19 වැනි සංශෝධනයට ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය දෙන බව එහි ලේකම් ටිල්වින් සිල්වා මහතා කියයි.
විධායක බලතල සම්බන්ධයෙන් ටිකක් හරි හොඳ දේකට සහාය දීමේ පිළිවෙත අනුව ජවිපෙ එහි අඩුපාඩුකම් ඇතත් සහාය දෙන බව ඔහු සඳහන් කරයි.
ඊට සහාය දෙන ලෙස සෙසු පක්ෂවලින්ද ඔහු ඉල්ලයි.
ඡන්ද ක්‍රමය වෙනස් කිරීම සඳහාවන 20 වැනි සංශෝධනය සමග 19 පටලවාගන්න එපා යැයිද ඔහු පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෙටුම්පත් කළ සංශෝධනය ඔවුන්ගේ ඕනෑ එපාකම් අනුව ඉදිරිපත් කර ඇතැයිද එය පිළිගත නොහැකි යැයිද ඔහු පෙන්වා දෙයි. පාර්ලිමේන්තුවේ හැම පක්ෂයේම අදහස් අනුව මැතිවරණ ක්‍රමය ගැන තීරණයක් ගත යුතු බවද ඔහු කියයි. මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වූ පමණින් ශ්‍රීලනිප යෝජනාව අනුමත කළ නොහැකි යැයිද ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වගකීමට පෙර ඔහුට ඡන්දය දුන් හැට දෙලක්ෂයක් ජනතාවට දුන් පොරොන්දු අනුව ක්‍රියා කළ යුතු යැයිද ජවිපෙ ලේකම් පවසයි.
ඡායාරූප - ලහිරු හර්ෂණ
වීඩියෝ - ලහිරු හර්ෂණ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාල කොහොමත් විධායක ජනාධ්පති ක්‍රමයට කැමති නැ මොකද එයාලට කවදාවත් ජානාධිපති කෙනෙක් වෙන්න බැරි නිසා . ඒ වගේම මෙයාලා කවදාවත් මනාප ඡන්ද ක්‍රමය වෙනස් කරනවාට කැමති නෑ. මොකද එයාලට කවදාවත් කේවල ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවට තියා ප්‍රාදෙශිය් සබාවට වත් කෙනෙක් පත් කර යවන්න බැරි නිසා . මෙයාලා ප්‍රගතිශීලි මුණක් බොරුවට දාගෙන ජනතාව මුලා කරනවා . අද මොකද මෙයාලගේ භූමිකාව , එජාපයට නිල නොවෙන ලෙස මුක්කු ගහගෙන එජාපයට සහයෝගය දෙනවා , එජාපයට ආදරේට නොවේ , මෙයාලාගේ අදහස් මුඳුන් පත් කර ගන්න , අද රට මොන තරම් ඛේදවාචකයකට ද තල්ලු වෙන්නේ ? නමුත් එයාල ඒ ගැන කතා කරන්නේ නෑ. එජාපයට තියෙන අනියම් ආදරේ නිසා , හොරු අල්ලන්න දඟලනවා , එයට කලින් එයාලගේ කේඩරයන් මරපු මිනීමරුවෝ අල්ලන්න ඕනේ නේද ? කෝ අඩුම තරමේ කතා කරනවා වත් නැ නේද ? මේක තමයි සෝමවංශ මහතා ප්‍රසිද්දියේ කියලා අයින් උනේ . අද රට ට වැදගත් වන්නේ මහින්ද මෛත්‍රී හෝ අනුර නොවේ , රට ට ඇති ආර්ථික හා ආරක්ෂක අවදානම තේරුම් අරගෙන වැඩ කරන්න පුළුවන් නායකයෙක් හා පක්ෂයකි . සිංහලයින් අවදිවීමට කාලයයි මේ , බෙදා වෙන් උනොත් උඹලට මේ ලෝකේ තියෙන එකම රටත් නැති වේවි . දමිළයන්ට තව ඕනේ තරම් රටවල් තියෙනවා . මුස්‌ලිම් ජනතාවට ත් එහෙමයි . සිංහලයිනි රටක් හොයා ගන්න සුදානම් වෙන්න .(බ)
මෙයාලා කොතරම් බංකොලොත්ද කියන්නේ , මෙයාලාගේ හොදම නායකයෝ කීදෙනෙක් පක්ෂේ කඩා ගෙන ගියාද ? වෙන කිසිම පක්ෂෙක මේ වගේ නාය යාමක් නැ. දැන් නම් එජාපය වෙනුවෙන් සැහෙන්න කැප වෙලා වැඩ කරනවා ණයට , මෙයාල මේ ඊයේ පෙරේදා සමරුව එයාලගේ අසහාය නායක විජේවීර සහෝදරයාගේ අනුස්මරණ 25 සංවත්සරය , ඒ ගමන් එතුමාව පන පිටින් වලලපු සහ එයාලගේ කෙඩරයන් අමු අමුවේ පාරවල් ගානේ මරා දාපු කට්ටිය එක්ක අද කිසිම හිරිකිතයක් නැතිව ඉඳගෙන ඉන්නවා . මේකට සිංහලෙන් කියන්න කන්න ඕන උනාම කබරගොයත් තලගොයා කර ගන්නවා කියලා . අනෙක් ධනවාදී පක්ෂ කමක් නැ කියමු , එ්ත් මේ සමාජවාදී ප්‍රගතිශීලි කට්ටිය මෙහෙම් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන කොට අපි කොහෙන්ද හිනා වෙන්නේ (බ)
කිසිම ප්‍රයෝගික විසදුමක් නැති, එකාට එකා කුලල්කාගන්න පක්ෂයක් .(බ)