විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපතිවරණයේදී ‘උපක්‍රමික සහාය ‘දක්වන බව ජනතා විමුක්ති පෙරමුණු ආරංචි මාර්ග කියයි.
තෙවැනි වරටත් තරග කිරීමට මහින්ද රාජපක්ෂ ජනපතිට නීතියෙන් ඉඩක් නැති බව කියන ජවිපය ඔහු පරාජය කිරීමට හැකි හැම දෙයක්ම කරන බව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද මේ පාරත් මන්නාරම් ද්‍රෝණියේ තෙල් ටික ගත්තොත් බැරි වෙලාවත් ඡන්දෙ ලං වෙලා? (නදී)
මේ අවස්ථාවේ ගොඩක් කල්පනා කරන්න වෙන්නේ රට ගැන මිස පුද්ගලික කෝන්තර හෝ අවස්ථාවාදී දේශපාලනය ගැන නොවෙයි. (නදී)
සහය දැක්වීමේ සහ උපක්‍රමික සහය දැක්වීමේ වෙනස මොකක්ද ? (නදී)
ටිකිරි බණ්ඩා-අනේ බන්ඩෝ ඔයා විතරෙනේ ඔය අන්තර්ජාලේ බලන්නේ නේද? අන්තර්ජාලේ තියෙන හැම එකක්ම හරිය කියල විශ්වාස කරන රට හරකුන් ඉන්නවා. ඔයා බන්ඩෙක්ම තමා. ඔන්න ඔය කුඹුරක් කොටන් හිටියා නම් හොඳයි නේද? අපිට අන්තර්ජාලේ ගැන උගන්වන්න්න එන්නේ නැතුව. (නදී)
කරනවා තමයි සනා (නදී)
නාම යෝජනා බාර දුන්නට පස්සේ බැහැ කියලා බැහැනේ අනික මැකෝ තුමා නාම යෝජනා බර නොගෙන ඉන්නෙත් නැහැනේ. එ්ක නිසා දැන්ම ඉදලා බැහැලාම වැඩකරන එක හොඳයි. ජේ වී පී එක හොදටම දන්නවා මේ අවස්තාව මග හැරියොත් ඒකාධිපතිත්වයෙන් රට මුදවාගන්න අපිට ආයෙත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ කියලා. (නදී)
කොන්ද පන ඇති එකම ජාතියේ විෂ්වාසනිය පක්ෂය (ම)
නියමයි මහින්ද හිතන් ඉන්නේ ලංකාවම එයාගේ අතේ කියලා (නදී)
මහින්ද සමග තියෙන තරහට 88/89 60000 මරපු අයව බලයට ගේන එක හරිද (නදී)
ටිකිරි , මමත් යූ ටියුබ් එක සර්ච් කලා රෑ 1 2වෙනකල්. මට හම්බවුනේ ජේ .ආර්. රජිව් එක්ක ගිවිසුම් ගහලා රට පාවාදීපු හැටි. රනිල් ප්‍රභාකරන් එක්ක ගිවිසුම් ගහද්දි මේ රටේ පූර්න බලතල සහිත ජනාධිපනිනිය නිදාගෙන හිටපු හැටි. එතුමියගේ අනින් හමුදා කඳවුරු අකුලගෙන හමුදාව පල්ලම් බැහැපු හැටි. කැබිතිගොල්ලෑවේ අහංසකයෝ මරලදාපු හැටි. ශ්‍රීමහ බෝධියට දළදා මාලිගාවට ගුවන්තොටුපලට බෝමබ දාලා විනාස කරපු හැටි. මේව ඔයාට හොයාගන්න බැරි නම් මම හොයල එවන්නම්. තව එකක් දැක්කා. හිටපු ජනාධිපතිනිය ව්‍යවස්ථාව වෙනස් කරන්ඩ පනතක් ගෙනාපුවම රනිල් ඇතුලු විපක්ෂය එම පනත පාර්ලිමේන්තුවෙම ඉරලා ගිනි තියලා හුරේ දාපු හැටි. (නදී)
