ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක හා අන්තර්ජාතික ලේකම් සෝමවංශ අමරසිංහ මහතා සමග සාකච්ඡා කර ඔහු යළි පක්ෂයට බඳවා ගැනීමට හැම උත්සාහයක්ම ගැනීමට එහි දේශපාලන මණ්ඩලය අද (17) තීරණය කළේය.
අමරසිංහ මහතා පක්ෂයෙන් ඉවත්වීමටත් අලුත් පක්ෂයක් පිහිටුවා ගැනීමටත් සැරසේ. පක්ෂය සම්බන්ධයෙන් පැතිර යන කටකතාවල කිසිදු සත්‍යයක් නොමැති බවද ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා කියයි.
ජවිපෙ නිවේදනයක් නිකුත් කරමින් මෙසේ ද කියයි.
ජවිපෙ දේශපාලන මණ්ඩල සභීක සෝමවංශ අමරසිංහ සහෝදරයා 2015.04.16 දින ජවිපෙන් ඉවත් වන බව ප්‍රකාශ කොට තිබේ.
මෙය ඉතා පැහැදිලිව ම සෝමවංශ අමරසිංහ සහෝදරයාගේ පෞද්ගලික තිරණයකි. මෙම තීරණය ප්‍රකාශයට පත් කරන තුරු ඒ පිළිබඳ ව පක්ෂය දැනුවත් භාවයක සිටියේ නැත. සෝමවංශ අමරසිංහ සහෝදරයා පක්ෂයෙන් ඉවත් වීමට ගත් තිරණයට අප එකඟ නොවන බව අවධාරණය කළ යුතු ය. සෝමවංශ සහෝදරයා පක්ෂයෙන් ඉවත්වන බව දැනගත් මොහොතේ සිට එම තීරණය වෙනස්කර ගැනිමට අපි සාකච්ඡා කරමින් සිටිමු. සෝමවංශ සහෝදරයා නැවත පක්ෂයට සම්බන්ධ කර ගැනිම සඳහා අපි උපරිම ලෙස කටයුතු කරන අතර එය සාර්ථක වනු ඇතැයි සිතමු.
සෝමවංශ සහෝදරයා පක්ෂයෙන් ඉවත්වීමට ගත් තීරණය පක්ෂයේ අභ්‍යන්තර ගැටුමක් හෝ පක්ෂයේ අර්බුදයක් නොවන බව ද , එය සෝමවංශ සහෝදරයාගේ පෞද්ගලික තීරණයක් බව ද අවධානය කරමු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෝමවංශ පක්ෂයෙන් ඉවත්වයාමට හේතු වී ඇති කාරණය අපි නම් දනිමු (නි)
සමාජවාදය ඇතිකරන්න පුලුවන් ජවිපෙට විතරයි කියලා එතුමා පළමු සාකච්ඡාවෙදි තරයේ කියාසිටියා.එහෙනම් පක්ෂයක් හදන්නේ මොන වාදය ඇතිකරන්නද. (නි)
ලංකාවේ හොඳම සහ අවංකම මිනිස්සු ඡන්දය දෙන,රටේ තිබෙන දරුණුම පක්ෂය කුමක්ද? (නි)
මේ අර කලින් විහිළුවේ දෙවන කොටසද? (ම)
යහපාල අතීතයේ වැරදි නොකරපු එක පක්ෂයක් ගැන මට කියනවද ? (ස)
අනුර සහෝදරයා...තව මිලියන දෙකක් විතර අරන් අලින්ගේ කරේ යන්නකෝ ...තව කී දෙනෙක් නිර්මල පක්ෂය අත හරීද කියල බලමු. (බ)
මේ රටට යහපතක් වෙන්නේ ඔය ඔක්කොම අපායට රොත්ත පිටින්ම ගිය දාට තමයි....මිනි මරන්න රටට උගන්නපු එවුන් ජාතික දේපල ගිනි තියන්න විනාශ කරන්න රටට උගන්නපු එවුන් දේශපාලනය කළාට විරුද්ධ මතවාදයක් දැරුවට අත පය කට කපන්න රටට කියල දුන්න එවුන් 60 දාහක් තරුණ ජිවිත නිරපරාදේ පොළොවට පස් කරවපු එවුන් අද බෝධිසත්වයෝ වෙලා අනුන්ගේ කුණු හොයනවා..(බ)
