(සුජිත් හේවාජුලිගේ)
ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් පොලී අනුපාත සම්බන්ධයෙන් විශ්ලේෂණයක් සිදුකිරීමට මුදල් රාජ්‍ය මාත්‍ර රංජිත් සියඹලාපිටිය මහතා තීරණය කර ඇත.
ඒ සඳහා ජනාධිපතිවරයාද තමාට උපදෙස් ලබාදුන් බව ඔහු සඳහන් කළේය.
ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් සඳහා වර්ෂයකට කෝටි 8000ක් පමණ මුදලක් අවශ්‍ය වන බවත් මීට පෙර එසේ ලබාදුන් මුදල් සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 105ක් ණයක් ගෙවීමට ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක කෙරෙනවට විශ්වාස කරන්න එපා... මෙයාලාම කියන විදියට බිලිියන 105ක පොල්ලක් මහ බැංකුව ඔය සහනය දීපු බැංකු වලට තියෙනවා... තවදුරටත් බැංකු දෙන්නම් කාසිවලට පොලී සහනය දෙන එකක් නැහැ. මේ ඇමැති කියන ඒවා කෙරෙන්නේ නැහැ. වාහන කී වතාවක් ගෙනාවාද?
කෙකර, කෙකර, කෙකර ගගා දැම්මා බිත්තරේ ඒක ඇතුලේ තියෙනවා බං බයිලා සාස්තරේ...
කිව්වොත් බොරුවක්, 5% බදු ගන්න පුලුවන් කීවා ඒ එකක් පමණයි, හෙන ගහන්න ඕනේ.
අසුබවාදීව හිතන්නේ නැහැ... වැඩේ කෙරෙයි කියලා විශ්වාස කරනවා. පටන් ගන්නකොටම අපොයි ඕක වෙන්නේ නැහැ, ඔකේ හිලක් තිබෙනවා, කියලා හිතන්න පුරුදු කරපු ජාතියක්... සිංහල ජාතිය කියන්නේ...!
විශ්‍රාමිකයෝ සෑහෙන පිරිසක් ජීවත්වෙන්නේ ජීවිත කාලයක් කඹුරලා ඉතුරු කරගත්තු සොච්චමෙන් ලැබෙන පොලියෙන් තමයි. තවත් ඡන්ද ගුණ්ඩුවක් නොවී ඇත්තටම කෙරුණොත් හොඳයි...
ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ස්ථර තැම්පතු වල පොලී වලින් කපන 5% නැති කරන්න .. බොරු වට සුබ ආරංචි කතා එපා.. ජ්‍යේෂ්ඨ පුරවැසියන් ගෙන් කපාගත් බදු වලින් රට හදා ඇති පලේ මොකක්ද .. ඒ ඒඅය බෙහෙත් ගන්න සල්ලි උබලා කපා ගෙන රට හදන්නේ.. ඒ මිනිස්සු දුක් විදිනවා.. වයසක ලොක්කෝ රනිල් පොඩ්ඩක් හිතන්න
මේ මොන කතාවක්ද? අපේ මුදල් තැන්පතු, ආයෝජන කර එමගින් ලබාගන්නා ලාභාංශ වලිනුයි අපට ගෙවන්නේ. පිනට දෙනවා නොවේ..
මම විශ්‍රාමිකයෙක්මි තොපේ පොලිය දැන් අවශ්‍ය නැ. තොපි අපට ලැබෙන සොච්චම් පොළියටත් බදු ගහනව.දැන් දාල තියෙන්නෙ සියයට 8.7 පොළියට.පස්ස පැත්ත රත්වෙන කොටයි තොපිම ජ්‍යේෂ්ඨ පුරවැසියන් මතක් වෙන්නෙ
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් රටට කළ සේවය ඇගයීම වෙනුවෙන් විශ්රාමයෙන් පසු ඔවුන්ගේ බැංකු තැන්පත් සඳහා ලබාදුන් 15% පොළිය ඇත්තවශයෙන්ම අගයකළ යුතුය. එහෙත් පසු කාලීනව ඉතාමත් අකාරුණික ලෙස එය පහත හෙලා ඔවුන්ගේ ජිවන තත්වය පහත හෙලීම අසාධාරණය. එසේම පිළිකුල් සහගතය. කෝටි ගණනින් රජයේ හිතවතුන්ට රාජ්‍ය බැංකු වලින් ණය මුදල් ලබාදී පසුකාලීනව ඒවා බොල්ණය වශයෙන් කපා හරිද්දී සහ මහ බැංකු අධිපති නන්දලාල් ගේ ගොලබාලයින්ගේ සහ කාර්යාල කාර්ය සහයකයින්ගේ අවම වැටුප ලක්ෂ ගණන් වලින් වැඩි කරගනිද්දී ජ්‍යෙෂ්ඨ පුරවැසියාගේ බෙල්ලෙන්ම අල්ලා පහර දීමක් වැනි බැංකු පොලිය අඩුකිරීම නින්දිත නිවට ක්‍රියාවකි. කෑ බතේ පැහැරිම වැනිය. වෙනත් රටවල ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට දෙවියන්ට මෙන් සලකති. ලැබෙන වරප්රසාදද බොහෝය.
නැවත තැන්පත් කිරීමේදී මුල් මාස කිහිපය සඳහා ලබාගත් මුදලින් වැඩි ප්‍රමාණයක් ආපසු ගෙවීමට සිදුවනවා. එය නවතා ලීමට කාරුණික වන ලෙස ඉල්ලා සිටිමි...