මතවාදය හොඳයි. නමුත් රට අරාජික කර කොටින්ට උල්පන්දන් නොදිය යුතුයි. (නදී)
ජය වේවා. (නදී)
ස්තුතියි මහත්වරුනි (දී)
අනේ අනේ අපේ රටේ විප්ලවීය පක්ෂයකට ගිය කලක් (නදී)
අගමැතිකමට විධායක බලතල දීමේදී හොඳින් සිතා බලන්න වෙයි (නි)
පොදු අපේක්ෂකයාට ජයෙන් ජය! (නි)
ජවිපෙ නිතරම හරි දැක්මක් ඇති පක්ෂයක්. (ර)
ඔබලාට ජය වේවා.! (ර)
මේ වෙලාවේ ජවිපෙ මෙයාලත් එක්ක ඉන්න ඕනේ. මොකද මෛත්‍රීපාල මහතා ගොඩාක් හොඳ අයෙක්. (ර)
බළලා මල්ලෙන් එලියට පනී. ඔය තියෙන්නේ. (ර)
අපි නම් ඡන්දේ දෙන්නේ මහින්දට (නදී)
සත් ගුණවත් කියල කියන පුද්ගලයන්ට තරු විසිවෙන්නේ ජනවාරියෙන් පසු පැරදිලා ෆයිල් ටික අතට ගත්තට පසුවයි. මෛත්‍රීට ජයවේවා! (නදී)
දැන් රට ගොඩගන්න පුලුවන් මෙතුමාට විතරයි (නි)
මට මතකයි 1989 කාලේ අහිංසක තරුණ කොල්ලෝ කෙල්ලෝ දස දහස් ගානකට උපක්‍රමිකව සහය දීල උන්ගේ දෙමව්පියන්ට, සහෝදර සහෝදරියන්ට, බිරින්දෑ වරුන්ට, දරු දැරියන්ට ,නිදහස් නිවහල් දැහැමි ප්‍රජාතන්ත්‍ර වාදී ස්වයංපෝෂිත රටක් හදල දිපු හැටි. (නදී)
විධායක බලය අගමැතිට දුන්නත් එච්චරම තමයි. අපේ මිනිස්සු එදත් ඉඟුරු දීලා මිරිස් ගත්ත අය නේ. අදත් එකම කරලා හෙටත් කරාවි අපි කුමක් කරමුද? අපි නටමු. ගී කියමු.අපි දුවමු. (දී)
අනේ රිකාස් මෝඩයෝ , එලියට පනින්න බළලා මල්ලේ හිටියේ නැහැ (නදී)
කොම්පියුටර් ජිල්මාර්ට්, තුන් වරක් බෑ වගේ මෝඩ කතා නොකියා මේ පාරවත් හරියට වැඩ කලොත් හොදයි (නදී)
පවුල් බලය නිමා කරන්න පුලුවන් වෙයි කියලා මිනිස්සුන්ට බලාපොරොන්තුවක් ඇතිවුනේ දැන්තමයි. මෛත්‍රීපාල මහතා ඉදිරිපත් නොවෙන්න මේ වැඩේට වෙන කිසිම චරිතයක් විපක්ෂයේ කිට්ටුකරන්නවත් බැහැ . මේ මනුස්සයා අමාරුවේ නොදා රටේ යුග අවශ්‍යතාවය ජය ගන්න කවුරුත් පක්ෂ ඒකරාෂි වෙන්න ඕනේ. රනිල් මහත්තයා කපටියි. මේ පාරත් ඇග බේරගත්තා. පොන්සේකාට අතකරදුන් ඉරනම මේ මනුස්සයාට උරුම වෙන්න ඉඩදුන්නොත් සියලු විපක්ෂයම මෙයට වගකියන්න ඕනේ. (අ)
උපක්‍රමිකව එජාපයට කඩේ යාම. (නදී)
මේ සියලුම පක්ෂ හොඳ ආදර්ශයක් ජනතාව වෙත ලබා දුන්නා. ජවිපෙ සහෝදරවරුනි ඇමතිකම් එපා කියල ත්‍රී රෝද රථවල නැගල ඔබල ආපු ගමන අපි කිසිදා අමතක කරන්නේ නැහැ (නදී)
