ජනතා විමුක්ති පෙරමුණ අයවැයට විරුද්ධව ඡන්දය ලබාදෙන බව එහි ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා පවසයි.

රජය ඉදිරිපත් කළ අයවැය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි මත සකස් කළ ණය,බදු හා දඩ වලින් පිරි ජනතාව කබලෙන් ලිපට දැමූ එකක් බව ද විජිත හේරත් මහතා කීවේය.‍

රට ණය උගුලක සිර කරන ආණ්ඩුවේ මෙම කොල්ලකාරී ආර්ථික ප‍්‍රතිපත්තියට එරෙහිව ජනතාව පෙළගැස්වීමට ඉදිරියේදී ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරන බව ද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

විජිත හේරත් මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයේදී අද (11) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.