
ඊශ්‍රායල ප්‍රහාරවලින්, පලස්තීන දරුවන් සහ බිලිඳන් මියයෑම සම්බන්ධයෙන් දැඩි සේ කනගාටුවටත්, කනස්සල්ලටත් පත්ව සිටින පලස්තීන ජාතික කලාකාරියක වන රානා බිෂාරා, නත්තල නිමිත්තෙන් ජේසු බිලිඳාගේ ප්‍රතිමාවක් යොදා ගනිමින් නව කලා නිර්මාණයක් එළිදක්වා ඇත.
රානාගේ කලා නිර්මාණයෙන් පෙන්නුම් කරන්නේ, ඉන්කියුබේටරයක් තුළ සිටින ජේසු බිලිඳාය. ජේසු බිලිඳා උපන්නේ බෙත්ලෙහෙමේය. බෙත්ලෙහෙම අද අයත් වන්නේ පලස්තීනුවන් බහුලව වෙසන බටහිර ඉවුරටය. ඊට අමතරව පලස්තීනුවන් වාසය කරන්නේ ගාසා තීරයේය. අද යුද ගැටුම් පවතින්නේ ගාසා තීරය පාලනය කරන හමාස් සංවිධානය සහ ඊශ්‍රායල හමුදා අතරේය.
ඉන්කියුබේටරයේ සිටින ජේසු බිලිඳාගේ මෙම කලා නිර්මාණය දකින්න ලැබෙන්නේ, බෙත්ලෙහෙම දේවස්ථානය ඉදිරිපිටය.
ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ රෝහල් ඉලක්ක කර ගනිමින් දිගින් දිගටම ප්‍රහාර එල්ල කරයි. ගාසා රෝහල් සියල්ලම පාහේ එම ප්‍රහාර හේතුවෙන් අඩපණ වී ඇතැයි පැවැසෙයි.
ගුවන් ප්‍රහාර මැද, රෝහල්වල සිටි නොමේරූ බිලිඳන්, ඉන්කියුබේටර පිටින් ම ඊජිප්තුවේ රෝහල්වලට රැගෙන යන දසුන් පසුගිය කාලයේ දකින්න ලැබුණි.
රානා බිෂාරා, සිය කලා නිර්මාණය ගැන අදහස් දක්වමින්, මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ ජේසු බිලිඳා අද උපන්නොත්, උපදිනු ඇත්තේ යුද ගැටුමක් මැද බවය.
(අල් ජසීරා)
2025 නොවැම්බර් මස 04
67
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2016
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජේසු බබා ඉන්කියුබේටරයේ