(රංජන් කස්තුරි)
මුලතිව් හි පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු 16 දෙනා අද සවස නිදහස් කළේය.
ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු පිරිස අද රාත්‍රීයේම යුද හමුදාවට අයත් බස් රථවලින් කොළඹට රැගෙන ඒමට නියමිතය.
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට එරෙහිව බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුමේදී ඉකුත් අට වැනි දා උද්ඝෝෂණයක නිතර වූ ස්ටාලින් මහතා ඇතුළු පිරිස පොලිස් අත්අඩංගුවට පත්විය.
අධිකරණයෙන් ඇපමත මුදාහැරීම පසුව පොලිසිය ඔවුන් මුලතිව් පිහිටි ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානට යොමු කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් හරිනේ. හෙට ඉඳලාවත් අපේ ළමයින්ට වැඩ පටන් ගන්නා. බුද්ධිමත් ගුරුතුමන්ලා අහිංසක අපේ ළමයි දිහා බලනවා නේද?
නිරෝධායන නීතිය, දඬුවම් නීතිය බවට පත්ව තිබුණද, ඒ දඬුවම් නීතියේ අවසානය සනිටුහන් වෙන බව පෙනේ...
කොරෝනා දීලා ගෙදර යැව්වා නම් තමයි හොඳ..
ඉතිහාසයේ නුදුටු විදියට ගුරු වෘත්තියට ජෝසප් ස්ටාලින් අැතුලු අනික් පිරිස කුදලාගෙන බස්වලට ඇද දමාගෙන ගෙනිහින් මේ කරපු වින්නැහිය රජයට ලොකු කලු පැල්ලමක් සහ මහජනතාව පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා. ශිෂ්ඨ සමාජයක මෙවැනි දේවල් නොවිය යුතුයි.
නිරෝධායන නීතිය දේශපාලනීකරණය කිරීම තුළින් නිදහස් මත ප්රකාශනයට බාධා නොකළ යුතුබවට ලබාදුන් පාඩමකි...
මේ සටහන දෙමාපියන්ට... මොන්ටිසෝරියේ සිට උපාධිය, පශ්චාත් උපාධිය දක්වාම ඔන්ලයින් ඉගෙන ගන්න පුලුවන් ගුරුවරු නැතිව... ලෝකයේ හුඟාක් දෙනා ඉගෙන ගන්නේ එහෙමයි. විශ්ව විද්‍යාලයට යන්නේ ලැබ් සහ ප්‍රොජෙක්ට් සඳහායි. අපේ රටේ කරුමෙට ඉංග්රිසියාටවත්, විදෙස් විශ්ව විද්‍යාල වලටවත් ඉදිරියට යන්න දේශප්‍රේමීන් ඉඩදෙන්නේ නෑ. ඉතිං ඔබේ දරුවාට මොනවා නැතත් ඉංග්‍රිසි දැනුම ලබා දෙන්න. ඔහු ලෝකය දැක ගනීවි. දැනුම සොයා යාවි. දැනුම බෙදන වෙබ්අඩවි ඕනෑතරම් තියෙනවා. ඕනෑම විෂයකට.. අර ඇමති කෙනෙක් රටට ඕනේ එක ගුරුවරයයි කියලා තාමත් කන් පුරා අහගන්නවා. කිසිම ගුරුවරයෙක් නැතිවත් ළමයෙක්ට උගන්වන්න පුලුවන්. දියුණු රටවල එසේ සිදුවෙනවා.
දැන් එතකොට බලධාරීන්ම නිරෝධායන නීතිය කඩලනේ... දවස් 14ක් තියාගෙන ඉන්නේ නැතුව මේ කට්ටිය එළියට දාලා. මේවාට හිනාවෙන්නද? අඬන්නද? කියලා තේරෙන්නේ නෑ...
ඇත්තටම ගුරුවරුත් මහා කැත ජාතියක් කියලා මේකෙදී පෙන්නුවා. ළමයින්ට දිය යුතු අධ්‍යාපනය නොදී ඔන්ලයින් ටියුෂන් කරපු කාලකන්නි උද්ඝෝෂණයක් කලේ මෙවැනි ගුරුහොරුන්ගේ ඉගැන්වීමටයි.
මේ නාඩගමත් සම්පූර්ණයෙන්ම අසාර්ථක වූ රජයක තවත් එක ජවනිකාවකි.
මෙවැනි සමස්ත ගුරු පරපුරටම නින්දා ගෙන දෙන කුහක ඊර්ෂියාකාර ගුරුහොරු සදාකලිකවම ගෙදර හෝ වලපල්ලටම යැවිය යුතුවමයි.