මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහි විශ්වාසභංගය කවුරුන් විසින් ගෙන එන ලද්දක් වුවත් එයට පක්ෂව ඡන්දය දීමට තීරණය කළ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කියයි.
ඉතිහාසයේ වැඩිම ණය ලබාගත් ආණ්ඩුව බවට රාජපක්ෂ ආණ්ඩුව පත්වූ බවත් පැවසූ විජිත හේරත් මහතා වත්මන් ආණ්ඩුව ද ඩොලර් බිලියන 4.6ක් විදේශ ණය ලබාගෙන ඇතැයි ද පවසයි.
සාලාව යුද හමුදා කඳවුරේ ගින්න නිසා විශාල පිරිසක් භීතියට පත්වූ බවත් ඒ පිරිසගේ දේපොළවලට හානි සිදුවූ බවත් කඳවුර ජනාකීර්ණ පෙදෙසක පිහිටීම නිසා එම තත්ත්වය ඇතිවූ බවත් මන්ත්‍රීවරයා කීවේය. නුසුදුසුදු තැනක අවි ගබඩාව තිබෙන බවත් දේපළ අලාභ හානිවූ අයට හා විපතට පත්වූ අයට වන්දි ලබාදෙන්නැයි ඉල්ලා සිටින බවත් ඔහු පැවසීය.
අද (6) ජවිපෙ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී විජිත හේරත් මහතා ඒ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජවිපෙය තවමත් කළුවරේ අතපත ගාන අය බව විජිත හේරත් සහෝදරයාගේ මේ කතාවෙන් යළිත් වරක් ඔප්පු වුණා. මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහි විශ්වාසභංගය ගෙනාවේ කවුද, මොන හේතුවක් නිසාද කියලාවත් මෙයා තවම නොදන්නවා වගෙයි. අත උස්සන්න ඉස්සර ඒ ගැන ටිකක් විපරම් කරලා බැලුවොත් නරකද? (නි)
ජයන්ත තව ටික දවසක් බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා..(බ)
මොන දේ වුණත් මේ ආණ්ඩුව කොචචර ණය අරන් තිබුණත් තාම රාජපක්ෂ ආණ්ඩුව තමා මෙයාට එක (නි)
ඔබේ වටිනා ඡන්දයට නිසි වටිනාකමක් ලැබේවා! (ර)
සේරමලා මාධ්‍ය සාකච්ඡා විතරයි. ජනතාව අතරමං වෙලා. (ර)
අපේ ජනපතිතුමා සහ අගමැතිතුමා ලෝකය දිනන එක බලා ඉන්න බෑ කියලා අපි දන්නවා. (ර)
විප්ලවීය දේශපාලන තියරිය අපි විරුද්ධ වෙන්නම් ඔයගොල්ලෝ කරගෙන යන්න. (ර)
විරුද්ධ වෙන්න තරම් කට්ටිය කී දෙනෙක් ඉන්නවද.? (ර)
හැමදාම, විවේචන කිරීමෙන් පලක් නැත, රට ගොඩගන්න යෝජනා මාලාවක් ඉදිරි පත් කර දැනුවත් කරන්න. (ර)
ඔබලාට ජය !!! (ම)
කව්ද කියනවා අපේ ජනපතිතුමා සහ අගමැතිතුමා ලෝකය දිනන එක බලාඉන්න බැහැ කියලා. මෙහෙමද ලෝකය දිනන්නේ? (නි)
විශ්වාසභංගයේ තියෙන කරුණු ඇත්ත නම් ඊට පක්ෂව ඡන්දය දීමේ වැරැද්දක් නැහැ. (නි)
සහෝදරවරුන් කවදාද සතුටු වුණේ? විරුද්ධත්වය ප්‍රකාශ කරනවා හොඳ නරක දෙකටම (නි)
ජයන්ත මොනවා කියවනවාද මන්දා? (නි)
ඡන්ද හතරක් විතර නම් හරි. (නි)