මෙවර මහා මැතිවරණයෙන් ජනතා විමුක්ති පෙරමුණ අති විශිෂ්ට විප්ලවීය ජයග්‍රහණයක් ලබන බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා පවසයි. ඒ මහතා ලංකාදීප එසැණ සමග සාකච්ඡාවකට එක්වෙමින් එසේ පැවසිය.
ප්‍රශ්නය, මෙවර ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂක ලැයිස්තුව පිළිබඳව ඔබේ මතය කුමක්ද?
පිළිතුර, කුඩුකාරයෝ, එනතොල් කාරයෝ, මහජන දේපල කොල්ලකාපු අය නැති වෙලේ සුදාලා, ටැංකි සුදාලා, බැංකු සුදාලා නැති එකම අපේක්ෂක ලැයිස්තුව ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂක ලැයිස්තුව විතරයි. අපේ අයට විරුද්ධව මහජන පැමිණිලි නැහැ. පොලිස් පොත්වල අධිකරණ පොත්වල නම් ලියවිලා නැහැ.
ප්‍රශ්නය, ජයග්‍රහණයේ ප්‍රතිඵල කොහොම වෙයිද?
පිළිතුර, මහජනතාව දැන් කියන්නේ කුඩුකාරයෝ, එනතොල් කාරයෝ දුෂිතයෝ පාර්ලිමේන්තු යවන්නේ නැහැ කියලයි. ඔවුන්ට ඒ තරමටම ලංකාවේ දේශපාලනය ගැන කලකිරිලා. එහෙනම් ඔවුන්ට තෝරාගන්න තියෙන විකල්පය මොකක්ද? ඒ ජනතා විමුක්ති පෙරමුණයි. අපේ අපේක්ෂකයින් සියලු දෙනාම බුද්ධිමතුන්, සමාජ හිතකාමීන්, විනය ගරුක අය. ඒ අතින් බලනකොට මේ මැතිවරණයෙන් විශිෂ්ට විප්ලවීය ජයක් අපි ලබනවා.
ප්‍රශ්නය, ලංකාවේ පොරොන්දු කඩකරන දේශපාලනය ගැන මොකද කියන්නේ?
පිළිතුර, එක්කෝ ඡන්ද දායකයින් වෙනස් විය යුතුයි. නැත්නම් පක්ෂ වෙනස් වියයුතුයි. මේ හොරු, කුඩුකාරයෝ, ක්ලබ් කාරයෝ, තැබෑරුම් කාරයෝ ගැන ජනතාව මෙයටත් වඩා අවදිවිය යුතුයි. ජනතාව වෙනස් වෙලා කියලා දැන් අපිට හිතෙනවා. ඒ වෙනස් වීම සිදු වුනේ පසුගිය ජනාධිපතිවරණයෙන් පස්සෙයි. මෛත්‍රිපාල මහත්තයත්, රනිල් වික්‍රමසිංහ මහත්තයත් කිව්වේ කුඩුකාරයින්ට, එතනෝල් කාරයින්ට මහජන දේපල කොල්ල කාපු අයට නාමයෝජනා දෙන්නේ නැහැ කියලා. ඒ වගේ අයගෙන් තමයි ඒ නාමයෝජනා පිරිලා තියෙන්නේ. වැදගත් දේශපාලකයින් අතලොස්සක් ඒ අතර ඇති වැඩිපුරම ඉන්නේ රටට වින කරන අර වගේ මදාවියෝ.
ප්‍රශ්නය, පසුගිය ජනාධිපතිවරණයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ලංකාවේ විද්වතුන් කලාකරුවන් ආගමික නායකයින් විශාල කාර්යභාරයක් කළා. ඔබේ පක්ෂයත් අනියමින් එම ජයග්‍රහණය වෙනුවෙන් කැපවුණා. නමුත් දැන් ඒ විද්වතුන් කලාකරුවන් ආගමික නායකයින් විශාල කලකිරීමකට ලක්වෙලා. ඉදිරි මැතිවරණයේදී ඔවුන් සියලු දෙනාගේ කාර්යභාරය කුමක් වෙයිද?
