තම ගන්නෝරුවේ පිහිටි කාර්යාලයට පහරදීමට ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් පුබුදු ජයගොඩ මහතා කියයි.
මතවාදී වශයෙන් තමන්ට එල්ලවන අභියෝග බාහු බලයෙන් මැඩ පැවැත්වීමට ජවිපෙ උත්සාහ කරන බවද ඒ මහතා කීවේ එම පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇත්තේ ජවිපෙ ක්‍රියාකාරීන් බවයි.
නමුත් ජනනා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසුවේ මෙම පහරදීමට ජනතා විමුක්ති පෙරමුණේ කිසිදු සම්බන්ධයක් නැති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතිහාසය යනු අනාගතයේ දොරටුව බව පෙනේ (නි)
කතාකළොත් නම් මේ දෙගොල්ලටම වඩා සිල්වත් අය නැතිතරම්. නමුත් මෙන්න වැඩ! (නි)
දැන් හැමෝම එකපතේ කද්දී අපිට මොනවද නොහිතෙන්නේ? අනේ අපිට නම් මේ දෙගොල්ලන්ගේ අරගල වලට මැදිවෙන්න ඕනෑ නැහැ නැහැමයි! (නි)
කොහොමත් අපේ අය ගහගන්න, ගිනිතියන්න ,මිනීමරන්න ,බොරු කියන්න,කුමන්ත්‍රණ කරන්න හොඳට දන්නවා. (නි)
අනේ ජේවීපි එක නම් කවදාවත් එහෙම කරනේ නැහැ. එයාලා ගොඩක් සිල්වත් උදවිය ඉතිහාසය පුරාවටම (නි)
එකනේ රේණු ප්‍රේමකීර්ති සහ සාගරිකා ගෝමස් කලාකරුවන් නැතිවුණේ අහිංසක ජේවීපී නිසා නෙවෙයි වෙන්න ඇති නේද? (බ)
ජවිපෙ කවදාද තමන්ගේ වැඩ තමන් කළා කියන්නේ? (නි)
අනේ මන් කිව්වේ එදා දෙපිල බෙදිලා අපිව පීඩාවට පත් කළ දෙගොල්ලොයි එයාලගේ 17 අවුරුදු සාපයෙන් අපිව බේරාගන්නවයි කියලා එදා බලේට ආපු අයයි යන දෙතුන්ගොල්ලන්ගේ එකපතේ කන කෑම ගැනයි. (නදී)
කොහොමත් අන්තිමට ගහපු කෙනෙක් හොයාගන්න නම් බැරිවෙයි (නි)
අනේ මන්දා??අපි ඉස්සර හිතුවේ එජාපය තමයි පිස්සු නටන්නේ කියලා.ඒත් දැන්නම් මේ සියල්ලටම වඩා එජාපය හොඳයි කියලයි මට හැඟෙන්නේ. (නි)
කවුද මෙයාලට ගහන්න ඉන්නේ? (නි)
අපිට ගැහුවා, අපිත් ගැහුවා... එහෙනම් ගහගන්නකෝ ඇතිවෙනකල්. (නි)
මේ සියලු දෙනාටම රටේ වටිනාකම ගැන වැඩක් නැහැ. (නි)
මොනවද අප්පේ මේ අලුත් අවුරුද්දේ රණ්ඩු? (නි)
ඔය කවුරු කවුරු ගැනත් අපි හොඳට දන්නවා (නි)
ඕවා ඉතින් ඔහොම තමයි (නි)
මම නම් මේක කාගේ වැඩක්ද කියලා නිකමට වගේ හිතාගන්න පුලුවන් (නි)
දෙගොල්ලන්ටම සුබ අලුත් අවුරුද්දක්! ගහගත්තත් නැතත් දෙගොල්ලොම එකතුවෙලා ගහන්නේ නම් අපේ රටටයි අපේ ජාතිකත්වයටයි තමයි. (නි)
මොකටද ගහගෙන විතරක් නැවැත්තුවේ. තොපිට ඔක්කොම මරාගන්නනේ තිබුනේ. (බ)
ඌ මට ගහනවා .මට ඌ ගහනවා.දෙගොල්ලම එකයි.(බ)
ලංකාවේ දේශපාලකයෝ හැමෝම එකයි බලනකොට (නි)
රක්ෂාවක් හොයා ගෙන කීයක් හරි හම්බ කර ගත්තානම් හොඳයි නේද? (බ)
අවුරුද්දට කලින්ම වැඩ අල්ලලා වගේ ....(බ)
ජේවීපී සහ යූඑන්පී කොහොමත් කලබල ඇති කරල පුරුදු කට්ටිය (බ)
පොඩි බලයක් තියෙනකොට මෙහෙම නම් ලොකු බලයක් ලැබුනොත් කොහොම තියෙයිද (බ)
ශාන්, ඔයා බටලන්ද වගේ තැන් ගැන අහලා නැති ෆේස්බුක් දරුවෙක් වෙන්න ඇති කියලා මට ඔයාගේ අදහස දැක්කහම හිතුණා. (නි)
ජවිපෙට යළිත් ඔය මඟ තෝරාගන්න වෙන බව කවුරුත් දන්නවා. ඔය කෑගැහිලි ඊළඟ ඡන්දයක් එනතුරු විතරයි. (නි)