තම පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු , පළාත් සහා සහ ප්‍රාදේශිය සහා මන්ත්‍රීවරුන් පන්නා දමන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවට තොරතුරු ලැබී ඇතැයි ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත මහතා කියයි.
එය සිදුකරනුයේ මැතිවරණ ක්‍රමයක් මගින් බවට තොරතුරු ලැබී පක්ෂයේ පිරිසක් මේ ගැන දැනගන්නට ජනාධිපති හමුවීමට ගිය බවද කිවේය. එහිදී සාකච්ඡා වූ කරුණු පසුවට කියන බවද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් ඔයගොල්ලෝ ප්‍රමාණාත්මකව අඩු වෙලා යනවා. (බ)
රට කාපු ඔබලාට ඔහොම වෙලා මදි (බ)
ඕගොල්ලෝ පන්නවන්න ඉන්නවද සේරටම කලින් අදනේ දන්නේ ඉන්නවා කියල.නමට ඉන්නවා දෙපැත්ත කකා (බ)
බලයට ගේන්න දර දිය ඇදලා කරගත්ත වින්නැහියක මහත .දැන් සනීපද ? (බ)
දුප්පත් ජනතාව වෙනුවෙන් හඩනගන පක්ෂය මෙම අය නැතිනම් දැනටමත් දුෂිත දේශපාලුවෝ රට විකුණා හාමාරයිි (බ)
ජවිපෙ පන්නන අමුතු උත්සාහයක් අවශ්‍ය නැහැ. ඡන්දයක් තිබ්බහම හොඳටම ඇති. (බ)
ජේ ආර් ගේ සමානුපාත ඡන්ද ක්‍රමය නැත්නම් මේගොල්ලෝ දිනන්නේ මොන ආසනයද කියලා කව්රු හරි කියනවද ?? මොස්කව්? ලෙනින්ග්‍රාඩ්? ස්ටාලින්ග්‍රාඩ්? (බ)
උඹට තේරෙන්නේ නැද්ද ජේවීපී කරන වැඩ ගැන (බ)
දැන් වුනත් ඡන්ද 2000 - 3000 නේ ගන්නේ (බ)
කමනි, ජන්දයක් තිබිල, එකෙන් බොරු පොරොන්දී නොදී දිනලා තමයි එතුමාල ඇවිත් තියෙන්නේ ඔයාල වගේ අයගේ අයිතිවාසිකම් දේපල ආරක්ෂා කරන්න. (බ)
කමනි, කට්ටිය බැලුව හැත්තෑ ගණන් වල ඉදලම ඕක කරන්න. ඒත් බැරි වුනානේ. . ජ වී පෙ එකෙක් හිටියොත් අනෙක් දෙපැත්තට හරි හිසරදක්. මොකද ඕන විදිහට රට සවාරි යන්න, ටෙන්ඩර් දෙන්න, බැංකු වලින් සල්ලි අදින්න බැහැනේ.කමනි ඔයා පළාත් සභාවට ඉල්ලු කෙනෙක්ද? (බ)
ජ.වී.පෙ. කියන්නේ මොකක්ද කියල රටේ ජනතාව දන්නවා දැන් හොඳට ...පහුගිය කාලෙම පරණ පක්ෂ දෙකේ හොරුන්ගේ කතා අහල උන්ට ඡන්දෙ දීල අපි කර ගත්තු දෙයක විපාක තමයි දැන් අපි විඳවන්නේ .. අපි නම් ඊළඟ පාර ඡන්දෙ දෙන්නේ ජ.වී.පෙ. ට විතරයි. (බ)
අනේ කමනි ආස ඇති නේද ජවිපෙ පන්නල ලංකාවේ ඉන්න අහිංසක මිනිසුන්ව පාරේ පස් කන තැනට යවන්න. මේ දැන් තියෙන පක්ෂ දෙක මොනවද අවුරුදු 67ක් තිස්සේ කරලා තියෙන්නේ. දුප්පත්කමයි, මන්ද පෝෂණයයි, රටට වැඩක් කර ගන්න බැරී අලි බඩ තියෙන තරුණයෝයිනේ ඉතුරු කරලා තියෙන්නේ. කොරියාවෙන් දෙන රැකියා සහනාධාරෙත් නැත්නම් මොනවද අපේ තරුණයින්ට තියෙන්නේ. (බ)
