පසුගිය දෙසැම්බර් 29 දා පොළොන්නරුවේ මනම්පිටියට වැටුණු උල්කාශ්ම කොටසක තිබී ෆොසිල බවට පත්වූ ඇල්ගී සෛල ලෙස විශ්වාස කළ හැකි කොටස් හමුවී ඇතැයි එංගලන්තයේ බකිංහැම් විශ්විද්‍යාලයේ තාරකා විද්‍යාව පිළිබඳ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ පවසයි.
එම උල්කාශ්ම කැබලි ඉලෙක්ට්‍රොනික අන්වීක්ෂයකින් පරීක්ෂා කිරීමේදී මෙම සාධක ලැබුණු බවත් එය පෘථිවියෙන් පිටත ජීවය පවතින බවට ලැබුණු ප්‍රථම සාධකය බවත් මහාචාර්ය වික්‍රමසිංහ වැඩිදුරටත් පවසයි.
මෙලෙස හමුවී ඇත්තේ ඩයටම ලෙස හඳුන්වන ඇල්ගී කොටස් බවත් ජීවීන් සහිත අභ්‍යන්තරික සාගරයකින් වෙන්වී වල්ගාතරුවක් සමග එය පැමිණෙන්නට ඇති බවත් ඔහු පවසයි. වසර ලක්ෂ ගණනක් සූර්යයා වටා භ්‍රමණය වෙමින් තිබූ මේ උල්කාපාත කොටසේ ජලය වාෂ්ප වන්නට ඇති බව ද මහාචර්ය වරයාගේ මතයයි.
ඔහු පවසන්නේ තම පර්යේෂණ වලින් හමුව ඇත්තේ ඇල්ගී ඩයටම වල පාෂාණිභූත වූ ෆොසිල බැවින් එය උල්කාපාතය පෘථිවි වායුගෝලයට ඇතුළු වීමේදී එකතුවූවක් නොවේයැයි තහවුරු වන බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනන්ත වූ විශ්වය ගැන සෙවීම පලක් නැති දෙයක් (දී)
ලාංකිකයෙක් නිසා අපටත් ආඩම්බරයි. ඒත් රතු වැස්ස ගැන කිවූ දේ වගේ වෙයිද කියලත් සැකයි. (නි)
ජීවීන් සහිත සාගරයක ඝන ද්‍රව්‍ය කොටසක් අභ්‍යවකාශ ගත වී මෙතරම් ප්‍රකෝටි සංඛ්‍යාත දුරක් ඇල්ගී ටිකත් රැකගෙන (වායුගෝලයේ ගැටීමෙන් අංශක දහස් ගණනක උණුසුමින් ගිනිගනිත්දීත්- දැක්කනේ වලස්මුල්ලේ කොස්ගහ උල්කාෂ්මය වැටී ගිනිගත් හැටි..) ආවේ කොහොමද කියා අපට තේරුම් කර දෙන්න කාටහරි පුලුවන්ද? (නි)
අපේ උගතුන් සියල්ලම වගේ සේවය කරන්නේ පිටරටවල වගෙයි නේද? (නි)
අනිවාර්යයෙන්ම (දී)
බුදු දහමට අනුව මනුෂ්‍ය ලෝක ඇත්තේ එකකි. (නි)
එය දෝෂාභියෝග නැති ලොවක් වේවා! (නි)
හරිම ෂෝක්. මමත් යනවා. (නි)
මිනිසුනේ, මෝඩ වැඩ කරන එක නවතාපල්ලා. ඕවා අතින් අල්ලන්න යන්න එපා. (නි)
අනේ අපිව එහෙ ගෙනියන්නකෝ (දී)
බුදු දහමේ නම් කියලා තියෙන්නේ අවට ඇති විශ්වයන් ගැන හොයන්න කලින් තමන්ගේ සසර ගමන කෙටි කර ගන්න වැඩ කරන්න කියලා (දී)
තව කොච්චර ඇතිද (දී)
අන්තර් ජාතිකව මහාචාර්ය තුමාගේ අදහස් වැඩිය ගණන් ගන්න බවක් පෙන්නේ නෑ (අ)
අනේ මොකක්හරි වැඩපිළිවෙළක් හදන්නකෝ අපිවත් එහෙට යවන්න. (නි)
සනත්, අංගුත්තර නිකායේ ලෝකධාතු විඤ්ඤාපන සූත්‍රය බලන්න. පළමු ධර්මදේශනාව වූ දම් සක් සූත්‍රය අවසානයේදී දසදහසක් ලෝක ධාතුව කම්පා වුණා. (ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඔබ කියූ ආකාරයේ දෙයක් කියා නැත.) රෝහිතස්ස සූත්‍රයත් බලන්න. (නි)
පිස්සු හැදෙනවා (දී)
මේ විශ්වය විශාලයි (දී)
ඒක හොදයි දැන් මෙහෙ ඉඩත් අඩුයි නේ (දී)
මෙයට ලෝක අවධානය යොමු වේවි. කවුරුන් හෝ යමක් කී විට එයට එරෙහිව බුරන්නේ නැති ජාතින් තව ලෝකයේ ඉන්නවා. මෙය සත්‍යද අසත්‍යද කියා සොයා බැලීම වැදගත්. නාසා ආයතනය පෘතුවියට පිටින් ජීවය ඇත්දැයි සෙවීමට මහා ධනස්කන්දයක් වියදම් කරනවා. (නි)
ඒක හොද ආරංචියක් (දී)
වෙන්න පුළුවන් , ඔය තව තවත් චක්‍රාවාට හොයා ගන්නේ (දී)
මෙතුමා අපිට ආඩම්බරයක්. (නි)
අපි තනි නැහැ එහෙනම්? (නි)
වසන්ත, චන්ද්‍රා වික්‍රමසිංහ කියන්නෙ ලොව පිළිගත් අභ්‍යවකාශ-ජීව විද්‍යාඥයෙක් සහ ගණිතඥයෙක්. ඔහු නොසැලිකිලිමත් ලෙස අදහස් දක්වන්නෙක් නොවේ. ඔහු සම නිර්මාතෘවරයෙක් ව්ද්‍යා ලොව මහත් ආන්දොලනයකට තුඩු දුන් පැන්ස්පර්මියා වාදයේ . එමනිසා කළබල වෙන්න එපා. ඔහුගේ මෙම අදහස් ලොව පුරා විද්‍යාඥයින්ගේ අවධානයට නිතැතින්ම යොමු වෙයි.
හෙට අනිද්දා වෙද්දි ලංකාවෙ කට්ටියට පිටසක්වළ ජීවියොත් එක්ක කතා කරන්නත් අවස්ථාව ලැබේවි. (නි)