මේ රටට යහපතක් වෙන්නේ ඔය ඔක්කොම අපායට රොත්ත පිටින්ම ගිය දාට තමයි....මිනි මරන්න රටට උගන්නපු ජාතික දේපල ගිනි තියන්න විනාශ කරන්න රටට උගන්නපු අය දේශපාලනය කළාට විරුද්ධ මතවාදයක් දැරුවට අත පය කට කපන්න රටට කියල දුන්න අය 60 දාහක් තරුණ ජිවිත නිරපරාදේ පොළොවට පස් කරවපු අය අද බෝධිසත්වයෝ වෙලා අනුන්ගේ කුණු හොයනවා..(බ)
නිවැරදි මාවතේ යන පක්ෂයක් හදාගන්න දෙන්නකෝ. එතකොට අපිටත් බැරිය එ්කට එකතු වෙන්න. මීට කලිනුත් ඔහොම හරි පාරේ යන්න කියල එළියට බැහැපු අය ගියපු අතක් හොයාගන්න නැනේ.(බ)
ජේ .වී. පි එක ධනවාදී පක්ෂ වලට මුක්කු ගහනවාට වඩා මොකුත් කරන්නේ නැහැ (නි)
දිනේෂ්,සුදුවතින් සැරසුන දේශපාලකයන් කර ඇති අකටයුතුකම් නොතිබෙන්නට අද ශ්‍රී ලාංකික ජනතාව කොතරම් වාසනාවන්තද? ඇඳුමින්, සිල් රෙද්දෙන්,බත් පැකට් එකෙන් රවටාගතහැකි කිසියම් ජනතාවක් රටේ සිටින බව දේශපාලකයන්ට තේරුම් ගැනීමට අපි ඉඩදෙමුද? විධායක ජනාධිපති බලය ඉවත්කර නොගෙන යා හැකි දේශපාලන ගමනක් ගැන සිතිය නොහැකිය. එය පක්ෂයක ස්ථාවරය වෙනස්කර නොගෙන බලවත් ධනවාදීන් සමඟ හෝ සහයෝගයෙන් ඉටුකර ගැනීම සුදුසු නොවන්නේද? නියම විප්ලවවාදීන් කියන්නේ පීඩිත පන්තියේ ගොඩනැඟෙන හඬ කඩාගෙන පක්ෂ කාර්යාලයක බෝඩ් ලෑල්ලකට සීමා කරන්නන්ද?ගොඩනැඟී ඇති බලය ඉදිරියට ගෙන යනවාද නැතිනම් නියම විප්ලවවාදීන් වෙමින් ධනවාදීන්ගේ අපේක්ෂාව ඉටුකර දෙමුද? (නි)
සෝමවංශ මහත්තය නෙමේ ඕකේ ලොක්ක යන පාර එච්චර හොද නෑ (බ)
එ්කධිපති ..එ්කධිපති..කිය කියා අනිත් අයට කියපු අය ගැන ජනතාවට දැන් හිතන්න වෙලා...(බ)
වින්සන්ට්, ඔයා ඔය පීඩිත පන්තියක් ගැන කියන්නේ බටහිර ක්‍රමයට ටයි සුට් පවා ගහන, ධනපති පාක්ෂිකයන් සමඟ ඔවුන්ගේ සටනට සහයෝගය දෙන නායකයෙක් තියාගෙනද? ඔයා ඔය ගමනායකලා වගේ නියම විප්ලවාදීන් ගැන හිතුවට අද ඒවා වෙන්නේ නැහැ. (නි)
මේ වෙනකම් විශාල කැපකිරීමකින් ඉදිරියට පැමිණි පීඩිත පන්තියේ සටන නැවත කිසිවකු විසින් විනාශ කරන තැනට කටයුතු කිරීම අපරාධයකි. මෙතුමාට පීඩිත පන්තියෙන් යම් ගෞරවයක් ඇතිද එය නැති කර නොගැනීමට ප්‍රර්ථනා කරමු. නව දේශපාලන රැල්ලට ගැලපෙන ආකාරයට කටයුතු කිරීමට තරුණ බලයට ඉඩ හැරිම වැඩිහිටි නායකයන්ගේ යුතුකම විය යුතුය.නීතිගරුක සහ ප්‍රතිපත්තිමය ආකාරයෙන් කටයුතු කිරීමට බොහෝ වැඩිහිටියන් කැමති වුනත්,අද පවතින අවස්ථාවාදී නරුම තත්ත්වය ඉදිරියේ එය ජය ගැනීමට කටයුතු කළයුතු ආකාරයක් ඇත. පක්ෂයේ අඩුපාඩු ඉවත්කර ගැනීමට උත්සාහ කරනවා වෙනුවට එය කැඩී යාමකට කිසිවෙක් කටයුතු කරන්නේ නම් එය පාක්ෂිකයන් ඝාතනය කිරීමක් සමාන බව පාක්ෂිකයන් සිතන්නට ඉඩ ඇත. (බ)
