‘‘ඒකාධිපති පාලනය පරදවමු! ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙළගැසෙමු!” තේමාවෙන් යුතුව ජනතා විමුක්ති පෙරමුණ පසුගියදා නුගේගොඩ දී පැවැත්වූ ජන රැළියේදී පොදුජන යුගයක් උදාකරන තුරු ජවිපෙ ප්‍රහාරය දිගටම එල්ල කරන බව කේ.ඩී ලාල්කාන්ත කිවේය.
‘‘මහින්ද ජනාධිපතිවරණය තීරණය කළේ පසුගිය මාර්තු මාසයේ. මහින්ද සටනේ තනිවම දුවමින් හිටියා පසුගිය මාස අටේ. බත් දන්සල්, මෝටර් සයිකල්, රයිස් කුකර්, ගෑස් කුකර් බෙදුවා.
18වන සංශෝධනය අහෝසි කරන්න පාර්ලිමේන්තුවක් ඕනෑ. ජනවාරි 08 ජනාධිපතිවරණය අවසන් වූ වහාම මේ රටේ පාර්ලිමේන්තු මැතිවරණයක් එන්න ඕනෑ. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණටත් මේ රටේ ජනතාවටත් ඡන්ද දෙකක් එක සටනක් තිබෙනවා”
දැන් මෛත‍්‍රීපාල මහත්තයා දින සීයයෙන් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන බව කියනවා. 17වන සංශෝධනය නැවත කි‍්‍රයාත්මක කරනවා කිව්වා. ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අදාල කාරණා ගණනාවක් මාස කිහිපයක් ඇතුළත කි‍්‍රයාත්මක කරනවා කියනවා. මේ ගෙවුණු කාලය තුළ අත්දැකීම් ප‍්‍රමාණයක් තියෙනවා. මේ ජාතියේ පොරොන්දු දෙන පළමු අවස්ථාව නෙවෙයි. ජවිපෙ අපි තීරණ ගණනාවක් අරගෙන තිබෙනවා. ජවිපෙ මේ රටේ මෙතනින් එහාට ජවිපෙ ගැන හැර වෙන කිසිම පුද්ගලයෙක් ගැන කිසිම ව්‍යාපාරයක් ගැන චරිත සහතික දෙන්නේ නැහැ. චරිත සහතික දුන්නු ලිපි ශීර්ෂ, පෑන්, සීල් විසිකරලා දැම්මා. ඒ නිසා අපිට පිටින් හැදෙන කුමන බලවේගයක් ගැන හෝ කුමන එකමුතුවක් ගැන අපි මේ රටේ ජනතාවට සහතික දෙන්නේ නැහැ. ඒ නිසා මේ මැතිවරණයේදී ජනතාව පෙළගස්වන අරගල කරන මාවතකට ප‍්‍රවේශයක් ගත්තා.“
ජ.වි.පෙ. ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ,
මහින්ද රාජපක්‍ෂ මහත්තයා යන මේ ගමන කල් ඇතිව දැකපු එකම දේශපාලන ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණ විතරයි. අද ආණ්ඩුවෙන් එළියට බැහැලා කන් කෙඳිරි ගාන කාටත් අතීතය මතක්කර ගන්න සිද්ධ වෙලා.
2009 යුද්ධය අවසන් වීමේ ජයග‍්‍රහණය තමන්ට තනිවම ලියාගෙන 2010 ජනාධිපතිවරණයට ගියා. මහ මැතිවරණය පවත්වලා මහජනතාවගෙන් 2/3 බලය ඉල්ලූවා. නමුත් සරල බහුතරයක් විතරයි දුන්නේ. එක්සත් ජාතික පක්‍ෂය, මුස්ලිම් කොංග‍්‍රසය වගේ පක්‍ෂවලට අල්ලස් දීලා මන්තී‍්‍රවරු අරගෙන සුජාත නොවන 2/3 බලය හදාගත්තා. අල්ලස් දීලා ගත්ත 2/3 පාවිච්චි කරලා 18වන සංශෝධනය හදිසි පනතක් හැටියට සම්මත කරගත්තා. අපි පාර්ලිමේන්තුව වටකළා. පාර්ලිමේන්තුව ඇතුළේ අපේ සහෝදරවරු හඬ නැගුවා. නමුත් ලයිට් කණු වගේ ඉන්න අය අත උස්සලා ඒක සම්මත කරගත්තා
ජ.වි.පෙ. නායක අනුර දිසානායක ,
‘‘විධායක බලය තියාගෙන පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් තියාගෙන ජනාධිපතිවරණය ගෙනාවේ තවත් වසර හතකට බලයේ ඉන්න සැලසුමටයි. රාජපක්ෂ දෙවන බලයුගය ආරම්භ කළොත් රාජපක්ෂ පවුල හැර වෙනත් පාලනයක් මේ රටේ තියෙන්න පුළුවන් කමක් නැහැ. එවැනි පාලනයන් රටවල්වලට මහා විනාශයක් කැඳවලා තිබෙනවා. ලිබියාවේ ගඩාෆි, ඊජිප්තුවේ මුබාරක්, සිම්බාබ්වේ මුගාබේ වැන්නන් ඒ රටවලට ගෙනත් දුන්නේ විනාශයන් පමණයි. රාජපක්ෂගේ පළමුවෙනි බලයුගය ආර්ථිකය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය, මාධ්‍ය නිදහස විනාශ කර දමා තිබෙනවා.
