අනුරාධපුර පොසොන් වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට අළෙවි කිරිමට අපිරිසිදු ආකාරයෙන් තබා තිබු ආහාර වර්ග 47 ක් විනාශ කර දැමු බව අනුරාධපුර මහ නගර සභාවේ ප‍්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක එච්.එම්.ආරියසේන මහතා පැවසිය.
අනුරාධපුර නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් පසුගිය 16 වැනි දින සිට 19 වැනි දින දක්වා ස්ථර වෙළද සැල් 146 ක්ද තාවකාලික වෙළද සැල් 272 ක්ද පරික්ෂාවට ලක්කර තිබිණි.
මෙම ආපන ශාලාවල තිබු සමහර ආහාර වර්ග කල්පැන තිබිම, අනාරක්ෂිත ආකාරයට අළෙවිය සදහා ප‍්‍රදර්ශණය කිරිම් වැනි චෝදනා සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන් 15 දෙනෙකුට නඩු පැවරිම සදහා කටයුතු කරන බවද එච්.එම්.ආරියසේන මහතා කීවේය.
එසේම දන්සැල් 107 ක් පරික්ෂාවට ලක්කළ බවත් ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එ්ක අනිවාර්ය කරන්න ඕන, අදත් මිනුවන්ගොඩ නගරයේ තෝස කඩෙන් තොසේ කාල වැඩිවෙලාවක් ගියේ නැහැ, හැදුන බඩේ අමාරුව දන්නේ දෙයියෝ විතරයි (බ)