ජනතාවගේ දේශපාලන මතය පැය 24ක් තුළ වෙනස්වන ප්‍රවනතාවක් රටේ ඇතිවී තිබෙන බවත් එවන් පසුබිමක ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් බිහි වීම වැඩි ඈතක නොවන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි. ඒ මහතා ඒ බව පැවසුවේ ලංකාදීප එසැණ සමග සාකච්ඡාවකට එක් වෙමිනි.
ප්‍රශ්නය - කොහොමද ඔබ මෙම මැතිවරණයට මුහුණදෙමින් සිටින්නේ?
පිළිතුර - අපි ගම් මට්ටමින් හා දිස්ත්‍රික් මට්ටමින් ජනතාව දැනුවත් කරමින් ඉන්නේ ? ඊට අමතරව විශ්ව විද්‍යාල මහාචාර්යවරුන් ආචාර්යවරුන් කලාකරුවන් අපිට ඡන්දය දෙන්න කියලා ජනතාව දැනුවත් කරනවා. අද උදැසනත් තරුණ කලාකරුවන් පිරිසක් ඒ ආකාරයට ජනතාව දැනුවත් කළා.
ප්‍රශ්නය - ඔබේ පක්ෂයේ දේශපාලන මත නොදරන අයත් ඒ අතර ඉන්නවද?
පිළිතුර - අනිවාර්යෙන්ම, අපේ දේශපාලන මතය දරන අය වගේම නොදරන අයත් ඒ අතර ඉන්නවා. ඔවුන් හැමෝම කිසිම ලාභ ප්‍රයෝජනයක් නැතිව රටේ අවශ්‍යතාවය වෙනුවෙනුයි පෙනී සිටින්නේ?
ප්‍රශ්නය - ජනතා විමුක්ති පෙරමුණේ බිම් මට්ටමේ සාමාජිකයින්ගෙන් ඔබලාට තොරතුරු එනවා ඇති එළබෙන මැතිවරණයේ ඔබේ පක්ෂේ ජයග්‍රහණය කොහොම වෙයිද?
පිළිතුර - මන්ත්‍රීවරු ගණන නම් කියන්න බැහැ. ඒත් මෙහෙම කියන්න පුළුවන්. මේ මැතිවරණයෙන් ප්‍රධාන පක්ෂ දෙකටම බහුතර බලයක් ලැබෙන්නේ නැහැ. ඒ අනුව ආණ්ඩුව කරවන්නේ අපි. පාර්ලිමේන්තුවේ තීරණාත්මක බලවේගය බවට අපි පත්වෙනවා. රටට ජනතාවට ජයග්‍රහණ ලබා දෙන්න අපි කටයුතු කරනවා.
ප්‍රශ්නය - ඇමති නියෝජ්‍ය ඇමති තනතුරු වලට කතා කළොත්?
පිළිතුර - පැහැදිලිවම එකක් කියන්න නෑ. ආණ්ඩුව කරවන බලය අපිට තිබුණාට ආණ්ඩුව ඇතුළට යන්නේ නැහැ. හොද පනත් වලට සහයෝගය දෙනවා. රටට ජනතාවට අහිතකර හැම පනතක්ම පරාජය කරනවා.
ප්‍රශ්නය - ඒ කියන්නේ ආණ්ඩුව වට්ටනවා. ඒ වට්ටලා ගෙන්න තියෙන්නේ තවත් එක පක්‍ෂයක් විතරයි නේද?
පිළිතුර - ආණ්ඩුව පරාජය නොකර රටට ජනතාවට අහිතකරන පනත් පරාජය කරන්න පුළුවන්. තව එකක් කියන්න නෑ. සුළුතර ආණ්ඩුවක් පැවතීම රටට ජනතාවට හොදයි. මොකද වැරදි දේ කරන්න ඔවුන් බයයි.
ප්‍රශ්නය - රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියා පත්වන ඔහුන්ගේ රජය යටතේ පාර්ලිමේන්තුව නියෝජනය කරන හැම පක්ෂයකටම වගකීම් බාරදෙනවා කියලා. ඔබලාටත් යම් වගකීමක් පැවරෙයි නේද?
පිළිතුර - අපි වගකීමක් ගන්නවා නම් ගන්නේ යහපත් ආණ්ඩුවකින් විතරයි. නැතුව හොරුන් සමඟ යන ආණ්ඩුවකින් කිසිම වගකීමක් ගන්නේ නැහැ.
ප්‍රශ්නය - නව රජය පත්වෙන්න ප්‍රථම ඔබ කොහොමද කියන්නේ ඒ ආණ්ඩුව ඇතුළේ හොරුන් ඉන්නවා කියලා.
