ජනතා විමුක්ති පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය යනු පක්ෂ දෙකක් නොව එකක් බවත් රවුෆ් හකීම්, සම්බන්ධන්, අසන් අලී, සුමන්තිරන් වැනි සුළු පක්ෂ නියෝජිතයන් අපේක්ෂා කරන වෙනම රාජ්‍ය ලබාදීමට වුව රනිල් වික්‍රමසිංහ මහතා එකඟවනු ඇතැයිද ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසූහ.
ඡායාරූප හා වීඩියෝ - ඉෂංක සුනිමල්


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක වෙන්නේ කොහොමද හමුදුරුවනේ.(හේ)
භික්ෂුන් වහන්සේලා දේශපාලනය වෙුනවෙන් කඩේ යන්නේ ඇයි ?(නදී)
කතාව ඇත්ත (නදී)
හාමුදුරුවනේ, ඔබ වහන්සේගේ කීමෙහි සත්‍ය තාවයක් තියනවා. අන්තවාදීව යම් ක්‍රියාවක් කිරීමේදී මෙහෙම වෙනවා. මහින්ද විරොා්ධී පෙරමුණේ ඉස්සරහින්ම ඉන්නේ ජේ වී පී එක. අද යු එන් පී එකට න්‍යායචාර්යවරු වැඩිවෙලා ඉන්නේ. ඔය කියන සමාජ වාදියෝ කියනවා බලය විමද්‍ය ගත කරනවලු. ත්‍රස්ත සිරකරුවෝ නිදහස් කරන්න කතා කරනවලු. ටී.එන් ඒ මැතිවරණ ප්‍රකාශනයේ තියෙන්නෙත් මේ ඉල්ලීම් ගැන. මේ පිලිබඳව ඔවුන් කතා කරන්නේ නැහැ. මේකෙන් පේන්නේ රනිල් හා ඔවුන් අතර පොදු එකග තාවයක් පවතින බැවි පෙනෙනවා. ඔවුන්ට මේ සටනේ අරමුණු නැහැ. රනිල්ට වගේම, මහින්ද විරෝදය විතරයි තියෙන්නේ. (නදී)
අපිට පව් පුරවනවා .... (නදී)
සිංහල වේවා මුස්ලිම් වේවා දමිල වේවා ඉතා සුළු පිරිසක් ඉන්නවා වැඩක් නැතුවට ජාතිවාදය කරපින්නගත්ත. බහුතරයකට ඕනේ එකේ නෙමෙයි. සමගියෙන් පාඩුවේ ජීවත්වෙන්න. (නදී)
අපේ හාමුදුරුවනේ, පාලකයෝ සාස්තර කාරයෝ පස්සේ දුවද්දී,පවුල් වාදියෙක් වෙද්දී,කුඩ්ඩන්ට තක්කඩියන්ට, කොමිස් කාක්කන්ට,ස්ත්‍රී දුෂකයන්ට තැන දෙද්දී, එයාගේ හෙන්චයියෝ මිනිස්සු ගස් බඳිද්දී නිකමටවත් හිතුනේ නැද්ද ඔය දැන් අපට කියනවා වගේ බන පදයක් කියන්ට (නදී)
අපේ මිනිස්සුනට තියෙන්නේ බොරු ආඩම්බරකාර ජාතිවාදයක් මිසක් රටක් විදිහට අපි ගොඩ නැගෙන්නේ කියන අදහස නොවෙයි. මම ඉන්නේ සවුදි අරාබියේ. ඉන්දියාවේ ඒ ඒ ප්‍රාන්තවල මිනිස්සු කන්නේ බොන්නේ ගමන් බිමන් යන්නේ එකට. මෙහෙ ඉන්න අපේ සිංහලයෝ දේශපාලන පක්ෂවලට බෙදිලා කන්නේ බොන්නේ ගමන් බිමන් යන්නේ වෙන වෙනම. හාමුදුරුවනේ ඔබ වහන්සේලා කරන්න ඕනේ ඇවිලෙන ගින්නට පිදුරුදාන එක නොවෙයි. එ්ක නිවන එක. නැත්නම් අපේ රට 22 වන ශතවර්ශයේත් 18 වන ශතවර්ෂය වගේ තියේවි. (නදී)
රවුෆ් හකීම්, අසන් අලී කවද්ද වෙනම රටක් ඉල්ලුවේ. මුසාවාදා වේරමණී...(බ)
දන්නවා උනත් නොදන්නවා වගේ ඉන්න අයට මොනවා උනත් ගානක් නැහැ. (බ)
ජාතිවාදය අවුස්සන්න එපා. පක්ෂ පාට ජාතිවාදය, ආගම් වාදය නැතිව රට දියුණු කරන්න (නදී)
මොන බණ පොතේ ද එහෙම තියෙන්නේ (ම).
