IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට හතේ හත

(නිමල කොඩිතුවක්කු)

ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් අහෝසි කිරීම නිසා පොලි ආදායම නොලැබීමෙන් තමන් කබලෙන් ළිපට වැටී ඇතැයි එම පුරවැසියෝ සදහන් කරති.

ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම්වලට කලින් සියයට 15 ක පොලී අනුපාතයක් ලැබුණු අතර මේ වන විට ලැබෙන්නේ සියයට 8 කටත් අඩු පොලි අනුපාතයක් බව ද ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ කියති.

පොලි ආදායම අඩුවීම හේතුවෙන් තමන්ට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට, එදිනෙදා කටයුතු කරගැනීමට නොහැකි තත්වයක් උද්ගතව ඇතැයිද ඔවුහු පවසති.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතිරි කිරීම් තැන්පතුවලට කලින් ලබාදුන් සියයට 15ක වාර්ෂික පොලි අනුපාතය නැවත ලබාදෙන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ද ඔවුහු පවසති.

 



අදහස් (7)

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට හතේ හත

Isuru Sunday, 31 March 2024 07:42 PM

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සියලුදෙනාගේම ඡන්දත් එන්පීපී එකට අනිවාර්යයෙන්ම. මාලිමාවට ජයවේවා !!!

:       0       0

Senjee Monday, 01 April 2024 12:28 AM

ජීවන වියදම අහස උසට නැග ඇති මේ වේලාවේ, බෙහෙත්, රෝහල් වියදම් ද ඉහල ගොස් ඇති නිසා මෙම 15% පොලිය නැවත ලබා දෙන්නේ නම් කෘතඥ වෙමු. රජයේ සේවකයීන් සියළු දෙනා ඔවුන්ගේ වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා වර්ජනය කර හෝ යමක් ලබා ගනී. විශ්‍රමිකයින්ට (22% ක් අවුරුදු 60ට වැඩි බව කියති) කිසිත් නැත. සජබ, ජාජබද මේ පිළිබඳව නිහඬ පිළිවෙතක් රකියි..

:       0       3

අසාධාරණ Monday, 01 April 2024 05:09 AM

ඔහොම තීරණ ගත්තු ශරීර ශක්තිමත් අපිට කිසිම අසනීපයක් නැත්නම් නාකි අයට බෙහෙත් මොකටද හිතනවා ඇති... ඒ ගමන්ම කියන්න ඕනෑ... කෝවිඩ් සඳහා ජනතාව බියවද්දා එන්නත් කරවූ විස නිසා බොහෝමයක් දෙනා නිතරම අසනීපයෙන් ඉන්නවා කියලා ඔය තීන්දු තීරණ ගත්තු හා එවැනි දේවල් යෝජනා කළ නිලධාරීන්ට ලොකු ලොකු උපාධි අනුව රැකියා ගත්තා කියලා ප්‍රායෝගික අත්දැකීම් නැහැ. ඒක තමයි ඔහොම තීරණ ගන්නේ... ඉතින් උන්දැලාට කියන්න කැමැතියි... නාකිත් තරිකිට තෙයි තොපිටත් ඔය ටික වෙයි කියලා... කොහොම වුණත් මහින්ද මහත්තයා 12% පොලියක් දෙන්න සැලසුම් කළාම ක්‍රියාත්මක වීමට පෙර ආණ්ඩු වෙනසින් පස්සේ රවි කරුණානායක ඇමැතිවරයා ඒක 15% කර ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට ලොකුම උදව්වක් කළා... ඒත් රවි ඇමැතිවරයාගේ අගමැති මුදල් ඇමැති ලෙසට කරපු ගැන හරිම වේදනාවක් තමයි තියෙන්නේ..

:       0       6

වර්ණසින්හ Monday, 01 April 2024 05:09 AM

මහබැන්කු අධිපතිගේ අවධානයට යොමුවේවා...! මහබැන්කුවට වැටුප් වැඩි කිරීමට තරම් රටේ මුදල් තත්වය යහපත්නම් මේ ඉල්ලීම සාධාරණ නොවේද?

:       0       8

Tikiri Monday, 01 April 2024 07:23 AM

15% පොලිය අහෝසි කළා.පැන්ෂන් එකට ටැක්ස්.ඊ.පී.එෆ් එකට ටැක්ස් .බැංකු පොලියට රැඳවුම් බද්ද

:       0       16

ශ්‍රියාලතා Monday, 01 April 2024 01:29 PM

විශ්‍රාම වැටුප් නොලබන අර්ථ සාධකය පමණක් ලබා ගත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අනාථයි. බැංකු පොලියෙන් කපාගන්නා 5% ආපසු ලබාගැනීම අති දුෂ්කරයි. මේ ගැන විශේෂ අවධානය කඩිනමින් යොමු කරන්න...

:       0       7

Bamunuarachchi Thursday, 04 April 2024 05:38 PM

ඔබලාට ඔය සහන සැලසුවේ මහින්ද මහතා... ඒ බව අමතක කරන්න එපා. නැතිකලේ රනිල්... ඒ බව මතක තියා ගන්න... ඊළඟ ඡන්දේදී.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31373 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13606 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11017 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 131 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1031 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site