IMG-LOGO

ජවිපෙන් පොලිසියට දොස්

රජයේ මුද්‍රණාලයේ දී පසුගිය 26 වැනි දා සේවකයනට පහර දුන් සැකකරුවන් පොලිසිය මෙතෙක් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවා නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පොලිස්පතිට ලිපියක් යවමින් කියයි.

නීතියේ ආධිපත්‍යයට අභියෝග කරමින් ප්‍රසිද්ධියේ පොලු මුගුරු රැගෙන ජනතාව බලා සිටිය දී මහ මඟදී සේවකයන්ට පහර දීමට තරම් මැර කණ්ඩායම්වලට ලැබී ඇති බලය කාගේදැයි ගැටළු සහගත බවත් හේරත් මහතා සඳහන් කරයි.

ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර සේවකයන්ගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙන මන්ත්‍රීවරයා පොලිසියෙන් ඉල්ලයි.



අදහස් (0)

ජවිපෙන් පොලිසියට දොස්

මාලනී Thursday, 02 October 2014 04:10 PM

බලමු පොලිසිය මොකද කියන්නේ කියලා (නි)

:       0       0

දීපාල් Thursday, 02 October 2014 05:00 PM

88/99 කාලය අපිට අමතක නැහැ මහත්තයෝ (නි)

:       0       0

නිමල් හෙට්ටිආරච්චි - ලන්ඩන් Friday, 03 October 2014 06:10 PM

88-89 ජවිපෙට එක් ඇඟිල්ලක් දිගු වෙනකොට රට පාලනය කළ යු එන් පියට ඇඟිලි හතරක් දිග් වෙනවා....ඒ යුගය මතක අය සාධාරණ ලෙස ඇත්ත ලිවිය යුතුයි. (නදී)

:       0       0

පෙරේරා Thursday, 02 October 2014 05:50 PM

ලංකාවේ පොලිසියත් දැන් දේශපාලනීකරණය වෙලා (නි)

:       0       0

දිනේෂ් Friday, 03 October 2014 09:52 AM

දීපාල් සිල්වා පොලිසියේ වෙඩි කාල මැරුණා. (ස)

:       0       0

චන්දන Thursday, 02 October 2014 10:03 PM

නීතිය හැමෝටම පොදු විය යුතුයි. බලයේ ඉන්න අයටත්, බලයේ නැති අයටත්. (නි)

:       0       0

කසුන් Friday, 03 October 2014 10:59 AM

ජවිපෙ ඉතින් හැමෝටම දොස්මුරේ දානවා. (ස)

:       0       0

මහේෂ්‍ Friday, 03 October 2014 12:50 AM

එඩිතර ක්‍රියාමාර්ගයක්! (නි)

:       0       0

විමුක්ති Friday, 03 October 2014 02:19 AM

රටක් ශිෂ්ටසම්පන්න වෙන්න ඕනෑ නම් නීතිය නිසිලෙස සැමට එක ලෙස ක්‍රියාත්මක වියයුතුයි. එවිට ජනතාවට නීතිය කෙරෙහි විශ්වාසයක් ඇතිවෙනවා. කවුරු කළත් හොඳ වැඩක් කරලා තියෙන්නේ. (නි)

:       0       0

ගිහාන් Friday, 03 October 2014 02:27 AM

එයාලා කාටද අනේ දොස් නොකියන්නේ? (නි)

:       0       0

නසාර් Friday, 03 October 2014 02:41 AM

පරණ දේවල් කියලා වැරදි කරනකම් උඩ බලාගෙන ඉන්නද කියන්නේ? (නි)

:       0       0

චානක Friday, 03 October 2014 03:19 AM

මෙන්න අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය. අනේ අපි කවදාද නීතිය රජවෙන රටක් හදාගන්නේ? (නි)

:       0       0

චමිල Friday, 03 October 2014 03:30 AM

කවදාහරි ඔයාලට අසාධාරණයක් වුණත් කතාකරන්න ඉන්නේ මෙයාලා විතරයි. මෙතන මෝඩ කතා කියන්න එපා. පොඩ්ඩක් සමාජයට ගිහින් බලන්න. (නි)

:       0       0

චාමී Friday, 03 October 2014 06:08 AM

මෙතන තියෙන අදහස් දිහා බැලුවහම දීපාල් සහ බන්දුල පෙරේරා යන දෙන්නම එක්කෙනාද කියල හිතෙනවා. (අ)

:       0       0

පියුමි Thursday, 02 October 2014 12:47 PM

තවත් ඡන්දය දෙමුකෝ අපි. (නි)

:       0       0

දීපාල් Friday, 03 October 2014 07:10 AM

මොන පිස්සුද දීපාල් / බන්දුල දෙන්නෙක් , (ස)

:       0       0

සාලිය Friday, 03 October 2014 07:20 AM

දීපාල් මහත්තයට 88/89 විතරක් මතක තියන එක තමා අවුල.තව ගොඩක් දෙනෙක්ට එහෙම තමා. (ස)

:       0       0

ප්‍රියංග Friday, 03 October 2014 07:38 AM

අතීතයේ වැරදි නොවේ අපට අවශ්‍ය වර්තමානය සහ අනාගතය නිවැරදි මාවතක ගමන් කිරීමය. එත් පේනතෙක් මානෙක එහෙම ලකුණක් වත් නැත. අපේ කරුමේ තමා. (ස)

:       0       0

දීපාල් Thursday, 02 October 2014 01:44 PM

88/89 කාලයේදී ඔය සහෝදරවරු හැසිරුන හැටිත් අපිට හොඳට මතකයි (නි)

:       0       0

සරණසිංහ Friday, 03 October 2014 08:19 AM

චාමි එයාම තමයි.එයාගේ අලුත් නම " සුබ අනාගතයක් " (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 23 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1559 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1687 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site