ජනතා විමුක්ති පෙරමුණේ 25 වන ඉල් මහ සැමරුම ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදී පැවැත්විණි.
ජනතා විමුක්ති පෙරමුණේ 25 වන ඉල් මහ සැමරුම ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදී පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජවිපෙ සහෝදර වරුනි, රෝහණ විජේවීර මහතා උපන් නිවස පිළිසකර කර සංරක්ෂණය කරලා දෙන්න. ඒක ගරාවැටිලා. රෝහණ විජේවීර මහතාගේ එකම සහෝදරිය ජීවත් වෙන්නෙ බීඩි ඔතලා විකුනලා. ඒ අයගෙ බොහෝ දේ විනාශ වෙලා. පක්ෂෙ යුතුකමක් තියෙනවා ඒ අයට උපකාර කරන්න. (ර)
ජනතා විමුක්ති පෙරමුණ රටට ලබාදුන්නා යැයි කියන ප්‍රතිලාභ වලට වඩා 1971 හා 88/89 වර්ෂවල රටට සමාජයට මුදාහළ විනාශයේ නටඹුන් අදටත් විද්‍යමානවීම තමයි තිත්ත ඇත්ත. (නි)
විජේවීර මහත්මයාගේ අම්මට, සහෝදරියට, පක්ෂෙන් උදව් කලාද නැද්ද කියන එක ඔය සහෝදරවරු දන්නවනම් කියන්න. අපි දන්න විදියට නම් ඒ අම්මට මියගිය විජේවීර මහත්මයාගේ සහ එයාගේ මල්ලීගේ අවුරුද්දෙ දානේ දෙන්න වත් ඔය ඉලවු මහ සැමරුන් කරන අය උදව් කලේ නැහැ. විජේවීර මහත්මයාගේ අම්ම බොහෝ දුක් පීඩාවන් විඳදරාගෙනයි මෙලොව හැරගියේ. ඒ ගෙවල් ගරා වැටිලා. විජේවීර මහත්මයාගේ එකම සහෝදරිය බොහෝ අපහසුතා මැදයි අද ජීවත්වෙන්නේ. ඒ කතාව ඉතාම අනුවේදනීයයි. ඔය සහෝදරවරු තව රට හදන්න කතාකරනවා. (බ)
දැන් සුවහසක් ජනතාවට ඇත්ත තේරුම්ගෙනයි ඉන්නේ. අනුර ඇතුළු හොඳ බුද්ධිමත් පිරිසක් පක්ෂයේ ඉන්නවා. (නි)
හැමදාම උඩබුරුලනවා. එ්කට කමක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණට ජයවේවා. (බ)
ජේ වී පි එකට ඡන්දෙ ලැබෙන්නේ නැත්තේ මොකද දන්නවද? ඒගොල්ලන්ගේ තියෙන්නේ ලෝකේ අසාර්ථක වෙච්ච ක්‍රමවේදයක්. අනික වෛරය සමග ඊර්ශ්‍යාව. (බ)
ලොව පහළ වූ තවත් ශ්‍රේෂ්ඨ සමාජ විද්‍යාඥයෙක්. ඔහුගේ ඥානය රටේ සංවර්ධනයට යොදාගත්තා නම්...... (නි)
බන්දුල පෙරේරා වගේ චරිත තවත් නම් බිහිනොවේවා! (නි)
හැමෝම එකම පාටින්. හරිම ලස්සනයි (නි)
සිරිමෙවන්, බන්දුල ඔබල හරියටම හරි. (අ)
මම නම් නැහැ ඔය දේශපාලනයට (දී)
මෙතන කමෙන්ට් දන හුඟක් අය 88/89 කලේ පොඩි ළමයි. ඒගොල්ලෝ ඒ දවස් වල කරපු විනාසේ දන්නේ නැහැ. ඒගොල්ලෝ ජේවීපී එකට සලකන්නේ ආණ්ඩුවට විරුද්ධව කතා කරන හින්ද විතරයි. දැන් නිදහස් ඡන්ද, මානව හිමිකම් ගැන කතා කරනවා. 88/89 කාලේ ඒගොල්ලෝ මොනවද කළේ? දැන් බබාල වගේ කතා කරන්නේ.කේපී , කරුණට විරුද්ධව කතා කරාට හරිනම් මෙගොල්ලොන්ටත් පාර්ලිමේන්තුවේ තියා නිදහසේ ගෙදර වත් ඉන්න හම්බවෙන්නේ නැහැ මොකද මේ අයත් 88/89 කාලේ කළේ ත්‍රස්තවාදී වැඩනෙ!!.(බ)
සදා සමරමු සොහොයුරෝ ! (අ)
ද්‍රවිඩ සංවිධානයට ත්‍රස්තවාදීන් සැමරීම තහනම් නම් ජනතා විමුක්ති පෙරමුණ කොහොමද මෙහෙම ප්‍රසිද්ධියේ ත්‍රස්තවාදීන් සමරන්නේ...වටිනා තරුණ ජිවිත හැට හැත්තෑ දාහක් මරණ වලට වග කිව යුතු රාජ්‍ය දේපල කෝටි ගානක විනාශයකට මග පාදපු ජේ. වී. පි. ත්‍රස්ත වාදය කොටි ත්‍රස්තවාදය හා සමානවම මේ රටට විනාශය ගෙනාපු ත්‍රස්ත වාදයක්..ත්‍රස්ත වාදියා සිංහලයