ජනතා විමුක්ති පෙරමුණ මහා බ්‍රිතාන්‍ය ශාඛාව 44 වැනි අප්‍රේල් විරු සමරුව ලන්ඩන් නුවරදී පැවැත්වීය.
එක්සත් රාජධානියේ ජවිපෙ සංවිධායක දර්ශන හෙට්ටිආරච්චි ගේ ප්‍රධානත්වයෙන් ලන්ඩනයේ සඩ්බරි වේල්ෆාම් ක්‍රීඩාගාර ශාලාවේදී පැවති මෙම උළෙලට 1971 සිට ජනතාවිමුක්ති පෙරමුණට සම්බන්ධව සිටි පැරණි හා නවක සාමාජිකයෝ ද ඔවුනගේ දුදරුවෝ ද හා හිතවත්හු ද සහභගි වුහ.
අප්‍රේල් විරුවන්ගේ ශ්‍රේෂ්ඨ බව හා ගෞරවය සැමරීම සඳහා නිර්මාණාත්මක සැමරුම් කුළුණක්ද ඉදිකර තිබිණි. උත්සවය ආරම්භ වුයේ සමරු කුළුණ මත මල් පහන් තබා විරු ගී ගැයීමෙන් අනතුරුවය.
උත්සවය පැවති දිනය එංගලන්තයේ නිවාඩු දිනයක් වූ නිසා බොහෝදෙනා නිවාඩු ගත කිරීමට සංචාරයේ යෙදෙන දවසක වුවත් අලුත් හිතවතුන් හා සාමාජිකයන්ගෙන් ශාලාව පිරි තිබීම සංවිධායකයින්ගේ දිරියට හේතුවක් වූබව දර්ශන හෙට්ටිආරච්චි පැවසුවේය.
ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අන්තර් ජාලයේ ස්කයිප් ඔස්සේ සභාව ඇමතුවේය. එහිදී " 44 වන අප්‍රේල් විරුවන් යනු අධිෂ්ඨානයේත්, කැපවීමෙත්,සටන්කාමිත්වයේත් සංකේතය බව" ඔහු කියා සිටියේය.දර්ශන හෙට්ටිආරච්චි, රන්ජිත් විජේසිරිවර්ධන හා අජන්ත කාන්ගහආරච්චි සභාව ඇමතුහ.
ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති සහ දුෂණ විරෝධී හඬ ව්‍යාපාරයේ කැඳවුම්කරු වන වසන්ත සමරසිංහ සහභාගී වන ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක්ද ජවිපෙ එක්සත් රාජධානි කමිටුව මඟින් සංවිධානය කර ඇත. "බල පෙරලිය සහ ජනතා අභියෝගය" නම්වූ මෙම සම්මන්ත්‍රණය අප්‍රේල් 19 වෙනි දින සවස 3 ට සඩ්බරි වේල්ෆාම් ක්‍රීඩාගාර ශාලාවේදීපැවැත්වෙයි.
ඡායාරුප :හේමදාස ලියනගේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලන්ඩනයේ නිවාඩු දිනයක පැවැත්වූ මෙම සමරුවට ජවිපෙ සාමාජිකයින්ගේ පැමිණීමේ අඩුවක් තිබුනත් මෙම ශාලාවට එකතු කළ හැකි උපරිම පිරිසක් සහභාගී උනා...විශේෂයෙන්ම පැමිණි දරුවන් ශාලාවෙන් පිටතට යැවීමට සිදු වුනේ ඉඩමදී කම නිසයි.සැබෑ දේ නම් අදටත් ලන්ඩනයේ සංවිධානාත්මක දේශපාලන පක්ෂය ජවිපෙයි..මෙයට අදහස් දක්වන ඇසල හා සම්පත් තම තමන්ගේ දේශපාලන මඩ ගොහොරුවේ ලග ගෙන කරන විවේචන දැක්කම මහා පොළොවේ තියෙන දේශපාලන යථාර්තය තේරුම් ගෙන කරන විවෙචනක් කියල මම හිතන්නේ නැහැ. මහේෂිගේ විවේචනයේ සාධනීය පැත්තක් ඇතත් පක්ෂය කැඩීමක් සිදුවී නැහැ. (අ)
අනාගතයක් නැති දෙපැත්තට වැනි වැනි ආණ්ඩුවේ ඇමතිලා වගේ වාසි පැත්තට හෝයියා කියන පක්ෂයක්. ඉන්න සාමාජිකයන් ගොඩ දැක්කහම පව් කියල හිතෙනවා. (ම)
10ක්වත් හොයාගන්න බැරිවෙලා එයි මෙහෙම උනේ මන්ත්‍රී වරු තිස් ගණනක් හිටපු පක්ෂයක් නේද මේක උද්දච්චකම අනුන්ගේ කුණු ඇවිස්සීම වාසියටම විතරක් තීන්දු ගැනීම නතර කළා නම් තමන්ගේම වුන ප්‍රයෝගික වැඩපිළිවෙළක් ගේනවානම් මීට වඩා ප්‍රගතියක් තියෙනවා මෙයාලත් තව වමේ කියාගන්න දක්ෂිණාංෂික ආණ්ඩුවලට මුක්කු ගහන කල්ලියක්ම පමණි (බ)
මට තිබෙන ප්‍රශ්නය නම් මහින්දට කරන විවේචන අනෙක් අයට නොකරන එක (නි)
මෙහි පිරිසක් නැහැ කියලා චෝදනා කිරීම වැරදියි කියලයි මම හිතන්නෙ. මොකද මීට අවුරුදු 5 කට කලින් මම ලන්ඩන් ආපු කාලෙ එයාලට ගොඩක් අය හිටියා. ඒත් පස්සෙ කාලෙ ඒ පක්ෂෙම කොටසක් කැඩිලා ගිහින් වෙනත් පක්ෂයක් හැටියට වැඩකරන්න ගත්තා. එහෙම වුණාම දෙපැත්තටම හිටපු පිරිස් බෙදිලා ගියා. ඒක හරිම අපරාධයක් කියලයි මම හිතන්නෙ. (නි)