පිළිතුර, ඔවුන්ගේ කලකිරීමට හේතුව අහන්න ඕනේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිගෙන්. හැබැයි මේ වනවිට ඒ විද්වතුන් කලාකරුන් ආගමික නායකයින්ගෙන් අති බහුතරයක් ජනතා විමුක්ති පෙරමුණේ පිරිසුදු ආදර්ශමත් දේශපාලනයත් එක්ක ඉදිරි ගමනක් යන්න සුදානමින් ඉන්නේ. කැපකිරීමෙන් අපි රටට යමක් දෙනවා. කුඩුකාරයින් එතනෝල් කාරයින් මහජන දේපල සුරා කාපු අර සුදාලා මේ සුදාලා ලාංකීය දේශපාලන භූමියෙන් අතුගාලා දාන්න ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් වෙනවා. අපේ ජයග්‍රහණයේ මාවත විවර කරන්නේ හැමදාම බොරුකාරයින්ගෙන් රැවටුණු මේ රටේ දුක්විදින අහිංසක ජනතාවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳයි. කරලම පෙන්නන්නකෝ (නි)
ජවිපෙට මෙවර හොඳ පිළිගැනීමක් තිබෙනවා (නි)
ජවිපෙ නියෝජිතයින් වැඩි පිරිසක් මෙවර එයි කියලා හිතනවා (නි)
ජ.වී.පෙ. වෙනුවෙන් මෙවර වසන්ත පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ අනුරපුර ජනතාවට සදාරණයක් ලබාදිමටය (අ)
ඔහොම කියමු ඡන්දෙ ඉවර වෙනකම්. ඉවර උනාම සින්දුව වෙනස් කරමු (නදී)
මම හරිම කැමතියි එයාලගේ විහිළු කතා වලට.(නදී)
87,88 කාලවල තිබ්බ ජ.වී.පෙ. ප්‍රබලත්වය දැන් නැහැනේ.මම කැමති එවකට තිබ්බ ප්‍රබල සාමාජික පක්ෂයටයි.(හේ)
ජවිපෙ විශිෂ්ට ජයක් ලැබුවොත් එය පොදු ජනතාවගේ වාසනාව. එය උදාකිරීම අපේ වගකීමක් (නි)
මෙවැනි උගත්, බුද්ධිමත් මානව හිතවාදී සැබෑ "මඝ මානවකයින්" (ස්වෙච්ඡා සේවකයින්) සටන්කාමින් බහුතරයක් පාර්ලිමේන්තුවට යැවීම රටේම වාසනාවක්. මේ අයගෙන් රටට ලබාදී ඇති ආදර්ශ සමාජ ගත කරන එක සමාජයේ වගකීමක්. අපේ මව්බිම රැකගැනීමට හා ජාතික සමගිය රැක ගැනීමට ඔවුන් කරණ කැප කිරීම් හා ජාතිකව හා ජාත්‍යන්තරව කරන මග පෙන්වීම අගය කළ යුතුයි. (නදී)
ඔබ හරි ජගත්. 88 ගෑන හිත හිත හොරුන් ටම ඡන්දය දෙනවද? ජ වි පෙ.. නවීනත්වයත් එක්ක අපි දියුණු ලෝකයට යනවද ? හිතන්න වෙලාව ඈවිත්. (නදී)
දේශපාලනය ආගමක් කියල හිතන අය තම තම තමන්ගේ පරම්පරා පක්ෂයටම දෙන්න. ඔයාලගේ ඡන්දෙ අරගෙන එයාල ඇමතිකම් වලට අනිත් පැත්තට පනිවි. අගෝස්තු 20 ට පස්සේ බලාගන්න පුළුවන් ඔයාලගේ ඡන්දෙට කොකා පෙන්නලා එයාල කරන දේවල්. මේ පසුගිය මාස තුන හතරම ඇති මොලය හොඳ කෙනෙකුට දේශපාලනය ගැන දැනගන්න.(නදී)