පසුගිය රජයෙන් ලැබුණ යහපාලනයෙන් අහෝසි වුණ සියලු සැප සම්පත් නැවත ලබා ගැනීමට සටන් කළ යුතුයි . (ම)
ඕක මේ රටේ කවුරුත් දන්නා සත්‍යයක් හාමදුරුවනේ..විජේවිරලා ගමනායකළ ඉන්න තැනකින් පිම්මේ ඇවිත් කළු කුමාරගේ බෙල්ල මිරිකනවා පක්ෂයටත් පක්ෂය වෙනුවෙන් දස වද විද මියගිය මියගිය සියලු සහෝදරවරුන්ටත් මේ කරන අපහාසෙ දන්නවනම්..(බ)
අගමැති අනුග්‍රහණයෙන් ජේ වී පි රැලිය කදිම නිදසුනක් (නදී)
දැන් ජ වි පෙ කැට හොල්ලන්නේ නෑ......... කෙලින්ම එජාපයෙන් ඉල්ලගන්නවා (නදී)
ඔබ වහන්සේ කියන්නේ ඇත්ත හාමුදුරුවනේ (නදී)
මෙහෙම ගියොත් 5000 කල් බුද්ධාගම තියෙන එකක් නැහැ වගේ. (නදී)
ගිහි උදවිය සහ පුජ්‍ය පක්ෂය තමන්ගේ සමාජ භූමිකාව අමතක කලාම මෙහෙම ප්‍රකාශ අහන්න ලැබෙනවා (නදී)
මෝරාගෙන් තෝරා වෙන්කර ගන්නටත්, පරයාගෙන් පරවා වෙන්කර ගන්නටත් කූනිස්සාගෙන් ඉස්සා වෙන්කර ගන්නටත් කරිජ්ජ පෑගූ අයට හැකි උවත් අවදානම කුමක්දැයි බලලෝභයෙන් ගිනිකණ වැටී සිටින අයට වැටහෙන්නේ නැත. ‘විනාස කාලේ විපරීත බුද්ධිඃ’ කියා පෙර කියා ඇත්තේ මෙවැනි අවස්ථාවලටය. ඔවුන්ගේ ආගමනයෙන් මුල් දිනවල ඇතිවූ දිස්නය දැන් ශීඝ‍්‍රයෙන් වියැකෙමින් යයි. ඒ යළි ගොඩගත නොහැකි ලෙසටය. (නදී)
මෙවැනි අදහස් ප්‍රකාශ කිරීමට තරම් තත්වයකට පත්වීම අපට ඉතාම් කණගාටුදායකයි. (නදී)
බුදුන් වහන්සේ අද ජීවමානව වැඩ සිටියා නම් බලයට, ප්‍රසිද්ධියට හා කීර්තියට ලොබ කරන භික්ෂුන් සිටින ශ්‍රී ලංකාවට පිරිනිවන් පාන තුරුම වැඩම නොකරන බව විශ්වාසයි. ඉතින් දේශපාලනය ගැන ඔබ වහන්සේ දෙසන දේ ගැන කුමන කතාද? (නදී)
ඒකනේ හාමුදුරුවනේ ඔය පක්ෂ දෙකේ අය එහෙට මෙහෙට මාරු වෙන්නේ (නදී)
හාමුදුරුවනේ මහින්ද මහතා දුන් ඉඩමේ ඉදිකිරීම් අවසන්ද? (නදී)
අපේ හාමුදුරුවෙන් සත්‍ය රටට හෙලිකෙරුවට පින්. (බ)
තරහා අවසර අපේ හාමුදුරුවනේ... ඔබවහන්සේලා මේ විදියටම මහින්ද මහත්තයගේ වැරදි අඩුපාඩු කියල දුන්නනම් අදටත් එතුමා මෙරටේ ජනාධිපති... ඔබවහන්සේලා දැන් කඩිමුඩියේ වෙනම රාජ්‍ය ලබාදීමට යන බව වදාරනකොට අපිට සිහිපත් වෙන්නේ දළදාව ළඟ රේස් පදිනකොට, කැසිනෝ පනත් ගේනකොට, නමගිය කුඩ්ඩෝ අපරාධකාරයෝ පාර්ලිමේන්තු යනකොට අහිංසක මිනිසුන්ගේ ඉඩම් සුද්දන් දෙනකොට දැන උගත් ඔබවහන්සේලා කොහෙද වැඩහිටියේ කියන එක තමයි.. (බ)