ජ.වි.පෙ මුල ඉඳලම පොදු අපේක්ෂකයා කතාව කියව කියවා හිටියා. ජනාධිපතිවරණයකදී ජ.වි.පෙ ට කරන්න ලොකු දෙයක් නැහැ .ඒ ගොල්ලන්ගේ ඉලක්කය මහා මැතිවරණය. කොහොමටත් ඒ අයට පන්ති සහයෝගීතාවයට යන්න හැකියාවක් නැහැ. එහෙම වුණොත් පෙරටුගාමී අයට මතවාදී ජයග්‍රහණයක් එනවා. ජේ.වී.පී. එක තවදුරටත් වමේ පක්ෂයක් නොවේය කියලා ජනතාවට තේරුම්ගිය ගමන් ඒ අයගේ ඵෙතිහාසික කාර්ය භාරය නිමාවට යනවා. ඊටපස්සේ පැවැත්මක් නැහැ.අද ජේ.වී.පි එක ඉන්නේ ගෙදර ගියත් මඟ හිටියත් නසින තැනක. වමේ පක්ෂයක් හැටියට වැඩිය හොඳ පමාවෙලා හරි වමේ කතාවට යන එක.මේකේ ප්‍රතිඵල දුරක නොවෙයි තියෙන්නේ.අපි බලාගෙන ඉඳිමු (නි)
මේ ලියන මා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙක් නොවේ. නමුත් නුතන ශ්‍රී ලංකා දේශපාලනයේ එම පක්ෂය විසින් ඉටුකළ කාර්ය භාරය සුවිශේෂයි. විමල් වීරවංශ වැනි අයෙක් ආණ්ඩුවේ කොහොල්ල වල ඇළී ගලුනට ජ.වී.පෙ එය නොකිරීමෙන්ම රට වෙනුවෙන් ඔවුන් කළ මෙහෙවර ආදර්ශයක්. දිගු ගමනක් යා හැක්කේ අධිෂ්ඨානශීලී ශක්තිමත් දෙපා ඇති අයට පමණයි. (නදී)
දැන් මේ ආපු අය අපේ මේ රතු මල්ලිලා නෑව්වේ මොන වතුරෙන්ද කියන එකයි මගෙනම් ප්‍රශ්නය ..දුෂිත ආණ්ඩුවක මෙතුවක් සියලු වරප්‍රසාද විදමින් සිටි මොවුනුත් දුශිතයෝ විය යුතුයිනේ. හරියට කැළණි වෙහෙර වැන්දා වගේනේ කට්ට්ය එකපාරටම පව් සෝදපු බෝධිසත්වවරු උනේ...කොහෙද අනේ ඒ වතුර තියෙන්නේ.ටිල්වින් මහත්තය අපිටත් කියන්නකෝ... (ස)
අපෝ මේ ගොල්ලෝ සපොර්ට් නම් අපි ඡන්දෙ දෙන්නේ නෑ මෛත්‍රීට. .(අ)
රටක් තියෙන්න එපායැ අප්පා කාට දේශපාලනය කරන්නත් (නදී)
යු.ටියුබ් එකේ තිබෙනවා සියලුම සත්‍ය. අන්න පුලුවන් නම් බලන්න. (නදී)
අනුර මහත්තයත් ජාමේ බෙර ගත්තා. රනිල් මහත්තයත් ජාමේ බේර ගත්තා. සිරිසේන මහත්තයා ලනුව කාල කෝච්චියට බෙල්ල තිබ්බා වත්ද? දුෂිත ආණ්ඩුවක මෙතුවක් සියලු වරප්‍රසාද විඳිමින් සිටි මොවුනුත් දුශිතයෝ විය යුතුයිනේ. (නදී)
