‘මාධ්‍ය මර්දනය නවතනු, ප්‍රජාතන්ත්‍රවාදය රකිමු’ යනුවෙන් සඳහන් පෝස්ටර් අලවමින් සිටි ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (6) තීන්දු කළේ ය.
ඒ අනුව පෙත්සම්කරුවන්ට රුපියල් 25,000 බැගින් වූ රුපියල් පනස් දහසක රජයේ වන්දි මුදලක් ගෙවන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාට නියෝග කළේ ය.
ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව නිකුත් කරනු ලැබුවේ මෙම සිද්ධියට මුහුණ දුන් පුද්ගලයින් දෙදෙනා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමෙන් අනතුරුවය. ප්‍රියසාද් ඩෙප්, සිසිර ඩී. ආබෘෘ, අනිල් ගුණරත්න යන මහත්වරුන්ගෙන් යුතු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම විභාග කළේය .
2009 ජනවාරි 12 වැනි දින ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයින් දෙදෙනා අත්අඩංගුවට පත්ව තිබිණි. මෙරට ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනයකට ගිනි තැබීම මෙන් ම ජනමාධ්‍යෙව්දී ලසන්ත වික්‍රමතුංග ඝාතනය මෙම කාල වකවානුව තුළදී සිදුවූ බව ත් ආදාළ තීන්දුවේ සඳහන්ව ඇත.
එවැනි වාතාවරණයක් යටතේ මෙම පෙත්සම්කරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව ද තීන්දුවෙන් ප්‍රකාශයට පත්කෙරිණි.
වීඩියෝ - ශාන්ත සෙනෙවිරත්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටිගල මිලානෝ - 2021 වසරේදී වන්දි ගෙවන්න තීන්දුව ලැබෙයි. ඒ වෙනකල් අපි බලා හිදිමු. (බ)
පිටිගලත් ඉඳලා ඉඳලා අහන කතා හැබෑට? (නි)
සාමාන්‍ය නඩු, අපරාද නඩු පටලවා ගන්න එපා. (බ)
මගේ රටට දළදා හාමුදුරුවන්ගේ පිහිට තිබෙන බව මේ නඩු තීන්දුවෙන් පෙනෙනවා. (ස)
පොලිස්පති ගෙවන්නෙත් අපේ සල්ලිම නේද ? අපි පොස්ටර් එකක් ගහමුද මේ නඩු තීන් දුව පොලිසියට හා මහජනයට දැනගන්න එත කොට නැවත මේ වැරැද්ද සිදු නොවේවි (බ)
මේ මුදල එතකොට හිටපු ස්ථානාධිපතිතුමාගෙන් අය කර ගන්න ක්‍රමයක් ඇත්නම් (අ)
නියමයි. පොලිසියට හොඳ වැඩේ (නි)
විජය, පොලිස්පති ගෙවන්නේ අපේ සල්ලි තමා, නමුත් මේ තරුණයින් දෙදෙනා පොස්ටර් ගැසුවේ අපි වෙනුවෙන් කියලාත් අමතක කරන්න එපා. (අ)
එතකොට අර කොටදෙනියාවේ පාසල් සිසුවා? (ම)
එ්කටත් ඉතින් පිටිගල නඩු දන්නා ඕනනේ මේ දුන්නේ 2009 පවරපු නඩුවක නඩු තීන්දුවක්නේ 2020දි සිසුවාට වන්දි ගන්න පුළුවන් වේවි (බ)
මහත්වරුනි, පොට වරද්දගන්න එපා. 2009 ඉඳල ජනවාරි 8 වෙනිදා වෙනකම් රටේ ක්‍රියාත්මක වුණේ අවනීතිය. මේ නඩුව තියෙන්න ඇත්තේ උසාවියේ පොලොව යට. දෙවැනි කාරණය, මේ නඩුවේ තව වගඋත්තර කරය ඇති. එගොල්ලන්ටත් වන්දි ගෙවන්න අනිවාර්යෙන්ම තීන්දු වෙලා ඇති. මෙතන වැදගත් වෙලා තියෙන්නේ පොලිස්පතිටත් ගෙවන්න වුණ එකය්. නීතිය හරියටම ක්‍රියාත්මක වෙන්නේ දැන් තමය්.(අ)