නුගේගොඩ ශාන්ත ජෝශප් පිරිමි විදුහලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලීය විදුහල් ක්‍රීඩා පිටියේදී පැවැත්විණි.
විදුහල්පති චින්තන නෝනිස් සහෝදරතුමාගේ ආරාධනයෙන් ප්‍රතිපත්ති සැලසුම් සම්පාදන හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සහ මාරිස් නිකායේ දකුණු ආසියාවේ ප්‍රාදේශාධිපති ශාන්ති ලියනගේ සහෝදරතුමා ආරාධිත අමුත්තෝ ලෙස එක්වූහ.
2015 වසරේ නව පාසල් වාර්තා දෙකක් සිහි කරමින් හෂාන් මධුසංක ජයතුංග හා නව පාසල් වාර්තා තුනක් බිහිකරමින් සෙනන් ඇන්ඩෘසන් යන ශිෂ්‍යයෝ හොඳම ක්‍රීඩකයන්ට හිමි සම්මාන හිමිකර ගත්හ.
පාසලේ ක්‍රීඩා භාර ඩිලාන් මෙන්ඩිස් මහතා සහ පාසලේ සිසු දරුවෝ ක්‍රීඩා සංදර්ශන ආදියෙන් යුතුව ක්‍රීඩා උළෙල සංවිධානය කළහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දස්කම් පෑ දරුවන්ට සුබ පැතුම්! විදුහල් මාතාවට ජය වේවා! (නි)