IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ජවිපෙ නායක රියදුරා අත්අඩංගුවට

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කිරිඇල්ලේදී සඳුදා (28)  අනතුරට ලක් වු කැබ්රිය පැදවු රියදුරා රත්නපුර රෝහලේදී  සැක පිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

අපරික්ෂාකාරී ලෙස රිය පැදවීමේ චෝදනාව යටතේ ඔහු අද (29) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

 



අදහස් (0)

ජවිපෙ නායක රියදුරා අත්අඩංගුවට

තිලක් Tuesday, 29 July 2014 06:40 AM

හැමතනකදීම ඔහොම වෙනවනම් හොඳයි , නමුත් සමහර අයගේ රියදුරෝ පොලිසියටත් පාර්ට් දානවා (අ)

:       0       0

සුමති Tuesday, 29 July 2014 06:42 AM

දැන් කියයි අපේ ඩ්‍රැයිවර් තමයි රටේ නීතිගරුකම ඩ්‍රැයිවර් ආණ්ඩුව අපිට විරුද්ධව මර්ධනය දියත් කරල තියනවය කියල.(අ)

:       0       0

සම්පත් Tuesday, 29 July 2014 06:49 AM

අනිවාර්යෙන්ම හිරේ යවන්න ඕන, හරියට වැඩේ කරානම් රටට සෙතක්.(අ)

:       0       0

විරාජ් Tuesday, 29 July 2014 07:08 AM

ලංකාවේ පොලිසිය ඔහොම නොකෙරුව නම් තමයි පුදුමේ ,ආණ්ඩුව මේකෙනුත් වළ ඉහගන්න තරම් පහත තත්වෙට වැටිච්ච එක ගැන කණගාටු වෙනවා. (අ)

:       0       0

චාමික Tuesday, 29 July 2014 07:09 AM

ධන-රින ලොක්කගේ පුතා මිනිහෙක් හප්පලාවත් ඔච්චර දෙයක් වුනේ නෑ නේ ?(අ)

:       0       0

ලංකා Tuesday, 29 July 2014 07:24 AM

දැන මොකක් හරි අනතුරක් උනොත් අපරික්ෂාකාරී ලෙස රිය පැදවීමේ චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කරනවද?? එහෙම කරනවානම් නීතිය සේරටම එක සමාන වෙන්න ඕන. නැතුව ජවිපෙ නායක රියදුරාට එක නිතියකුයි ආණ්ඩුවේ අය‍ට, එයාලගේ පුත්තුන්ට, රියදුරන්ට, යාළුවන්ට වෙන නීතියකුයි වෙන්න බැහැ(අ)

:       0       0

චමින්ද Tuesday, 29 July 2014 07:39 AM

කාට කියන්නද මේ අවනඩු.(අ)

:       0       0

චමින්ද Tuesday, 29 July 2014 07:59 AM

සනීප වෙලා, පාර්ලිමේන්තුවට ගියාට පස්සේ කට්ටියට, හොඳ ටිකක් අහගන්න පුළුවන් වෙයි.(අ)

:       0       0

චමිල Tuesday, 29 July 2014 08:18 AM

සම්පත්: වැඩේ හරියට කරානම් රටට සෙතක් කියන එකෙන් මොකක්ද ඔය අදහස් කරන්නේ? මටනං අමානුෂීය අදහසක් එන්නේ. තමන්ගේ පවිටු සිතුවිලි මේ විදියට එලි දක්වන්න එපා.(අ)

:       0       0

රාජසිංහ Tuesday, 29 July 2014 08:24 AM

හැමෝටම මේ නීතිය එකසමානව ක්‍රියාත්මක නොවීම තමා අපේ කරුමය.(අ)

:       0       0

පද්මිණි Tuesday, 29 July 2014 08:44 AM

සම්පත්, හොදටම සම්පත් භුක්ති විදින බව නම් අපිට පේනවා. අදහස් අතිනුත් බොහොම අසත්පුරුෂයි.(අ)

