IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


ජාතික හැදුනුම්පත් ලක්‍ෂ 15 ක් හිරවෙලා

(යොහාන් භාසුර)

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තුළ මුද්‍රණය නොකළ ජාතික හැදුනුම්පත් අයදුම්පත් ලක්‍ෂ 15 ක් පමණ වසර කීපයක සිට ගොඩගැසී ඇති බව එම දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙම ජාතික හැදුනුම්පත් ලක්‍ෂ 15 ක සංඛ්‍යාවට 2006 වසරේ සිට 2010 වසර දක්වා වසර 5 තුළ උපත ලැබූ පාසල් දරුවන්ගේ හැදුනුම්පත් ඇතුළත්ව ඇති බවත් මෙම අයදුම්පත් වෙනුවෙන් ලිපියක් පමණක් අයදුම්කරුවන්ට යොමුකර ඇති බවත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී පැවසීය.

වසරකට පාසල් දරුවන් ලක්‍ෂ 3 ක් පමණ ජාතික හැදුනුම්පත් ගැනීමට අයදුම් කරන බවත් 2005 වසරේ උපත ලැබූ දරුවන්ගේ ජාතික හැදුනුම්පත් මේ වන විට මුද්‍රණය අවසන් අදියරේ පවතින බවත් ඔහු කීය.

2006 වසරේ උපත ලැබූ දරුවන්ගේ ජාතික හැදුනුම්පත් මුද්‍රණය හැකි ඉක්මණින් ආරම්භ කරන බව කී එම නිලධාරියා මෙම වසර අවසන් වීමට පෙර 2006 වසරේ දරුවන්ගේ ජාතික හැදුනුම්පත් මුද්‍රණය අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.

 එම දෙපාර්තමේන්තුව තුළ වසර ගණනාවක සිට ගොඩගැසී තිබූ වැඩිහිටියන්ගේ හැදුනුම්පත් ලක්‍ෂ 3 කට අධික සංඛ්‍යාවක් මේ වන විට මුද්‍රණය අවසන් වෙමින් පවතින බව කී එම නිලධාරියා එම හැදුනුම්පත් තැපෑලට යොමුකිරීම ආරම්භ කර ඇති බව ද සඳහන් කළේය.

වර්තමාන ජාතික ජනබලවේග ආණ්ඩුව බලයට පත්වීමට පෙර සිට වසර කීපයක ජාතික හැදුනුම්පත් මුද්‍රණය කිරීම ඇනහිට තිබූ බවත් වර්තමාන ආණ්ඩුව පත්වීමෙන් පසුව මාස කීපයක් ගතවන තෙක් ඒ සඳහා නිවැරදි විසඳුමක් නොදීම හේතුවෙන් හැදුනුම්පත් ලක්‍ෂ 15 ක් දක්වා ගොඩ ඉහළ ගිය බවත් වාර්තා වේ.

වර්තමාන ආණ්ඩුව බලයට පැමිණෙන විට හැදුනුම්පත් මුද්‍රණ යන්ත්‍රය සහ ලිපින මුද්‍රණය කරන යන්ත්‍ර දෝෂවලට ලක්ව තිබූ බව කියන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සේවකයෝ ආණ්ඩුව එම යන්ත්‍ර යථාතත්වයට පත්කිරීමට අවශ්‍ය අමතර කොටස් සම්බන්ධයෙන් ප්‍රායෝගික ආකාරයට කටයුතු නොකළ බව ද සඳහන් කළහ.

එම ගැටලුවට පිළියමක් ලෙස ලියුම්කවරවල ලිපිනයන් අත්අකුරෙන් ලියන ලෙස යෝජනා කළ බවත් එය ප්‍රායෝගික නොවීම හේතුවෙන් එම දෙපාර්තමේන්තුවේ සේවකයන් එයට එකඟ නොවූ බවත් ඔවුහු පැවසූහ.

මෙම තත්වය යටතේ මෙරට පුරවැසියන් දැඩි අපහසුතාවට පත්ව සිටින්නේ යැයි ජාතික හැදුනුම්පත මුද්‍රණය කරදෙන ලෙස ඉල්ලා දිනකට බත්තරමුලේ පිහිටි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට පැමිණෙන ජනතාවගෙන් පැහැදිළි වන බව ද එහි සේවකයෝ වැඩිදුරටත් සඳහන් කළහ.  

 

 



අදහස් (3)

ජාතික හැදුනුම්පත් ලක්‍ෂ 15 ක් හිරවෙලා

අරවින්ද මොණරවිල Wednesday, 29 October 2025 09:29 AM

2019 - 2024 රනිල් රාජපක්ෂ හවුල් පාලන කාලය ගත තුලදි රටේ ඇතිවු දුර්වල දුබල පාලනය හා එමගින් ඇතිවු ආර්ථික අර්බුදය නිසා රටේ සෑම ක්ෂේත්‍රයකම කඩා වැටීම නිසා ආගමන විගමන දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වැනි ආයාතන වල දැඩි අර්බුදකාරී තත්ත්වයක් ඇතිවු අතර, මේ වාර්තාව මගින් ඒක ජාතික ජනබල වේගයේ ආණ්ඩුවේ ගිණුමට බැර කරන්න අසාර්ථක උත්සාහයක යෙදී ඇත.

:       11       16

පන්සිළු Wednesday, 29 October 2025 09:43 AM

නැවත උපන්නා සේ මිනිසුන් කතා කරන්නෙ කොරෝනා උවදුර ගැන වගේ වගක් නැතිව. දැනුයි ලෝකයම ඉන් මිදෙමින් පවතින්නේ . මෙවැනි මැරිලා ඉපදුනා වැනි මිනිසුන් කොටි සහ බටහිර බලවේග සමඟ එක්ව ⁣රටේ දූෂිත කැරැල්ලක් ගැහුවා. දැන් ඔවුන් කැමති නීච ආණ්ඩුවක් පත් වෙලා තියෙනවා. විහළු කතා නොකියා දැන් පුලුවන් නම් වැඩ කරන්නයි තියෙන්නෙ. සදහටම බලයෙන් ඉවත්වන්නට පෙර

:       13       7

Senaka Wednesday, 29 October 2025 09:59 AM

උඩට විතරක් බැනලා වැඩක් නෑ. යටත් ඉන්නවා මාලිමාවට ඡන්දය දෙන ගමන් වැඩ නොකර ඉන්න උදවිය. මගේ යාළුවෙක්ගෙ අලුත් හැඳුනුම් පතේ නම වැරදියට මුද්‍රණය කරලා තියෙනවා නියම නම හරි විදිහට ඉල්ලුම් පත්‍රයේ දීලත්. ඒ හැඳුනුම් පත ලැබිලා තියෙන්නේ ඉල්ලලා ගොඩක් කලකට පසුව. නමේ වෙනස ගැන කතා කරාම එන්න කියලා තියනවා අලුත් එකක් මුද්‍රණය කරලා දෙන්නම් කියලා. ගියාම කියලා කල් ගිහින් වැඩියි ඒ නිසා අලුත් එකක් ඉල්ලලා මුල සිටම පටන් ගන්න කියලා. දුර සිට ගිහින්, කියපු දේ ඔක්කොම කරලාත් ආපහු හැරිලා යන්න වෙලා. ඔය තමයි රජයේ සේවය. යාළුවා නොකරපු එකම දේ තමයි කීයක් හරි දෙන්න කතා නොකරපු එක. දැන් මාස ගානක් වෙනව ඔය වැඩේ කියලා.

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1616 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1391 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 494 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site