මාතලේ පල්ලේපොළ, මිල්ලවානේ මානිංගමුවේ පාරක ගමන් කරමින් තිබූ ජේ.සී.බී යන්ත්‍රයක් අඩි 35ක් පමණ පල්ලමේ ගෙයක් මතට පෙරළීමෙන් ගෙය සමතලා වී ඇත.
පල්ලේපොළ ප්‍රාදේශීය සභාවට අයත් මෙම යන්ත්‍රය ගෙය අසල පාරේ ගමන් කරද්දී ගෘහණිය වන ශ්‍රියාණි පුෂ්පලතා දිසානායක මහත්මිය සිය දරු තිදෙනාද සමග එය බැලීමට එළියට ආ නිසා ජීවිත 4ක් බේරුණු බව අසල්වැසියෝ කියති.
ජේ.සී.බී යන්ත්‍රය ගමන් කරද්දී දරුවන් රූපවාහිනී යන්ත්‍රය බලමින් සිටි බවත් ඇය කියන්නීය.
නිවස අහිමිවූ පිරිසට තාවකාලිකව නවාතැන් පහසුකම් සලසන බව ප්‍රාදේශීය සභාව කියයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීන සහ ඉන්දියා වාහන ගෙන්වීම හැකිතාක් අඩු කරන්න ඕනි. අද අනතුරු ගොඩක් වෙන්නේ ඒවායේ තියන කාර්මික දෝෂ නිසා. (බ)
අනේ මන්දන්නේ නැහැ අපේ රටේ ඉන්න මිනිස්සු.. කිසිම ඉවක් බිමක් නැතිව වැඩ කරනවා..අහිංසක මිනිස්සු අමාරුවේ වැටෙනවා මේවගේ දේවල් නිසා.. දැන් කවුද මේකට අලාභය ගෙවන්නේ.. පළාත් සභාවෙන් සම්පුර්ණ ගෙයක් හදලා දිය යුතුය ....(බ)
තාවකාලික නවාතැන් නෙමෙයි අහිංසකයින්ගේ ගේ හදලා දුන්නනම් නරකද ප්‍රාදේශීය සභාවෙන්. මෙව්වට හිත හිතා ඉන්න දෙයක් නෑ. බලධාරීන්ට පුළුවන් වෙන්න ඕනේ ඒ වෙලාවේම තීරණය කරන්න. අනේ ඔවුන්ව දෙයියෝ බේරුවා වගේ. (බ)
වාසනාවට බේරිලා තියෙන්නේ. අම්මෝ දකිනකොටත් බයයි (නි)
දෙයියෝ බැලුව වගේ ඔයින් ගියා මදැයි. (අ)
කෙහෙල්මල් තමා චීනයේ නිෂ්පාදන ගැන කතා කරන අපිට අල්පෙනෙත්තක් හදා ගන්න බැහැ වරද අනුන් හදා දෙන වාහනය හසුරුවන්න ක්‍රියාකරවන්න නොදන්නා කම (අ)
තෙමි තෙමි ගමන් යන්න බැරි නිසා ජේ සි බී එකක්ම ගෙදරට එවා තියෙන්නේ (අ)
ඔබ වාසනාවන්තයි (ම)
වාසනාවන්ත දරුවෝ (ම)
ඔපරේටර් , මොබයිල් ෆෝන් එකේ එල්ලිලා ගිහින් වගෙයි... සමහරු ඔය වැනි යන්ත්‍ර ධාවනය කරද්දී හරි ආඩම්බරෙන් තමයි යන්නේ. වටේම අය බලන් ඉන්නවනේ. (ර)
රූපවාහිනිය තිබුනෙ එලියෙද එතකොට. මොකද ජේ. සී. බී. යන්ත්‍රය බලන්න එලියට ගියාලු. ජේ. සී. බී. යන්ත්‍රය යනකොට රූපවාහිනී යන්ත්‍රය බල බල හිටියලු. (අ)
පව් අහිංසක අය උදව් කරන්න (අ)
ප්‍රදේශීය සභාව මුල්වී නිවසක් සදා දීමට සුදුසුයි; පින්වතුනි ,පෙර කලා වූ පින කියන්නේ මහබලවත් දෙයක් ! (අ)
එක පෙරලෙන්නෙත් අන්ත අසරණ කෙනාගේ ගෙදරටමයි (අ)