අතීතයේ පැවැති ආණ්ඩු රටට අහිතකර දෙයක් කරන විට ඊට මුලින්ම විරුද්ධ වූ ජනතා විමුක්ති පෙරමුණ අද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ප්‍රවර්ධන නිලධාරියා බවට පත්ව ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා අද (5) පැවැසීය.
රෝහණ විජේවීර, සෝමවංශ අමරසිංහ යන මහත්වරුන්ගේ නායකත්වයෙන් යුතු ජනතා විමුක්ති පෙරමුණ සෑම විටම ආණ්ඩුවල වැරැදි විවේචනය කරමින් ජනතාව වෙනුවෙන් පෙනී සිටියද අද ජනතා විමුක්ති පෙරමුණ දේශමාමාක නායකයන් අත්අඩංගුවට ගනිද්දීද ද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය සාධරණීයකරණය කරමින් සිටින බව ප්‍රේමරත්න මහතා කීය.
ඡායාරූප - ජාතික නිදහස් පෙරමුණු මාධ්‍ය ඒකකය


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ මුල්‍ය අපරාධ ගැන සොයනවාට විරුද්ධ ඇයි? ඔබේම නායකයා කළ දේවල් අපි හොඳින්ම දන්නවා. ඔබේ ජනප්‍රියත්වය මේ වගේ මෝඩ අදහස් ප්‍රකාශ කිරීමෙන් වළපල්ලට යවන්න එපා. හුඟක් අයට මේක වෙලා ඉවරයි. (නි)
මෙයාගේ දේශමාමක නිර්වචනය දැක්කම හතර කොනෙන් හිනා ගියා (ම)
එ්කනේ කියන්නේ. ඔන්න ඒකට මේ ගොල්ලන්ගේ නායකයා. දේශපාලනේට ආපු දවසේ ඉඳලම වෙනස් නොවී ඉන්න හැටි දැක්කහම ආස හිතෙනවා අනේ. (බ)
අහසින් කඩා වැටිච්ච තරු, ඔහේ කියවනවා. (ර)
රට ජාතියට සේවය කරනවා නම් එෆ්සීඅයිඩී 10ක් තිබුණත් මොකද (නි)
වංචාවට දුසණයට විරුද්දව කටයුතු කිරිම දෙශප්‍රේමයට විරුද්ධවීම නොවේ. (ර)
හොරා නොකෑවනම් ඊට බියවිය යුතු නෑ නේද? මාධ්‍ය ප්‍රකාශක එකම වාහනය දෙවතාවක් කුලීගත් හැටි දැන් අපට පේනවා තව බොහෝදේවල් ඉදිරියට දැකගත හැකිවේවී බයවීම ස්වභාවිකයි (බ)
ඉස්සර දවස ගානේ ඇමරිකාවටත් බටහිරටත් විරුද්ධව කතා කියපු, බටහිර සහ ඇමෙරිකාව අපේ රටවල් ආක්‍රමණය කරනවය කියපු ජවිපෙ අද ඒ ගැන වචනයක් නැහැනේ කතා කරන්නේ. ඇමරිකාව හදිසියේම 2015 ජනවාරි ඉඳන් එයාලගේ ආක්‍රමණකාරී පිළිවෙත අතහැරලද එහෙම නැතිනම් ජවිපෙ වෙස් මාරු කරලද කියලයි අපිත් අඤ්ඤකොරොස් වෙලා ඉන්නේ! (බ)
ඔයාලගේ නායකයා කව්ද කියල දන්නවද ?විමල් වීරවංශ මේ නම කොයි උප්පැන්නේ තියනවද කියලද ඔබතුමා හිතන්නේ (බ)
තියෙන ලොකුම ප්‍රශ්නය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය. (ර)
මේවා අහලා අපිට එපාවෙලා (නි)
දේශමාමක නායකයන් කියන අය දුෂිතයන්, මිනීමරුවන් වුණොත් අත්අඩංගුවට නොගැනීමද න්‍යාය වන්නේ? අපිට ඇති ප්‍රශ්නය අත්අඩංගුවට ගැනීම නොව හිරගෙදරට යවන්න ඇති ප්‍රමාදයයි. එය ජනතාවගේ පැත්ත බව ඔබතුමන්ලා දන්නේ නම් මැනවි. (නි)
මම සුදනාගේ කිල්ලෝටය ඇරලා බැලුවහම එ්කේ තියෙන හුණු සුදු නොවෙයි කිව්වහම ගෝලයින්ට රිදෙනවා නේද? (නි)
අනේ හැබෑට දේ දේශපාලකයන් කරන නාඩගමක්? (නි)