සහෝදරයා ප්‍රතිපත්ති ගරුක ඔබේ පක්ෂය දුෂණයට එරෙහිව නගන හඬ අපි අගය කරනවා. නමුත් ඇයි ඔබේ පක්ෂය දිනෙන් දින ජනතාවගෙන් ඇත් වෙන්නේ කියල බැලුවේ නැද්ද? මං ඇහුවේ ආසන ගණන එන්න එන්නම අඩු වූ නිසයි. අන්තිමට පන්නන්න කෙනෙක් ඉතුරු නොවෙන්න පුළුවන්. (බ)
ලක්ෂ දෙක තුනක් ඡන්දෙ අරගෙන මනාප ක්‍රමය නිසා බේරිලා ඉන්නේ. නැත්නම් කොහොමත් ඉන්න බැහැ (බ)
වැඩක් කරන්න දන්නෙ නැති වැඩක් කරන්න දෙන්නෙ නැති ජේවීපිය එලවන එකමයි හොඳ (බ)
මොන සුත්‍ර ආවත් මිනිස්සුන්ගේ ඡන්දෙන් පත් කර ගන්නේ.(හේ)
මිනිස්සුන්ට කොයි දේශපාලන පක්ෂයත් එපා වෙලා තියෙන්නේ. මේ බහුබූත පක්ෂ නිසා අවංක, දේශයට හිතවත්, කාටවත් රටට වැඩක් කරන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. අවංක මිනිස්සුන්ට චන්දෙකට ඉල්ලන්න තරම් සල්ලි නැහැ.(හේ)
ජවිපෙ අවසානයේ හැරවුම් ලක්ෂය තමයි මේ. (හේ)
උපාලි, නිලන්ත ..ජවිපෙ දිනෙන් දින ජනතාවගෙන් ඇත්වනවා කියන කතාව ගොත කියන කතාවක් හෝ නොදන්නා කමට කියන කතාවක් බව පසුගිය මහමැතිවරණයෙදී ගත්ත ඡන්ද ප්‍රතිශතය ගැන බැලුවහම පේනවා. කෙසේ වෙතත් ජනතා කැමැත්ත කියන එක සාධකය නිවැරදි බාවය මනින මිනුම් දණ්ඩ නොවේ. ජවිපෙට හොරු කැමති නැහැ , බොරු කාරයෝ කැමති නැහැ, කම්මැලියෝ කැමති නැහැ, සදාචාර විරෝධී වැඩ කරන අය කැමති නැහැ, දුශිතයෝ කැමති නැහැ. ඉතින් ,ජාවාරම් කාරයෝ කැමති නැහැ,.(බ)
ජවිපෙ ලාංකීය දේශපාලනට කරන බලපෑම ජන්ද ගොඩින් මනින්න බැහැ (බ)
නිලන්ත ගමගේ, එක පුන් සඳින් දුරුවෙයි ලොව ගන අදුරු, නෙක තරු රැසින් එලෙසට නොම වේය දුරු. ප්‍රමාණාත්මක බව නොවේ, ගුණාත්මක බවයි ඥාවන්තයන් අගයන්නේ. (බ)
ඔබතුමන්ලා මේ රට දාල පිටරටකට යන්ඩ. මේක හදන්ඩ පුළුවන් මිනිස්සු ඉන්න රටක් නෙමේ. හරිම බුද්ධිමත් මිනිස්සු ඉන්නේ. තව ටිකදවසකින් කොහොමත් ඉන්දියාව හරි චිනේ හරි මේ රට ගන්නවා. (බ)
සතියක් ආණ්ඩුවට ලාවට බනිනවා. ඊලග සතියේ ආණ්ඩුවට කඩේ යනවා. මේ දවල් මිගෙල් රෑ දනියෙල් වැඩේ දැන් රටම දන්නවා. ජවිපෙ පන්නන හූනියම කවුරුත් කරපු දෙයක් නොවෙයි තමන්ම කරගත්ත දෙයක්.(බ)