එහෙත් හාමුදුරුවනේ, අවුලක් නෑ. සන්දාන යයි යූ.එන්.පී යයි පක්ෂ දෙකක් නොවැ. බලාගන්න බැරිය ඒ පක්ෂ වලින් පත්වෙන අය 18 වෙනිදට වැඩි බලය ඇති පැත්තට මාරු වෙන අපූරුව.(නදී)
කුඩු එතනෝල් විකුණන ගමන්, එහෙම කට්ටියගෙන් යැපෙන ගමන් දේශප්‍රේමය ගැන කතා කරනවා. මේ සැරේ අපිත් ජවිපෙට (නදී)
ඔබ වහන්සේ කර ඇති ප්‍රකාශය අනුමත කරමි. අපි හිතමු බැරි වෙලා වත් මැතිවරණය තීරණාත්මක එකක් නො වුණොත් ජවිපය කැමති වනු ඇත්තේ කවර පක්ෂයකට ද? ඔවුන් මෑත දී කලාක් මෙන් එජාපයට හේත්තු වීමට ඇති සම්භාවිතාව වැඩි ය. එම නිසා දුර දක්නා ඡන්දදායකයන් ඉතා කල්පනාකාරීව ඡන්දය පාවිච්චි කළ යුතු ය. (බ)
මැදගොඩ සුමන තිස්ස හාමුදුරුවෝ ඉන්න කාලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක කාරකාදීන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුසාසනා කළා. සිර්මාවෝ මැතිනිට ඉන් විශාල ධෛර්යක් ලැබුනා යහපත් දේම කරන්න. ඔබගේ මග පෙන්වීම ඔස්සේ ගිය මහින්ද ට වුදේ ඔබ දුටුවානේ. දැන්වත් දහමට කැපවන්න! (නදී)
අනේ ඔය මැදගොඩ අභයතිස්ස හිමි කෙලින්ම මහින්දට ඡන්දය දෙන්න කිව්වා නම් හරි නේ. නිකන් වහෙන් ඔරෝ ඇවිත් හතර වෙනි සිල් පදය කඩන නැතුව (බ)
මිලියන හයසිය පනහ හොඳට වැඩකරනවා වගේ (නදී)
මොන පක්ෂ හරි එකතුවෙලා අපේ රටේ ජිවන බර අඩු කරලා, හොරකම්, වංචාකල දුෂිතයන් නිතිය හමුවට ගෙන ගොස් දඩුවම් කර රට දියුනු කරනවානම් අපි කැමතියි. බොරු අධිරාජ්‍යවාදී බිල්ලෙක් පෙන්නමින් අපිව පවුල් පාලනයකට යට කරනවට අපි කැමති නැහැ. බොරු ආගම් වාදය සහ ජාති වාදය නිසා රටේ ජාතින් එකිනෙකාට විරුද්ධ යුධ වැදීමෙන් රට පිරිහේ (නදී)
පුජ්‍ය පක්ෂයට තමන්ගේ සමාජ භූමිකාව අමතක වෙලා බව පේනවා. අපිට ඉදිරියට ඉතිරි වෙන්නේ බුද්ධ ශාසනයක් නොව දේශපාලන ශාසනයකි. (නදී)
නිසාර් නිකන් බබා වෙන්න එපා හලෝ ඔහෙලා වෙනම රටක් ඉල්ලුවේ නැති උනාට වෙනම පරිපාලන දිස්ත්‍රික්ක ඉල්ලනේ නැද්ද මේ රට දෙකඩ කරන හැම වෙලාවේම ඉස්සරහට අාවේ හාමුදුරුවරු මිසක් ඔහෙලා නෙවෙයි (බ)
ශ්‍රී ලාල්, මගේ සුබ පැතුම් ඔබට, ඉතා වටිනා කතාවක් කළා. (නදී)
අපේ සිංහල මිනිසුන්ට හැම දෙයක්ම විහිළුවක් වෙලා අනේ මම දන්නේ නැහැ ඇයිද කියලා හාමුදුරුවනේ ඔබ වහන්සේ කොපමණ පැහැදිලි කරලා දේසනා කලත් පේනවා නේද මේ අදහස් දක්වලා තියන අයගේ කතා. මෙයාලා රටට මොනවා උනත් මුකුත් උනේ නැති විදියට කට වහගෙන බලාගෙන ඉදිවී. එදාට ඔන්නම් කියවී හාමුදුරුවනේ බුදිද කියලා. ඔය බණක් බවනාවක් කරගෙන ඉන්න කියන අයම. (නදී)
