මාරවිල තොඩුවාවේදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක කටයුතුවල යෙදී සිටි පිරිසකට පහරදුන් බවට සැකපිට සන්ධානයේ තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි මාරවිල පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති තිදෙනා පුත්තලමේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීමට බලාපොරොත්තුවන පුද්ගලයකුගේ ආධාරකරුවන් බව ද පොලිසිය කියයි.
තුවාලකරු මාරවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඔහු ඉදිරි මැතිවරණයට ජනතා විමුක්ති පෙරමුණෙන් ඉදිරිපත්වීමට සිටින අයකු බවත් පොලිසිය පවසයි.
ඡන්ද ගැටුම් 20ක් වාර්තාවී ඇති අතර 15 දෙනෙක් සැකපිට අත් අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සන්ධානයේ වැඩිපුරම ඉන්නේ මීහරක්.මෙවර මුන්ව පන්නා දැමිය යුතුයි. (බ)
රටේ විශ්වසනිය පුද්ගලයන් සිටින එකම පක්ෂය වී සිටින ජ වී පෙට ගහන මහින්දගේ ගෝලයන්ගේ අතපය පරිස්සන් කර ගන්ඩ.(බ)
ලොක්කට නාමයෝජනා ලැබුන විතරයි, සොක්කෝ වැඩ පටන් අරගෙන, දැන්වත් ජනතාව හොඳ තීරණයක් ගතහොත් හොඳයි, ඡන්දෙ දිනන්න කලින් මෙහම නම්, දින්නට පස්සේ කොහොම වෙයිද කියල (බ)
කට්ටිය වැඩ පටන් අරන්ද? පොලිසිය කෙලින් සිටිය යුතු කාලයයි මේ. (බ)