ලංකාවේ විශ්ව විද්‍යාලයකට ගිය මිනිස්සු දන්නවා මේගොල්ලෝ කොහොමද කියන විත්තිය. (නි)
ඔබලාගේ ජාතික ලැයිස්තුව ඉතා විශිෂ්ටයි. මේ අයව මැතිසබයට ගියොත් අපේ රටට යහපත් අනාගතයක් . අතීතය අමතකකොට අපේ මව්බිමේ අනාගතය ගැන සිතන්න සුදුසුම අවස්ථාව ඔබට උදාවී තිබේ. නුපන් පරපුරටත් යහපත් අනාගතයක් උරුමකරදීම වත්මන් අපේ ජාතික වගකීමයි. (ර)
මෙවර අපි ජවිපෙට. ඒ ඇයි? සුපිරිසිදු පාර්ලිමේන්තුවක් වෙනුවෙන්. (ර)
බන්දුල , මමත් දැක්කා එතනෝල් කාරයෝ ටිකටයි අනිත් අනාචාර චෝදනා තියන කණ්ඩායමටම වගේ සන්දානෙන් නාම යෝජනා දීල. මේවා දැක්කහම මටත් සන්දානේ එපා වෙනවා. (නදී)
ජවිපෙ විශිෂ්ට ජයක් ලබයි ......ඡන්ද දායකයා සිහි විකලෙන් ඕකට කතිරේ ගැසුවොත් නම් (නදී)
මහජනයා අතර ඔබ ගැන පැහැදීමක් තිබෙනවා. අඩාල කරන ලද ආර්ථිකයක් ගොඩගැනීම ඉතාමත් අමාරුයි. එහෙත් මේ දූෂණ, වංචා, කුඩු උවදුර දුරලා ඔබ උත්සාහ කරන බව අපට විශ්වාසයි. (ස)
රතු මල්ලිලා කට්ටිය මෙදා පාර අන්තර්ජාලෙන් ඡන්දෙ කරනවා වගේ..කරලා බලන්න..කරලා බලන්න..17 වෙනිදට බලන්න තිබුණු ඡන්දත් තිබේද කියලා. අපි නොදන්න අන්තර්ජාල ලයිව් ..පේන හැටියට ඩුප්ලිකේට් යහපාල රතු මල්ලි කෙනෙක් වගේ.මන් හිතුවේ මොනවා නැතත් කියන විදියට පොඩ්ඩක් හරි සදාචාරයක් තියෙනවා කියල..බැලුවම එ්කත් නැහැ..අනුන්ගේ නම් වලින් පක්ෂෙට කඩේ යනවා..අනේ හොදයි..ඔහොම්මම යන්. (බ)
මැති සබේ සැබෑ විපකෂය ජවිපෙට ජයවේවා.! (ර)
ලංකාවේ මිනිසුන්ට මොළයක් තිබෙනවා නම් ජවිපෙ දිනාවි. දේසේ හැටියට බාසේ කිවුවලු. (නි)
හැමදාම ජවිපෙ ඉතිහාසය කතා කරනවාට වඩා, අවම තරමේ විපක්ෂයේ බලයවත් ගන්න ජනතාව ඡන්දය දෙනවනම් හොඳයි. දැන් ඉන්න අපේක්සකයෝ වඩා හොඳයි කියන එකයි මගේ අදහස. (ර)
දැන් විශ්වාසය තියන්න පුලුවන් ජවිපෙ විතරයි ඹබලාට ජයවේවා.! (ර)
බඩු ගනන් ගියාහම කඩේ මුදලාලිට බනින්නේ නැතුව, ලෙඩක් හැදුනහම ස්පීකර් බැදගෙන පාරෙ හිගා කන්නේ නැතුව, පාමසියට ගියහම බෙහෙත් ගණන් කියලා දොස්තරට බනින්නේ නැතුව, ක්‍රමය වෙනස් කරන්න ජවිපෙ ට ඡන්දය දෙන්න. (ර)
සැබෑ ජනතා පක්ෂය ජවිපෙ ! (අ)
මෙයාල 88 රට බින්දුවට විනාශ කරපු මොලෙ නැති අය (අ)
විශ්වාස කරන්න පුළුවන් එකම පක්ෂය ජවිපෙ. තවත් බල නොයිඳ රට දිනවන්න රට ගොඩ ගන්න තීරණය කරන්න.(අ)