හොරු ජවිපෙට බයයි (නදී)
ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණ වේවා ! (නදී)
ශ්‍රී ලාල්, සත්‍ය රටට හෙළි කලාට ඔයාට ගොඩක් පින්. (නදී)
අනේ හාමුදුරුවනේ ඇයි ඔය දේශපාලනය මඩ වගුරට බසින්න හදන්නේ (ම)
අපිට ඉදිරියේදී දකින්න ලැබෙන්නේ බුද්ධ ශාසනයක් නෙමෙයි දේශපාලනශාසනයක් (නදී)
ශ්‍රීලාල්, මම බොරලැස්ගමුවේ ඉන්නේ එනිසා වග කීමෙන් කියන්නේ, එදා අපේ හමුදුරුවොන්ගේ කට වැහුනේ, රජයේ ප්‍රබලයෙක් රාජ්‍ය ආරක්ෂක පිරිසක් යොදවල ඔය පන්සලට අයත් බොරලැස්ගමුවේ පොලිසිය ළඟ ඉඩමේ වෙළඳ සංකීර්ණයක් හදල දුන්න නිසා හැබැයි ජන -08න් පස්සේ දැන් වැඩ කරන්නේ වෙන පිරිසක්, බොරුනම් ගිහින් බලන්න, ඔන්න ඕකයි ඇත්ත තත්වය, තණ්හාය ජායතී සෝකෝ අපේ හාමුදුරුවනේ, පෘතග්ජන අපිට වඩා ඔබවහන්සේගේ නිවන දුරයි (නදී)
උපන් රට රැකීම උසස් -නමුත් සසුන රැකීම අති උතුම් (නදී)
යැපෙන ගමන් දේශප්‍රේමය ගැන කතා කරනවා. මේ සැරේ අපිත් ජවිපෙට (ම)
රත්නායක,නිෂර්, ඇත්ත ඇති සැටියන් බලන්න. කුහකයි අහෝ කුහකයි අද සමාජය (නදී)
එක්සත් ජාතික පක්ෂයයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි එකම කාසියේ දෙපැත්ත කියන්න දිව නැමෙන්නේ නැද්ද? (නදී)
හාමුදුරුවනේ ඉස්සර වෙලාම ධම්මචක්ක පවත්තන සුත්‍රය තේරුම් ගන්න බලන්න, (නදී)
තමුනාන්සේ මහින්දව පරද්දන කොන්ත්‍රාත්තුව ගත්තේ කාගෙන්ද?මහින්දව සුළු ජාතීන්ට එපා කරවන්ඩ එපා.(නදී)
ඔය අපේ හාමුදුරුවන්ට අනන් මනං කියල තියෙන අයටයි මේ කියන්නේ. අපේ හාමුදුරුවරු කටවහගෙන පැත්තකට වෙලා බණක් භාවනාවක් කරමින් හිටියා නම් මොකද වෙන්නේ දන්නවද. ඔයාලට වැලේ වැල් නැතුව යනවා (නදී)
අැයි මහින්ද සහ ගෝලයෝ ජනතා විමුක්ති පෙරමුණට මෙච්චර බය. මෙදා ආසන 15 ක් ගන්නවා. හොර මැරකම්, දුෂණ දෙපැත්තේම එලි කරනවා. එතනෝල්, කුඩු සහ මිනීමරුවන්ට ඉඩක් දෙන්නේ නැහැ. හාමුදුරුවනේ දානේ ටික වලදන්ඩ බණක් කියන්ඩ. ඇත්ත ඇති සැටියෙන් කියන්ඩ පුරුදු වෙන්න (නදී)
බණක් භාවනාවක් කරගෙන ඉන්නවද හාමුදුරුවනේ (බ)