පිළිතුර, බලන්න මහින්ද රාජපක්ෂ වටා ඉන්න කට්ටිය දිහා. උපාසකලද? මහින්ද අවුරුදු නමයටම කරපු දේ රනිල් මාස තුනෙන් කළා. මෑත සිදුවුණු මහ බැංකු මුල්‍ය වංචාව තමයි මෑත ඉතිහාසයේ ලොකුම වංචාව.
ප්‍රශ්නය - චන්ද්‍රිකා ආණ්ඩුව සමයේ ඔබට ඇමති තනතුරක් ලැබුණා. ඒ වගේම පක්ෂයට ඇමැතිකම් නියෝජ්‍ය ඇමැතිකම් ලැබුණෘ. පසුව ඔබලා එය අත හැරියා. ජනතාවට සේවය කරන්න ලැබුණු අවස්ථාවක් මගහැරුනා කියලා ඔබලාට දැන් හිතෙන්නේ නැත්ද?
පිළිතුර - අපි එදා ඇමැතිකම් අතහැර එළියට බැහැපු නිසා තමයි සුනාමි සහන මණ්ඩලය ක්‍රියාවට නංවන්න චන්ද්‍රිකාට බැරි වුණේ. ඒක ක්‍රියාවට නැගුවානම් මේ වන විට රට දෙකට කැඩිලා. රනිල්ගේ ඊනියා සටන් විරාමයටත් වඩා දරුණුයි. එකට ඇතුළු වී හිටපු නියෝජිතයින් පස් දෙනාගෙන් එක්කෙනයි සිංහල. මුස්ලිම් සාමාජිකයන් හිටියා කොටිත් හිටියා. විගණන නිලධාරියෙක් පත් කරලා හිටියා. මිනිහා පාර්ලිමේන්තුවට වග කියන්නෙත් නැහැ. අනික විදේශ ආධාර කෙලින්ම උතුරට ගෙනියන්න පුළුවන්. මේවා ගැන හොඳට හිතලා තමයි අපි එළියට බැස්සේ. එදත් අදත් අපි රට ජනතාව ගැනයි හිතුවේ. නැත්නම් අපිට තිබුණා ඇමැතිකම් අරගෙන ගල් කොරියක් ,බාර්, ලයිසන්, කොමිස් ගගහා සැප විදින්න. අපි විනයක් හික්මීමක් ඇති ආදර්ශවත් පක්ෂයක්.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජවිපෙ අවංක නම් සෝමවංශ යයිද?. බොරු ඒපා. බලයට ආවම ඔක්කොටම හපන් මේ අය. පක්ෂය තුළ ප්‍රජාකන්ත්‍රවාදය නැතිව මේ අය කොහොමද රටට ප්‍රජාතන්ත්‍ර වාදය ගෙන්නෙ. අද ජවිපෙ ධනපති මුක්කුවක්. 1994 චන්ද්‍රිකාට මුක්කු ගහල ඇමති රස වැටුන දා සිට ජවිපෙ යන්නේ අයාලේ.(නදී)
ඹබලාට ජයවේවා! (නදී)
ඔබගේ කැපවීම අහිංසක මිනිසුන්ට දිරියක් (නි)
නිල් හොඳ නැහැ කියල කොළ පත් කර ගත්තත්, කොළ හොඳ නැහැ කියල නිල් පත් කර ගත්තත් දෙකේ කිසිම වෙනසක් නැහැ. කම්බා හොරු ටික ඒ පැත්තෙන් මේ පැත්තට, මේ පැත්තෙන් ඒ පැත්තට පැනල නැවත රට විනාස කරන එක පමණයි සිද්ද වෙන්නේ. අපේ දරුවන්ට රටක් ඉතිරි කර දෙන්න ඕනෙනම් /වෙනසක් දකින්න ඕනෙනම් /පොලවේ පය ගහල ජිවත් වෙන්න ඕනෙනම් ජවිපෙට වැඩි බලයක්/ආසන ප්‍රමාණයක් ලබා දෙන්න ඕනේ. (නදී)
ජේ වී පි එකේ විනය 71-88/89 කාලවලදී අපි දැක්කා. නැවත ජනතාව බොරුවෙන් අන්දවනවා. ඔවුන්ගේ මේ උපාය මෙවර පරාජය කළයුතුයි. (නි)
ඔබ යන ගමන හරි. ඔහොම ඉදිරියට ගියොත් ඔබට ජනතා සහය ලැබෙනවා සිකුරුයි. (නි)