වින්සන්ට්, ඔබගේ ප්‍රතිචාරය දැක්කම මට සෝමවංශ සහෝදරයා පක්ෂයෙන් ඉවත්වීමට කියා තිබෙන හේතුවක් මතක් වුණා. ඔහු කියන අන්දමට ඔබ අදහස් කරන ඉදිරි ගමන පක්ෂයෙන් සිදුවෙන්නේ නැහැ. නමුත් ඔබ ඔය කියන විදිහට බලවත් ධනවාදීන් සමඟ හෝ එක්වී අපේක්ෂා ඉටුකරගැනීම සාර්ථකද. අනුර කුමාරම කියනවා විධායකයේ ඉඳීම ගැන තවත් සිතන්න ඕනෑ කියලා.කාගේ අපේක්ෂාද ඉටුකරන්නේ කියලා අපිත් ජේවීපී එකෙන් අහන්න ඕනෑ. කාල්මාක්ස් කියූ සමාජවාදය නෙමෙයි මේ. පක්ෂයේ ඔරිජිනල් ස්ථාවරය (පීඩිත පන්තියට සේවය කිරීම) අද මේ පක්ෂයෙන් සිදුනොවෙන බව පක්ෂයේ ඔර්ජිනල් සහෝදරයෙක්ම කියනවා නම් ඉතින් කවර කතාද. (නි)
අන්න දැන් ඉන්න ඇමති කෙනෙක් කියනවා සෝමවංස ගියාම ජේවීපී එකට හොඳට ඉස්සරහට යන්න පුළුවන් කියලා. ඉතින් අපිට හිතාගන්න පුළුවනි ඉදිරියට විප්ලවය යන හැටි. (නදී)
වින්සන්ට් ඔබ ජේවීපී එකට ධනවාදී පක්ෂ (ශ්‍රී ලංකා සහ යුඑන්පී පක්ෂ දෙකම) එක්ක හෝ එකතුවෙලා ඉස්සරහට යන්න කියන්නේ ව්හිලුවටද? ඇත්තටම නම් කියන්නේ, එක්කෝ ඔයා කාල් මාක්ස්ගේ දාස් කැපිටාල් කියවල නැහැ නැත්නම් 1971 හෝ 1989 දෙකම දන්නේ නැහැ. සමගියෙන් රට වෙනුවෙන් වැඩ කිරීම වෙනයි, හැබැයි විධායකය වෙනස් කිරීම සඳහා කියල අනික් සියලු දෙයට කට පියාගෙන සිටීම කියන්නේ පීඩිත පන්තිය තවත් විදිහකින් පාවා දීමක්. (බ)
ජේවීපී සහ ධනවාදී පක්ෂ එකමුතුව , යා දෙක නොරත රත.(බ)
දැනට තිබෙන සමානුපාත ඡන්ද ක්‍රමය වෙනස් කළවිට ජේ.වී.පි. , හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට මොකද වෙන්නේ? (නි)
පක්ෂය කඩාගන්න එපා. කම්කරුවා වෙනුවෙන් කතාකරන්න කෙනෙක් නැතිවේවි (නි)
දුප්පත් මිනිසුන්ගේ හඬ නිහඬකරන්න එපා. (නි)
පීඩිත අය වෙනුවෙන් මොනවාද කළේ? තව තවත් පීඩාවට පත්කළා මිසක්. (නි)
පූස් පැටවු වගේ ඉන්න එයාලා දඟකරන්නෙ නැහැ (නි)
ගැටුමක් නැත්නම් ආදරේටද සෝමවංශ කැඩිලා යන්නේ? විමල් කියන කතා ගැන අපිට දැන් පිළිගන්න වෙනවා (නි)
මෙව්වා යල් පැන ගියපු අදහස්. මිනිස්සුන්ට ඕනේ කරුණාව මෛත්‍රිය. එහෙම මිසක් විප්ලව නෙමෙයි. මහා නිධානයක් වගේ සම්බුද්ධ ශාසනයක් තියාගෙන මේ වගේ මෝඩ මතවාද පිටිපස්සේ යන ජ.වී.පෙ. ගැන ඇත්තටම දුකයි. සිංහලකමක්, බෞද්ධ කමක් නැති පක්ෂයකට ලංකාවේ කවදාවත් තැනක් ලැබෙන්නේ නෑ.(නදී)
ඔය කියන දේවලට ජනතාව ආයෙත් රවටන්න බැහැ (නි)
ඔවු ඉතින්, කොහොමත් ගැටුමක් නැහැ තමයි (නි)
ජ වී පෙ දැන් යන්නේ ත්‍රිවිල් එක්ක. කට්ටියක් කුරුටු ගානවා. තව කට්ටියක් කඩේ යනවා. තව කට්ටියක් අලුත් පක්ෂයක් හදන්න සැරසෙනවා. අහෝ දුකකි ජවීපෙ ට ගිය කල! (නි)
නියම ජේ .වී.පි .කෙනෙක් නම් ගත් තීරණය හරි (නි)