නිසාර්ට ඇත්ත තේරිලා. රාවුෆ් හකීම්, අසන් අලි වෙන රටක් නෙමේ, රටෙන් කෑල්ලකුත් නෙමෙයි, සම්පූර්ණ රටයි ඉල්ලන්නේ. ඉල්ලුවාට හම්බෙන්නේ නෑ. ඒවා සිහින විතරයි මලේ. (බ)
ජේ.වී.පී එක මොනවද කළේ ? (නදී)
දේශපාලනය මඩ ගොහොරුවකි.ශාසන සේවය අමිලය. ඉදිරියටත් ශාසනය තුළම ජන මන එළිය කරන්න ශක්තිය ලැබේවා! (ම)
හාමුදුරුවරුන්ට ගිය කල (බ)
අපි හදවතින්ම ගෞරව කරන මෙවැනි හිමි නමක් දේශපාලනය ගැන කතා කිරීම පිළිබඳ කණගාටු වෙමු (බ)
පුරවැසි පෙරමුණ යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ. (බ)
හාමුදුරුවනේ ජාතිවාදී ත්‍රස්තවාදය බිහිවුන විදිය මේ රටේ බුද්ධිමත් ජනතාව ඉතා හොඳින් දන්නවා දේශපාලන බලය ලබැගැනීමට ජාතිවාදය වපුරපු දේශපාලුවෝයි ජාතිවාදී මහාසන්ඝයායි වගකියන්න ඕනෑ (බ)
ජවිපෙ ගැන ඡන්දදායකයා බලා ගනීවි හාමුදුරුවනේ. (බ)
එතකොට ඔබ වහන්සේ හාමුදුරු කෙනෙක්ද දේශපලකයෙක්ද මෙම ප්‍රශ්නය ඔබවහන්සේ ඔබෙන්ම අහන්න එවිට පිළිතුරු හම්බ වේවි (නදී)
ජවිපෙට දැන් මුල මතක නැහැ (නදී)
මේක තමයි නියම ඇත්ත (නදී)
මම පුද්ගලිකව ගරු කරන හිමි නමක් ධර්මය පැත්තේ විතරක් ඉන්නවා නම් නමුත් දේශපාලනය විනාශවීම ගැන කනගටුයි (ම)
හාමුදුරුවනේ කරුණාකරල මේ අදහස මධ්‍යස්ථව කියවල බලන්නයි කියල ඉතා ගෞරවයෙන් ඔබවහන්සේගෙන් ඉල්ලා සිටිමි. හකීම් හෝ අසාද් සාලි හෝ වෙනත් මුස්ලිම් පුද්ගලයක් හෝ වෙනම රටක් ඉල්ලුවේ නැත. තවද ඔබවහන්සේ සහයෝග දෙන මහින්ද රාජපක්ෂ පහුගිය ඡන්දෙදි හකීම්ගේ සහයෝග ගන්න සාකච්ඡා කලා. තවද පහුගිය කාලය තුල රාජපක්ෂ හිටපු ජනපතිතුමා හකීම්ව ජිනීවා සමුළුවට පවා යැව්වේ රට බේරගන්න හෝ රට කඩන්න නෙවෙයි. එහමනම් හාමුදුරුවනේ, ඔබවහන්සේගේ අදහස අනුව රාජපක්ෂ හිටපු ජනපති ලොකු පාවාදීමක් කරලා තියන්නේ. රාජපක්ෂ දිනවන්න ඕන මතයෙන් මෙවැනි අදහස් පලකරන එක සාදාරණද ? (නදී)
මැණික් ගලේ පය හැපුනත් කනා ඇහිද ගනීද එ්ක (නදී)
ඕක අපටත් තේරුනා අපෙ හාමුදුරුවනේ. සෝමවංශ මහත්තයත් කිව්වනෙ මෙයාල අලියගෙ කරේ සීනුව බැදල කියල.(නදී)
අපායටද යන්නේ ඔන්න ප්‍රවෙශය (නදී)
අලුත් බයිලා චක්‍රවර්ති කෙනෙක්. මහින්දට කඩේ යන්නේ නැතුව බුද්ධාගම බේර ගන්න වැඩක් කරන්න. බුද්ධාගමට ගිය කල. (නදී)
දන්නෝ දනිති.(ම)
ශ්‍රී ලාල් ඔය ටික විතරද මතක් උනේ. එතකොට දළදා මාලිගාවේ, අනුරාදපුරේ ශ්‍රී මහා බෝධියට බෝම්බ ගහපුවා මතක් වෙන්නේ නැතිද. (නදී)