළු නිලමේවරු සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර පෙරහැරට සහභාගී වූ කලා ශිල්පීන් වෙත තිළිණ සහ සම්මාන පිරිනැමීමද ජනාධිපතිවරයා අතින් සිදු විය.

ඇසළ පෙරහර භාරය මගින් පිටිසර දේවාල වෙනුවෙන් සිදු කරන මූල්‍යාධාර ප්‍රදානයද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් සිදු කෙරුණු අතර මධ්‍යම පළාත් සංස්කෘතික අමාත්‍යාංශය විසින් සම්පාදිත “පූජනිය දළදා සංස්කෘතිය” ග්‍රන්ථයේ 20 වන කලාපය ද ජනාධිපතිවරයාට පිළිගැන්විණි. 

මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසූයේ නව ජාතියක් ලෙස ගොඩනැගීමේදී දළදා පෙරහර මංගල්‍යය සංස්ධිස්ථානයක් බවයි. රටේ අනාගතය වෙනුවෙන් මෙවන් සංස්කෘතික මංගල්‍යය තව තවත් ආකර්ෂණීය ලෙස පොදු ජනතාව අතරට ගෙන යා යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.



අදහස් (3)

ජාතියේ අනාගතය තීරණය කරන හැටි ජනපති කියයි

යෝගා Sunday, 10 August 2025 11:29 AM

කියපු බොරු කන්දරාව එළියට එන්න පටන් ගත්ත හින්දා ජාතියේ අනාගතය කෙසේ වෙතත් තමුන්ගේ අනාගතය තීරණය වෙලා ඉවරයි.

:       8       4

අන්_ර Sunday, 10 August 2025 12:30 PM

අයියෝ, දැන් නම් මොනවා කිව්වත් මිනිස්සු පිළිගන්නෙත් නෑ, ගණන් ගන්නෙත් නෑ.

:       7       4

prasanna Sunday, 10 August 2025 08:26 PM

යන යන තැන පච හලනවා.

:       3       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 546 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 328 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 492 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site