ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කිරිඇල්ලේදී සඳුදා (28) අනතුරට ලක් වු කැබ්රිය පැදවු රියදුරා රත්නපුර රෝහලේදී සැක පිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
අපරික්ෂාකාරී ලෙස රිය පැදවීමේ චෝදනාව යටතේ ඔහු අද (29) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමතනකදීම ඔහොම වෙනවනම් හොඳයි , නමුත් සමහර අයගේ රියදුරෝ පොලිසියටත් පාර්ට් දානවා (අ)
දැන් කියයි අපේ ඩ්‍රැයිවර් තමයි රටේ නීතිගරුකම ඩ්‍රැයිවර් ආණ්ඩුව අපිට විරුද්ධව මර්ධනය දියත් කරල තියනවය කියල.(අ)
අනිවාර්යෙන්ම හිරේ යවන්න ඕන, හරියට වැඩේ කරානම් රටට සෙතක්.(අ)
ලංකාවේ පොලිසිය ඔහොම නොකෙරුව නම් තමයි පුදුමේ ,ආණ්ඩුව මේකෙනුත් වළ ඉහගන්න තරම් පහත තත්වෙට වැටිච්ච එක ගැන කණගාටු වෙනවා. (අ)
ධන-රින ලොක්කගේ පුතා මිනිහෙක් හප්පලාවත් ඔච්චර දෙයක් වුනේ නෑ නේ ?(අ)
දැන මොකක් හරි අනතුරක් උනොත් අපරික්ෂාකාරී ලෙස රිය පැදවීමේ චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කරනවද?? එහෙම කරනවානම් නීතිය සේරටම එක සමාන වෙන්න ඕන. නැතුව ජවිපෙ නායක රියදුරාට එක නිතියකුයි ආණ්ඩුවේ අයට, එයාලගේ පුත්තුන්ට, රියදුරන්ට, යාළුවන්ට වෙන නීතියකුයි වෙන්න බැහැ(අ)
කාට කියන්නද මේ අවනඩු.(අ)
සනීප වෙලා, පාර්ලිමේන්තුවට ගියාට පස්සේ කට්ටියට, හොඳ ටිකක් අහගන්න පුළුවන් වෙයි.(අ)
සම්පත්: වැඩේ හරියට කරානම් රටට සෙතක් කියන එකෙන් මොකක්ද ඔය අදහස් කරන්නේ? මටනං අමානුෂීය අදහසක් එන්නේ. තමන්ගේ පවිටු සිතුවිලි මේ විදියට එලි දක්වන්න එපා.(අ)
හැමෝටම මේ නීතිය එකසමානව ක්‍රියාත්මක නොවීම තමා අපේ කරුමය.(අ)
සම්පත්, හොදටම සම්පත් භුක්ති විදින බව නම් අපිට පේනවා. අදහස් අතිනුත් බොහොම අසත්පුරුෂයි.(අ)
සම්පත් ඔයා මනුෂ්‍ය ආත්මයක ඉඳගෙනද ඔයවගේ අදහස් දමන්නේ. එහෙමනම් මනුලොව සිටින අමනුෂ්යෙක් වගෙයි (නදී)
මම මෙච්චර කලක් හිතන් හිටියේ බුරුවන් වගේ පාරේ වාහන එල්ලවන්නේ රජයේ මැති ඇමතිවරුන්ගේ රියදුරන් විතරයි කියලා. බලාගෙන යනකොට ජවිපෙ රියදුරනුත් ඔවුන්ගේ ගොඩටම වැටිලානේ ? සාමාන්‍යයෙන් ජවිපෙ දේශපාලන ප්‍රචාරක රැස්වීමකින් පසුව උනත් පොලිතින් කෑල්ලක් වත් ඉතිරි නොවෙන්න සියල්ල පිරිසිදු කරලා යන පරිසර හිතකාමී පක්ෂයක් ලෙස තමයි ප්‍රසිද්ධ. කොහොම උනත් රියැදුරා අධික වේගයෙන් රිය පදවනවා නම් නායක තුමාට පුළුවන් කියන්න හෙමින් යන්න කියලා (නදී)
එහෙනම් සම්පත් ආණ්ඩුවට කඩේ යන්නෙක් (නදී)
සම්පත් කර්මය ගැන විශ්වාස කරන්න. ඔයා ගැන අනුකම්පා කරනවා. (නදී)
ටිපර් රියදුරා වේගය අඩු කරලා ඉඩ දුන්නා නම් මේ මොකවත් නෑ, මෙයින් එක දෙයක් පැහැදිලි වේ (නදී)
හානා හීය පානා අඬහැරෙන් දැනේ, අමුතු බත් දීම අත ඇල්ලුමෙන් දැනේ (නදී)
ජාතික විමුක්ති පෙරමුනේ විනිවිද භාවය හුවා දක්වන අවස්තාවක්. (නදී)
පොලිස් ප්‍රකාශකයෝ, අදිවේගී මාර්ගයේ හොර නොම්මරයකින් වේග සීමා කැඩු අයට මොක කළේ (නදී)
මමත් මාස තුනහතරකට උඩදී වැලිගමදී කොළබ බලාගිය පුද්ගලික බස් රථයක් මම යතුරු පැදියෙන් ගමන් කරද්දී පිටුපසින් ඇවිත් හැප්පුවා. මගේ තෙවන පන්තියේ රක්ෂණයක් නිසා වැරදිකරුත් මම වගේ. උනදෙයක් තවම මටත් හිතාගන්න බෑ. පොල්සිය නම් බසයේ රියදුරු සමග බොහොම සුහද ව කතා කරකර සිටියා. බයිකලයත් මමම හදාගත්තා. (නදී)
නායක රියදුරාද නායකයාගේ රියදුරාද? (නදී)