අලියටත් නෙවෙයි අතටත් නෙවෙයි බහුතරය බුලතට (නදී)
අපි ඔබටයි ජේවීපී... (නි)
ජවිපෙට සුබ අනාගතයක්! (නි)
ජනතා විමුක්ති පෙරමුණට මාධ්‍ය වලින් දෙන ප්‍රචාරය මහ පොලොවෙ දකින්නට නැහැ. ඔයාලගෙ කතා අහල මිනිස්සු ප්‍රධාන පක්ෂයක් බලයට ගේන්න හැමදාම ජන්දය දුන්නා. මේ පාරත් ඊට වඩා වැඩි දෙයක් වෙන්නෙ නැහැ. තවමත් මිනිසුන්ට විස්වාසයක් ඇතිවෙලා නැහැ. මේ දවස්වල හිටපු නායක තුමාගේ කතා ඇහුනොත් තීයෙන ජන්දයත් නැති වෙනවා.(නදී)
ජවිපෙ රටට ආශිර්වාදයක් (නි)
රටට අවශ්‍ය ජේවීපී ආණ්ඩුවක්. ජනතව ඒකට සුදානම් වෙමින් ඉන්නේ. (නි)
ජවිපෙට ජය! (නි)
අලියයි බුලත් කොලයයි දේවභාෂිත ලෙස පිළිගන්න නොසිතන මහත්වරුනි. ජ වී පෙ අවංක තරුණයින් පිළිගන්න. 67 වසරක් දෙගොල්ලන්ට බලය දුන්නා හොඳටම ඇති. ජ වී පෙ දිනවමු. (නි)
රතුපස්වල ගැන ඔබලා කතා නොකරන්නේ ඇයි? (නදී0
කොහොමටත් ප්‍රධාන පක්ෂ දෙකටම වඩා ඔබලා අදූෂිත බව නම් පෙනෙනවා විවිධ පැතිවලින්.1971 අමතක කරමු.නමුත් ඔබලා 1988/89 දී සිදුවුණු අවාසනාවන්ත ජීවිත හානි හා දේපළ විනාශයන් වැඩි කොටසකට හිමිකම් කියනවා.ඒ පිළිබඳව රට හා ජනතාවගෙන් වහාම සමාව ගතයුතුයි, මාන්නය පසෙක තබා. ඔබ 1977 පෙර තිබුණු තට්ටුමාරු ක්‍රමය පිළිගත යුතුයි සහ රටට ප්‍රකාශ කළයුතුයි වහාම.එය තමයි ජනතාවට නුසුදුසු පාලනයන් වෙනස් කිරීමට ඇති එකම ක්‍රමය. එය වෙනස් කිරීමට ගොස් ජේ.ආර්.රටට කළ අපරාධය ඔබ හා මහජනතාව අත්දැකීමෙන්ම හොඳින් දන්නවා. 17 ට පෙර එසේ කළහොත් අපි හැමෝගෙම ඡන්දය ජ.වි.පෙට තමයි (නි)
මන් අපේ ඥාතීන්ට,මිතුරන්ට කීවා ජේ .වී පි එකට ඡන්දෙ දාන්න කියල (නදී)
ජවිපේ, යු.එන්.පී එකේ අතකොළුවක් වෙලා. තමන්ගේ නායකයා පණපිටින් මරපු යු.එන්.පී එකට අද කඩේ යනවා. මේ රටේ දේපල විනාස කරලා උගත් බුද්දිමත් හා අහිංසක මිනිස්සු මරපු ජවිපේ ගැන කුමන විස්වාසයක් තියන්නද ? කැලේ මාරු උනාට කොටියාගේ පුල්ලි මාරුවෙන්නේ නෑලු. (නදී)
මොනවා කතා කරන්නද ඩයස් මහත්තයෝ..වතුර පිටින් දාල දෙතුන් දෙනෙක් බාවා ගෙන කම්හල අයින් කර ගත්තා. කම්හල අයින් වුනු ගමන් වතුරත් හොද වෙලා. පි එච් අගෙත් අඩු වෙලා..විශ්ව කර්ම වැඩක්. මම රතු පස්වල ජනතාවගෙන් ඉල්ලනවා ලිංවල වතුර ආයේ මැන ගෙන වාර්තා අරන් ජේ වී පි මුලස්තානෙට එන්න කියල..ඒවා ඔක්කොම එකට එකතු කරලා රතු අලි පැටියාගේ කටේ ඔබල නැතිවෙච්ච ජීවිතයි අහිමි වුනු කම්හලයි ඉල්ලා ගන්න කියල...(නදී)