යටිමඩි ගහන කොමිස් ආර්ථිකයක් හදලා තිබෙනවා. ලෝකේ පුරාම ණය අරගෙන කොන්ක‍්‍රීට් කණු ගොඩනගන එකද සංවර්ධනය කියන්නේ. තවත් මේ පාලනයට ඉඩදිය යුතුද?
ප‍්‍රජාතන්ත‍්‍රවාදය පොඩිපට්ටම් කරදමා තිබෙනවා. තවදුරටත් මේ අධිකරණ පද්ධතිය රටේ ජනතාවට යුක්තිය සාධාරණය ඉටු කරන්නේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් පත්කිරීමේ සම්ප‍්‍රදාය සුණුවිසුණු කර දැම්මා.
අද ලෝකය හමුවේ අපි හුදකලා වෙලා. විදෙස් ප‍්‍රතිපත්තිය විනාශ කර දැම්මා. විදේශ කටයුතු අමාත්‍යංශයට පවුලේ ඥාතීන් පිරෙව්වා. ජී.එල්. පීරිස් ටයිකෝට් දාලා හිටියට අද විදේශ කටයුතු අමාත්‍යංශය පාලනය කරන්නේ සචින් වාස් ගුණවර්ධනයි. ඒ මදිවට හැම ඡන්දයකටම විදුලි පුටු කතා කියනවා. යුධ අධිකරණ කතා කියනවා. ජනතාව මුලා කරනවා. ධීවර කර්මාන්තයට පහර වැදුණා. යුරෝපයට මාළු අපනයනය කරන්න බැහැ. ඇගළුම් කර්මාන්තයට පහර වැදුනා. ජී.එස්.පී ප්ලස් නැතිවුණා. ඒ නිසා රටේ පෞරුෂය ආරක්ෂා කරගන්න මේ පාලනය ගෙදර යවන්න ඕනෑ.
රාජපක්ෂගේ කඩේ බඩු ගන්න එක නතර කරන්න ඕනෑ. ඒ විතරක් නෙවෙයි රාජපක්ෂගේ කඩය වහලා දාන්න ඕනෑ. අනෙක් පැත්තේ මෛත‍්‍රී මුදලාලිගේ කඩේ. ඒ කඩේ බෝර්ඩ් එක හොඳයි. ‘විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවා. 17වන සංශෝධනය නැවත ගේනවා. 18 අහෝසි කරනවා.’ කඩේ බෝර්ඞ් එක හොඳයි. මුදලාලිත් අලූත්. නමුත් අලූත් කඩේ බඩු ගැන අපිට ෂුවර් නැහැ. නමුත් අපි සහතික කරලා කියනවා රාජපක්ෂගේ කඩේ වහලා දාන්න ඕනෑ කියලා. ජනතාව තීරණය කළ යුතුයි යන්න ඕන කඩේ මොකක්ද කියලා. දැන් රාජපක්ෂ ස්ටෝර්ස් එකේ වැඩ කරපු අයත් එළියට ඇවිත් ඉන්නේ. ඒ අය කියනවා එදා රාජපක්ෂ කරපු වැඩවලට අත උස්සපු එකට අද කණගාටු වෙනවා කියලා. ජවිපෙ අපි ඒ කතා එදා ඉඳලා කිව්වා. ඒ නිසා වහලා දාන්න ඕනෑ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන ජේ.වී.පී එකට කඩේ යන්නේ සත්‍යපාල විතරයි. පව් කියලත් හිතෙනවා (නදී)
ඔය කියන කවුරුත් පොරොන්දු දෙන්නේ බලයට එන තුරු පමණයිනේ. බල ලොභිත්වයනේ තියෙන්නේ. අනික රටට එපා උන අය එකතු කරළා නම් කවදාවත් රට හදන්න බැහැ. (නදී)
මේ වගේ අපැහිදිලි කතාවලින් තමයි මේ ගොල්ල හැමදාම අපිව ඇන්දුවේ. ජ.වී.පෙ. කියන්නේ මේ ලෝකේ තේරුමක් නැති කතා කියන පිරිසක් බව නැවතත් තහවුරු කළා. (නදී)
අපිට නම් මුළු දේශපාලනයම සැකයි .අප්පිරියයි . (අ)
අතීතය බැලුවම මේගොල්ලෝ හරියට මීහරකගේ ඇගේ ඉන්න මැක්කෝ වගේ! (ස)