:       0       0

සුරන්ජිත් ලාල් Tuesday, 29 July 2014 09:47 AM

සම්පත් ඔයා මනුෂ්‍ය ආත්මයක ඉඳගෙනද ඔයවගේ අදහස් දමන්නේ. එහෙමනම් මනුලොව සිටින අමනුෂ්යෙක් වගෙයි (නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Tuesday, 29 July 2014 10:01 AM

මම මෙච්චර කලක් හිතන් හිටියේ බුරුවන් වගේ පාරේ වාහන එල්ලවන්නේ රජයේ මැති ඇමතිවරුන්ගේ රියදුරන් විතරයි කියලා. බලාගෙන යනකොට ජවිපෙ රියදුරනුත් ඔවුන්ගේ ගොඩටම වැටිලානේ ? සාමාන්‍යයෙන් ජවිපෙ දේශපාලන ප්‍රචාරක රැස්වීමකින් පසුව උනත් පොලිතින් කෑල්ලක් වත් ඉතිරි නොවෙන්න සියල්ල පිරිසිදු කරලා යන පරිසර හිතකාමී පක්ෂයක් ලෙස තමයි ප්‍රසිද්ධ. කොහොම උනත් රියැදුරා අධික වේගයෙන් රිය පදවනවා නම් නායක තුමාට පුළුවන් කියන්න හෙමින් යන්න කියලා (නදී)

:       0       0

සමීර සාලින්ද Tuesday, 29 July 2014 10:18 AM

එහෙනම් සම්පත් ආණ්ඩුවට කඩේ යන්නෙක් (නදී)

:       0       0

පද්මේන් Tuesday, 29 July 2014 10:42 AM

සම්පත් කර්මය ගැන විශ්වාස කරන්න. ඔයා ගැන අනුකම්පා කරනවා. (නදී)

:       0       0

දිනේෂ් Tuesday, 29 July 2014 05:56 AM

ටිපර් රියදුරා වේගය අඩු කරලා ඉඩ දුන්නා නම් මේ මොකවත් නෑ, මෙයින් එක දෙයක් පැහැදිලි වේ (නදී)

:       0       0

දිනේෂ් Tuesday, 29 July 2014 06:05 AM

හානා හීය පානා අඬහැරෙන් දැනේ, අමුතු බත් දීම අත ඇල්ලුමෙන් දැනේ (නදී)

:       0       0

මිලානො ජයන්ත Tuesday, 29 July 2014 06:16 AM

ජාතික විමුක්ති පෙරමුනේ විනිවිද භාවය හුවා දක්වන අවස්තාවක්. (නදී)

:       0       0

මාලක සිල්වා Tuesday, 29 July 2014 06:16 AM

පොලිස් ප්‍රකාශකයෝ, අදිවේගී මාර්ගයේ හොර නොම්මරයකින් වේග සීමා කැඩු අයට මොක කළේ (නදී)

:       0       0

දසුන් Tuesday, 29 July 2014 06:19 AM

මමත් මාස තුනහතරකට උඩදී වැලිගමදී කොළබ බලාගිය පුද්ගලික බස් රථයක් මම යතුරු පැදියෙන් ගමන් කරද්දී පිටුපසින් ඇවිත් හැප්පුවා. මගේ තෙවන පන්තියේ රක්ෂණයක් නිසා වැරදිකරුත් මම වගේ. උනදෙයක් තවම මටත් හිතාගන්න බෑ. පොල්සිය නම් බසයේ රියදුරු සමග බොහොම සුහද ව කතා කරකර සිටියා. බයිකලයත් මමම හදාගත්තා. (නදී)

:       0       0

මහේෂ මුතුකුඩ Tuesday, 29 July 2014 06:28 AM

නායක රියදුරාද නායකයාගේ රියදුරාද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 354 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site