IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ජීසීසී කලාපයේ විදේශිකයන්ගෙන් සියයට 68 ක් රාමදාන් මාසයේදී වැඩියෙන් දනට පිනට දෙයි

charity

 

ජීසීසී කලාපයේ සිටින ප්‍රවාසිකයන්ගෙන් සියයට 68 ක් රාමදාන් සමයේදී පුණ්‍ය කටයුතු වෙනුවෙන් වැඩි මුදලක් වැය කරන බව රාමදාන් මාසයේදී ප්‍රවාසිකයන්ගේ හැසිරීම සහ වියදම් කිරීම සම්බන්ධයෙන් එක්ස්ප්‍රස් මනි ආයතනය විසින් සිදුකරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී ඇත. 


මෙම සමීක්ෂණයට සහභාගි වූ ජීසීසී ප්‍රවාසිකයන්ගෙන් සියයට 74 ක් ශුද්ධ වූ මාසයේදී තම පවුලේ සාමාජිකයන් සමග ගත කිරීමට වුවමනා බව පවසා ඇති අතර සියයට 40 ක් පවසා ඇත්තේ “ඉෆ්තාර්” සහ “සුහූර්” වැඩසටහන්වලදී තම පවුලේ සාමාජිකයන් සහ හිත මිතුරන් සමග සමාජශීලීව සිටීටම කැමැති බවය.
මීට අමතරව විදේශිකයන් ඔවුන්ගේ මවුරටවල සිටින පවුලේ සාමාජිකයන්ට මුදල් යැවීම රාමදාන් මාසයේදී ඉහළ ගොස් ඇති අතර සමීක්ෂණයට සහභාගි වූ පිරිසෙන් සියයට 
47 ක්ම පවසා ඇත්තේ රමාදාන් මාසයේදී මුදල් වැඩිපුර මවුරටට යවන බවයි.


“රාමදාන් මාසයේදී ජීසීසී කලාපයෙන් මුදල් යැවීම් වැඩිවන අපිට නිරන්තරයෙන්ම දකින්නට ලැබෙනවා. රාමදාන් මාසයේදී තම පවුල්වල සාමාජිකයන්ට වැඩිපුර කීයක් හරි යවන්න මිනිස්සු කැමැතියි කියලා අපේ සමීක්ෂණයෙන් තහවුරු වුණා” යැයි එක්ස්ප්‍රස් මනි ආයතනයේ ගෝලීය අළෙවි උපසභාපති අෂ්වින් ගෙඩාම් පවසයි.


මෙම සමීක්ෂණයට ජීසීසී කලාපයේ මුස්ලිම් සහ මුස්ලිම් නොවන විදෙස් සේවකයන් 570 ක් අදහස් දක්වා ඇති අතර ඔවුන්ව තෝරාගෙන ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සවුදි අරාබිය, කටාර් සහ ඕමානය යන රටවලිනි. ඔවුන්ගෙන් හතරෙන් තුනක්ම පවසා ඇත්තේ ශුද්ධ වූ මාසයේදී තමන්ට තම පවුලේ සාමාජිකයන් සමගින් වැඩි වේලාවක් ගත කිරීමට කැමැති බව හෝ රාමදාන් මාසය පවුලේ සාමාජිකයන් සමග ගතකිරීමට තම මවුරටවල් බලා යාමට කැමැති බවය.


“රාමදාන් මාසයේදී විදෙස් සේවකයන් තුළ සමාජ බැඳීම සහ පුණ්‍ය කටයුතුවල යෙදීම ඉහළ යනවා කියලා අපට පෙනෙනවා. රාමදාන් උපවාසයේ යෙදෙන අය තුළ වගේම මුස්ලිම් නොවන අය තුළත් මේ තත්ත්වය දකින්නට ලැබෙනවා. රාමදාන් කාලයේදී මිනිස්සු තුළ ත්‍යාගශීලිත්වය, පුණ්‍ය කටයුතු, සාමය සහ එකමුතු බව වැනි ආධ්‍යාත්මික දේවල් සඳහා වැඩි නැඹුරුවක් තියෙනවා” යැයි ඔහු වැඩිදුරටත් පවසයි.



අදහස් (0)

ජීසීසී කලාපයේ විදේශිකයන්ගෙන් සියයට 68 ක් රාමදාන් මාසයේදී වැඩියෙන් දනට පිනට දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 531 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 115 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 320 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site