අශ්වයා පැන යනතුරු නොසිට, ප්‍රධාන පක්ෂ දෙකටම වැරයොදා පහර දෙන්න (නි)
බම්බුව තමයි. කයිවාරුව විතරයි. සදහටම ඔච්චරයි. තියෙනවට වඩා අඩු වුනොත් මිස එකක් වැඩිවෙන්නේ නෑ නැහැ . මොනාද ඔට්ටු ? (බ)
පාර්ලිමේන්තුවේ රස්සාවකට යන්න මොකාක් හරි පදයක් ගහනවා.පොර ටෝක් දෙන එකතමා කරන්නේ (බ)
සිහින දැකීමේ නිදහස සියල්ලන්ටම ඇත (නි)
ඕනේ නම් මන්ත්‍රීකම් 8ක් 10ක් ගනීවි.(බ)
ජනතා විමුක්ති පෙරමුණ වෙනදාට වඩා ඡන්ද ගන්නවා. සමහර ලැයිස්තුවල නම් ගැන ජනතාව කල කිරිලා. එතනෝල්, කුඩු. කාරයෝ, බාර් හිමියෝ, වෙනත් අශීලාචාර වැඩ කරන අය වගේම අපොස සමත් නැති අයත් එක ලැයිස්තුවක ඉන්නවා. මේ අයට මනාප දෙන්ඩ එපා. ජනතාව දැනුවත් කිරීම ජනතා විමුක්ති පෙරමුණ සතුයි. ඔවුන් දිනවමු. (බ)
මෙතන ඉන්න 90 වෙන් පස්සේ ඉපදුන මල්ලිලා ඡන්දය දුන්නට අපිනම් දෙන්නේ නැහැ . මොකද අපි දන්නවා එයාලගේ ඉතිහාසය , වර්තමානය සහ අනගතය . කටින් බතල හිටවන පක්ෂය (බ)
අනේ බොහොම ලස්සනයි.නමුත් බලය ලැබුනහම 88/89 කාලේ වගේ නම් වෙන්න එපා. (නි)
කියලා හිතාගෙන ඉන්නවා...(ම)
88කාලේදී කරපු දේවල් ගැනම කථාකරන වයසක උදවියගේ ආකල්ප වෙනස් කරගන්න කාලේ ඇවිත්.හැබැයි හුගක්ම වයසක උදවියට නම් කාලින දේශපාලනයක අවශ්‍යතාවය ගැන දැනුමක් නොමැති බව තේරෙනවා. (බ)
සුනිල් ඔය මොනාද මේ කියන්නේ එදා කරපු වැරදිවද අදත් කරනවා කියල හිතනවද අපි එදත් රට ගැන හිතුවේ අදත් රට ගැන හිතන්නේ (බ)
හැම ඡන්දෙට කලින්ම ඔය කතාව කියනවා ඡන්දෙන් පස්සේ කියනවා ජනතාව නොමග ගිහින් එනිසා ජනතාව පරාදයි කියල බලනකොට ජේ වී පෙ අායෙත් පැරදිලා (බ)
එකම විකල්පය ජේ. වී. පි. යයි. (ම)
බොහෝ දුරට හැදෙන්න පුළුවන් එජාප සහ සන්ධාන හවුල් ආණ්ඩුවක් . එහෙම උනොත් ජවිපෙ ඉහලින් තබා ගැනීම ජනතා ජයග්‍රහණයක්. (බ)
ජ.වී.පෙ. නියම විපක්ෂයක් ලෙස වගකීමකින් කටයුතු කරනවා. ඔවුන්ට තවත් බලය ලබා දිය යුතුයි (ම)
88කාලේදී කරපු දේවල් ගැනම කථාකරන වයසක උදවියගේ ආකල්ප වෙනස් කරගන්න කාලේ ඇවිත්. හැබැයි හුගක්ම වයසක උදවියට නම් කාලින දේශපාලනයක අවශ්‍යතාවය ගැන දැනුමක් නොමැති බව තේරෙනවා. (බ)
රටේ උගත් බුද්දිමත් සියලුදෙනා ජවිපෙ වටා එක්රොක් වෙමු. විශ්වාසය තිබියහැකි,යමක් සබැහින් කළහැකි,ඉදිරි දැක්මක් ඇති,එකම පක්ෂය ජවිපෙ පමණි.(ම)