‘රටේ මූල්‍ය පාලනයේ හදවත ශ්‍රී ලංකා මහ බැංකුවයි. ඒ නිසා දූෂිතයින් හෙළිදරව් කිරීම අපේ වගකීමක්‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් විජිත හේරත් මහතා අද පැලවත්ත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.
‘මේ වනවිට රටේ විශාල මූල්‍ය අර්බුදයක් තිබෙනවා. ඊට ප්‍රධාන හේතු කිහිපයක් බලපා තිබෙනවා. රාජපක්‍ෂ පාලන කාලයේ සිදුකළ වංචා-දූෂණ-අක්‍රමිකතා හේතුවෙන් විශාල මුදලක් රටට අහිමි වුණා. ඒ වගේම රාජපක්‍ෂ පාලනය කාලයේ අපේ රට විශාල ණය උගුලක හිරකළා. එම හේතු නිසා පැන නැඟුණු මූල්‍ය අර්බුදය තව තවත් දිග්ගැස්සෙමින් තිබෙනවා. වත්මන් ආණ්ඩුවත් අයථා ගනුදෙනු, ඥාති ගනුදෙනු හරහා ජනතා මුදල් නාස්ති කරනවා. දින 100 ආණ්ඩුවේ මුල් කාලයේ නව මහබැංකු අධිපතිවරයෙක් පත්කළා. මහ බැංකු අධිපතිවරයා පත්කර මාසයක් ගතවීමටත් පෙර ඔහු ඥාති සංග්‍රහයක් කළා. තමන්ගේ බෑනාට මහබැංකු බැඳුම්කර විකුණමින් ඥාති ගනුදෙනුවක් කළා. ජනතා විමුක්ති පෙරමුණ එම අයථා ගනුදෙනුව පිළිබඳව රටේ ජනතාවත් පාර්ලිමේන්තුවත් දැනුවත් කළා. මහබැංකු බැඳුම්කර ගනුදෙනුව ගැන මුලින්ම කතා කළේ ජනතා විමුක්ති පෙරුමණයි. අප පක්‍ෂයේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා 2015 මාර්තු 10 වැනිදා මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව රටට හෙළිකළා. ගනුදෙනුව ගැන විධිමත් පරීක්‍ෂණයක් සිදුකරන ලෙසත් මහබැංකු අධිපතිවරයා ධුරයෙන් ඉවත් කර සුදුසු පුද්ගලයෙකු එම තනතුරට පත්කරන ලෙසත් අපි ආණ්ඩුවට අවධාරණය කළා. මුල සිටම ඒ පිළිබඳව අපි පැහැදිළි, සෘජු ස්ථාවරයක සිටියා. වත්මන් මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිව පමණක් නෙවෙයි අජිත් නිවාඞ් කබ්රාල් මහබැංකු අධිපතිවරයාව සිටියදී සිදුකළ ග්‍රීසියේ බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව අපි අල්ලස් හෝ දූෂණ කොමිසමට 2015 ජනවාරි 13 පැමිණිල්ලක් ඉදිරිපත් කළා‘ යැයිද හේරත් මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමන්ලාට අනුව දුෂිතයන් පැන්නීම කියන්නේ ආණ්ඩු මාරු කිරීම පමණක්ද? පන්නන දුෂිතයන් නැවත බලය ලබා ගැනීම දුෂිතයන්ට උරුමයක්ද? එය ඔවුන්ට උරුමයක් නම් ඔවුන් පන්නන්නේ තවකාලිකවද? එය අපට තේරුම් ගත නොහැකිය. කව්රුත් දුෂිතයන් ගැන කථා කළත් දඬුවම් ලබන දුෂිතයෙක් තවමත් අප දැකද නැත. යන විධියට නම් අපට පෙනෙන්නේ බලය ඇති දුෂිතයන් සහ බලය නැති දුෂිතයන් රඟපාන නාට්‍යයේ මෙතුමන්ලා "පොතේ ගුරා" වීමක් පමණි. (බ)
ඔයිට වඩා බරපතලයි නේද 71, 89, කළ දේවල්. කොහොමද පරිවාස ආණ්ඩුව වැව් 1000 කළාද? මෙතෙක් රටේ දියුනුවට කරපු එක වැඩක් තියනවද? හැමදාම පැන පැන කියවපු දේවල් විතරනේ? (බ)
චිනෙත් කොන්ඩේ බැදපු මිනිස්සු නැහැ ඒ වගේ තමයි ඕව අහන්න දැන් ලංකාවෙත් කොන්ඩේ බදින මිනිස්සු නැහැ කියල හිතා ගන්න.(බ)
රත්නසිරි හරි. මෙයාලගේ කට විතරයි. බලමු මහා බැංකු අධිපති ගැන කරනදේ. (බ)
ඔබේ පක්ෂයේ කෙනෙක් කෝප් සභාපති නොවෙන්න අපට හිතාගන්න පුළුවන් බැඳුම්කර වැඩේට මොකද වෙන්නේ කියල. ඒ වගේම විගණකාධිපති නැවතත් තහවුරු කර තිබෙන පරිදි ඔහුගේ නිවැරදි වාර්තාව අනුව අනුමත සීමාව වගේ දෙගුණයක් ණය අරගෙන. පුද්ගලික වාසිවලට බෙරිහන් දෙන ඒකාබද්ධ විපක්ෂයට මේවා පේන්නේ නැහැ. ඔබ මේවා රටට පෙන්වා දීමම විශාල මහජන සේවයක්. (බ)
ජනතා විමුක්ති පෙරමුණ බිහිවුණ දවසේ ඉඳලම ඔය තමයි කියන කතාව. අද වෙනතුරු දූෂිතයින් එළවලා නැහැ. දැන්නම් ජනතා විමුක්ති පෙරමුණත් එළවලා දාන්න ඕනෑ. (නි)
ඔයාලගේ කතා අහන පිළිගන්න අය ටික දෙනා මිසක් වෙන අය ඕවා අහන්නේ නැහැ. පරාදවුණ සෙට් එක පස්ස දොරෙන් අරගෙන කරන වැඩ නොදන්නා කෙනෙක් නැහැ. පක්ෂයට ආදරේ කළ අපිත් මෝඩයෝ (නි)
උපාලිගේ කතාවට මම එකඟයි. නමුත් වින්සන්ට්ගේ කතාවෙත් හිතන්න යමක් තිබෙනවා. (නි)
ඔබතුමන්ලා වගේ ආර්ථික දැනුමක් තිබෙන අය මාධ්‍ය හරහා මහබැංකු අධිපති සමග සංවාදයක් කර රටේ ජනතාවට සිදුවූ ආර්ථික අලාභය ගැන පැහැදිලි කරන්න. (නි)
මෙතුමාගේ කතාවෙනුත් උත්සාහ ගන්නේ පසුගිය රජයෙන් රට ණය උගුලක සිරකලබව කියන මතය සමාජගත කිරීමට උත්සාහ කිරීම බවයි පෙනෙන්නේ. (බ)