කවුරු වැරදි කළත් ඒක වරදක් තමා. හැමකෙනාම රට සූරාකනවා.දැනට ලංකාවේ දේශපාලනය එහෙම තමා. ඒක අපේ රටේ මිනිසුන්ට තේරෙන්නේ නැද්ද මන්දා. ඒක අපේ අවාසනාව.අපේ රටට ගොඩඑන්න තව කාලයක් යාවි.මට හිතෙනවා රට ගොඩගන්න මිනිස්සුන්ට සැබෑ සේවයක් කරන්න ජවිපෙටත් සැබෑ උවමනාවක් තියෙනවාද කියලා. හැමදාම පවතින රජය සමඟ සටන් විතරය පෙනෙන්න තියෙන්නේ. ඒ හැරෙන්න තිබෙන ප්‍රායෝගික ප්‍රතිපත්ති මොනවාද? කාලයෙන් කාලයට දෙපැත්තට ගිහිල්ලා පවතින රජයන් දුර්වල කරන එක හොඳ මදි (නි)
නියමයි ඔහෙම යං (අ)
71,88,89 උපක්‍රමිකව සහය දුන්න හිටපු ආණ්ඩුවලට, එකෙක් කියනවා මැතිවරණය පවත් වන්න දෙන්නේ නැහැ කියලා. ඒ අස්සේ කියනවා සහය දෙනවා උපක්‍රමිකව කියලා. මෙයාලව ගාවගෙන ගියොත් උරුලෑවා ගිය පාර වගේ තියෙයි. (නදී)
සුනිමල්"පවුල් බලය මගින් රට විනාශ වෙන එක ගැන හිතන්න ඕනේ. තනතුරු පාට හෝ පක්ෂ නෙමෙයි". ඊයේ රෑ 1-2 ක වෙනකම් මම අන්තර්ජාලයේ තිබෙන දර්ශන නරඹමින් හිටියේ. මේවා රටේ මිනිස්සු දන්නවා නම් මේ වෙනකොටත් රටම මුදාගෙන ඉවරයි. (නදී)
වැඩ කොහොමද කියලා බලමුකෝ (නි)
උපක්‍රමික සහයෝගය කියන්නේ මෙම ජනාධිපතිවරණය නීති විරෝධියි කිය කියා රටපුරා යන එක නම් ඒ සහයෝගය වක්‍රව ලැබෙන්නේ ජනාධිපතිතුමාටනේ. මෛත්‍රී මහත්තයාට ඡන්දෙ දාන්න බලාගෙන ඉන්න අය හිතයි නීතිවිරෝධී මැතිවරණයකදී ඡන්දය පාවිච්චි කරන එකත් නීතිවිරෝධියි කියලා (නි)
සරත් පොන්සේකා මහත්තය ගැන කවුරුත් කතා කරන්නේ නැහැනේ දැන්. (නදී)
ජවිපෙ හැමදාම රට ගැන හරි තීරණ ගත් බව පැහැදිලිය.(දිල්)
මෛත්‍රී ඔබ දිනනවා නිසැකයි (නදී)
ෆොන්සේකා මහතාට කල හදිය මතකද ? (නදී)
දැන් රතු දේශපාලනයි ,කොළ දේශපාලනයි දෙකම එකද ? (නදී)
ජවිපෙ ගැන මොනවද අප්පා කතා කරන්න තියෙන්නේ. තමන්ටත් තේරෙන්න නැති වචන පෙළක් කතා කරන එහි නායකයා කතාව අවසන් කරන්නේ ලොකු දෙයක් කළා වගේ. නමුත් ඒ කතාව ගැන මධ්‍ය වේදියෙක් ප්‍රශ්නයක් අහපුවාම උත්තරයට කියන්නෙත් අර නොතේරෙන කතාවමයි. එහෙම කට්ටිය දෙන සහාය අපිට හිතා ගන්න පුළුවනි. (අ)
ජේ.වී.පි නොහිටින්න මීට වඩා රට අාගාදයට වැටුන හැටි බලාගන්න තිබ්බා. (නදී)
ජේ වී පී කවදත් කරන්නේ බොරුවට කියවන එක. ජනාදිපතිවරණය නීත්‍යානුකූල නැතිනම් මේවට කට නොදා පැත්තකට වෙන්න ඕනී. කොහෙන් හරි වචනයක් හොයාගෙන එයාලත් එන්නේ මේකට සම්බන්ධවෙන්න. අනිත් එක මෙයාලට මේ කියන තරම් ඡන්ද පදනමක් තියෙනවාද (නදී) .
