ජනතා විමුක්ති පෙරමුණ සිතාගෙන ඉන්නේ කවුරුන් හෝ ආණ්ඩුවක් හදන පිරිසට එකතුවෙලා මුක්කුවක් ගසා තල්ලුවක් දී මොකක් හෝ කරගන්න පුළුවන් යනුවෙන් බව පෙරටුගාමී පක්ෂයේ පුබුදු ජයගොඩ මහතා අලුත්වල බාන්වැල්ගොඩැල්ල ජනහමුවකදී පැවසීය.
‘ඒගොල්ලෝ කිව්වේ නවීන සමාජවාදය හදනවා කියලා. එක්සත් ජාතික පක්ෂයේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් කට්ටිය බල බල ඉන්නවා කවුද දිනන්නේ කියලා. වැඩිම ආසන ලබාගන්න පක්ෂයකට වැඩිම ගණනක් අරන් පනින්න බලාගෙන ඉන්නවා‘ යැයිද ජයගොඩ මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටට තියන ප්‍රශ්නය දැන් ජේවිපි එකද? (ම)
අනේ නිකන් සීඅයිඒ එකෙයි එල්ටීටීඊ එකෙයි සල්ලිවලට කහින්න එපා (බ)
මෙයාලා දාල ඉන්නේ ජේ වී පී එකට වල කපන්න. (නදී)
ජවිපෙට තමයි මෙවර මගේ ඡන්දය (නි)
අනේ එහෙම කියන්න එපා. ලංකා ඉතිහාසයේ අමරණීය විප්ලව කළ සටන්කාමී පක්ෂයක් ජවිපෙ කියන්නේ. (නි)
මේගොල්ලෝ කළදේකුත් නැහැ. ජවිපෙ ඇදකුද හොයනවා විතරයි. මහා කතා කිවුවට ගිය පාර ජනාධිපතිවරණයේදී මුළු ලංකාවෙන්ම ඡන්ද 3000 යි ලැබුණේ (නි)
අනේ මහත්තයෝ, ජවිපෙ නම් කාටවත් මුක්කු ගහන්න හදන්නේ නැහැ. (නි)
මෙයාලා ජවිපෙ එක්ක පැටළෙන්නේ හරියට ජ.වි.පෙ ළඟ එන ඡන්දෙන් රාජ්‍ය බලය ගන්නවා වගෙයි. මහා ලොකු විප්ලවවාදීන් හරි නම් පැටළෙන්න ඕනෑ ධනපති පන්තියත් එක්ක (නි)
විදුරු ගෙවල් වල ඉඳගෙන ගල් ගහනකොට බලාගෙන හොඳේ (නි)
පුබුදු ඔයාල දෙයක් ගත්තනම් දෙයක් ඉගෙන ගත්තනම් ඒ ජවිපේ නිසයි. එ්ක අමතක කරන්න එපා එකම පන්තියේ අයට ගරහන්න එපා අඩු පාඩු අැති ඒවා වටහාගෙන කටයුතු කරන්න නිහතමානී වෙන්න යන්න ඕන සමාජවාදයට නම් පාර ටිකක් එහෙ මෙහෙ වුනාට කමක් නැහැ ඔයාලත් එන පාරකින් අවසාන අරමුණට එන්න එක අත්තක වහන්න ඕන කුරුල්ලන්ගේ තටු කඩන්න හදන්න එපා (බ)
දැන් කතා ඇති මහත්තයෝ (නි)
අපි දන්නවා මුක්කු ගහන්න හදන්නේ කවුද කියලා (නි)
මගේ පළමු ඡන්දය මම දුන්නේ 94 දී ජේ. වී. පි. එකට. ලොකු බලාපොරොත්තුවක් තිබුණා. එහෙත් ආසන 41 රටට අරගෙන කිසිම දෙයක් කළේ නැහැ. අන්තිමට චන්ද්‍රිකාට මුක්කු ගැහුවා. දිනුවට පස්සේ දිනපු අය වෙන පක්ෂ වලට පැනගත්තා. දක්ෂයෝ පක්ෂෙන් එළවා ගත්තා. මම නම් ජීවිතේ ඡන්දෙ නොදැම්මත්, කවදාවත් ආයේ ජේ. වී. පි. එකට ඡන්දෙ නම් දෙන්නේ නැහැ (නි)
මෙයාලත් එකයි ජ වී පෙ ත් එකයි (ම)
ඇත්තටම කවුද මේ පුබුදු ජයගොඩ ? මෙයා අඟහරු ලෝකෙන්ද ඇවිල්ලා තියෙන්නේ. කරුණාකර පළමුව මිනිසුන් දිනාගෙන ඡන්ද පදනමක් හදාගන්න. මෙවර පිටරට සිටින අප බහුතරයක් ඒ වගේම රටේ ජනතාවගේ බහුතර ආදරයට ගෞරවයට පාත්‍ර වුණු එකම පක්ෂය ජවිපෙ. මෙවර විශාල ධනාත්මක ජන අරගලයක් බලාපොරොත්තු වන්න. ජයවේවා ! (බ)