උතුරු නැගෙනහිර පලාත් සභාවට මැතිවරණය පවත්වද්දි හෙල උරැමයේ ගම්මන්පිල මහත්තයා ජ.වි.පෙ. නායක අනුර කුමාර මහත්තයට ගන්න පුළුවන් ඡන්ද සංඛ්‍යව ගැන අභියොග කලාම හෙල උරුමය මැතිවරණයට ඉදිරිපත් නොවී කරන විවේචන ගනන් ගත යුතු නැහැ කිවිවා. ජේ.වි.පිය ඉදිරිපත් නොවී කරන විවේචන ගනන් ගන්න ඕනද? (ර)
ජේ.වී.පී එක ඉදිරිපත් කරන පණිවිඩය හරිම පැටළිලි සහගතයි. මහින්ද රාජපක්ෂ අනිවාර්යයෙන්ම බලයෙන් පහකල යුතුයි කියන ගමන්ම, අනිත් පැත්තෙන් කියනවා මෛතීපාල ඇතුලු පොදු විපක්ශ බලවේග ශුවර් නෑ කියලා. ජේ.වි.පි ය මේ එක එක සංකීර්ණ දේවල් කියන්නේ නැතුව, මෛතීපාල ඇතුලු පොදු විපක්ශයට එකතු වෙන්න ඕනා. පොදු බලවේගයක් විදියට වැඩ කලොත් විතරයි, ඔය කියන දේවල් කර ගන්න පුළුවන්. ජාත්‍යන්තරව අපි හුදකලා වෙලා කියන ජේ.වී.පී එක, පළමුව මේ රට ඇතුලේ හුදකලා ගමනක් යන්නේ නැතුව, පොදුවේ වැඩ කල යුතුයි. (නදී)
ජේ වී පි එක කියන දේවල් වල කිසිම පැටලිලි සහගත තත්වයක් නැහැ. පැහැදිලියි පමණක් නොවෙයි නිරාකුලයි, ඔවුන් මහින්ද මහත්තයාව පරාජය කරන්න කියනවා ඔහුව පරාජය කරන්න කළහැකි හැමදෙයක්ම කරනවා කියනවා හැබැයි ඔවුන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට ඡන්දය දෙන්න කියන්නේ නැත්තේ ඔහු බලයට පැමිණ පොරොන්දු ඉටු නොකලොත් එහි වගකීම ඔවුන්ට භාර ගැනීමට නොහැකි නිසා පමණක් නොව ඒ සදහා ජනතාව පෙලගස්සවා ජනතා අරගලයක් මතින් හෝ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ අරමුණින් වන අතර ඒ සදහා ජනතාව ඉදිරියට යාමට නම් ඔවුන් මෙම සන්ධානයේ හවුල් කරුවන් නොවීම වාසි සහගත වන අතර වර්තමාන ජනාධිපතිවරයා පැරදවිය හැකි එකම අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන මහතා බවට රටේ ජනතාව තේරුම් අරගෙන ඇති නිසා ඒ පිලිබදව අලුතෙන් පැවසීමට අවශ්‍ය නොවනු ඇති බවට ඔවුන් කල්පනා කරනවා ඇත. (නදී)
අහෝ ජේ.වී.පී එකේ අවසානය. ගොඩ ඉදන් වී වපුරන්න බැහැ. මැදට බහින්න. 38 අරන් අන්තිමේදී කරපු මෝඩ වැඩේ මතකයිනේ. (නදී)
මෛත‍්‍රී මුදලාලිගේ කඩේ. ඒ කඩේ බෝර්ඩ් එක හොඳයි. කඩේ බඩු ගැන අපිට ෂුවර් නැහැ. මෛත‍්‍රීපාල මහත්තයා දින සියයෙන් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන බව කියනවා අපිට ෂුවර් නැහැ. එවැනි එකමුතුවක් ගැන අපි මේ රටේ ජනතාවට සහතික දෙන්නේ නෑ. අද කණගාටු වෙනවා රාජපක්ෂ ආරක්ෂා කරගන්න බැරි උන එකට (නදී)
සත්‍යපාල හරි (අ)
මේ කතාව අපැහැදිලියි කියන්නෙ තම තමන්ට අවශ්‍ය විදියට ඔවුන්ව හසුරුවාගන්න බැරි උදවිය කියලයි මම නම් කියන්නේ. සත්‍යපාල ඉතාම සරලව පැහැදිලි කර තියෙනවා. ඔවුන් කොහෙවත් කියන්නේ නැහැ වර්ජනය කරන්න කියලා. (නි)