කරන්න පුළුවන් දේ කරන්න. බොරුවට නීති විරෝදී කියලා එ්ක අල්ලගෙන කෑගහලා ලැබෙන දෙයක් නැහැ. මෝඩ පාර්ට් පෙන්නලා මිනිස්සුන්ව මුලා කරන්න බැහැ. සල්ලි කීයක් හරි දෙනකන් ස්තාවරයක් පෙන්නන්නේ නැතුව ඉන්න නේද හදන්නේ. (නදී)
88/89 කාලේ තමන්ගේ සගයෝ බල්ලෝ වගේ මරල දාපු අයට උපක්‍රමිකව සහය දෙන්න තරම් ජේ.වී.පී එකත් පහත මට්ටමට වැටිලා ද? ඔයාලත් ඉතින් සගයෝ ටික පාවල දීල බිල්ලට දීල උපක්‍රමිකව බේරිලා තමා දැන් ලොකු කතා කියන්නේ. (නදී)
අපි ජනතා විමුක්ති පෙරමුණ නිසා අසරණ උන අය (නදී)
කොටියා වැනසුව අපේ ජනපතිඳුට මේ ....න්.. අභියෝගයක් නොවෙයි..(අ)
ජනතා විමුක්ති පෙරමුණ හැමවිටම රටේ ඒකීය භාවය වෙනුවෙන් පෙනී සිටියා. ආණ්ඩුවට දැන් තේරෙනවා ඇති ජනතා බලවේග වල තියෙන ශක්තිය සහ කැපවීම මුදල් වලට ගන්න බැහැ කියලා. (නදී)
මොකක්ද මේ උපක්‍රමික සහය කියන්නේ? මේවට මට හිනා යන්නේ අසුවල් තැනින්.ඇයි මේ උපක්‍රමික කතා කෙලින්ම සහාය නොදෙනවා කියා? මෙයාලටම ෂුවර් නෑ මෙයා දිනයිද කියලා.මොකද ගිය පාර වගේම මේ පාරත් නාන්න වෙයි කියල බයට බයිලා කියනවා දැන්.(අ)
මේරට හුරගෙන කන්න කාටවත් ඉඩ නැහැ ජේ වී පි ඉන්නකම් (නදී)
ටිකිරි බන්ඩෝ යු.ටියුබ්, ෆේස් බුක් වලින් ලංකාවේ රැලි ඇති කරන්න බැහැ. දැන් ජනාධිපතිවරණය නීති විරෝධිනම් එක පැත්තකට සහයෝගේ දෙන්නේ කොහොමද? ඕකට තමා කියන්නේ කන්න ඕනේ වෙනකොට කබරයත් තලගොයා වෙනවා කියල (ස)
මෙයාවත් දිනවලා අන්තිමට එයාටත් බනියිද දන්නෙ නැහැ (නි)
මමත් ඕක හිතුවා (දී)
මෛත්‍රීපාල මහතාට ආණ්ඩුවේ යන විදිය හරි නැති වුනේ මහින්ද ඡන්දය ඉල්ලන වේලාවේද ?, (අ)
උපක්‍රමික සහය රනිල් අගමැති කිරීම සඳහාද? (දී)
මේ එකාධිපති විධායක ජනපති දුරය අහෝසි කරන කෙනෙකුට කොන්දේසි විරහිතව සහය දීම ලක්වැසි සැමගේම වගකීමය නැතිනම් අපට රටක් නැත (අ)
කොරයි, කොරයි, (අ)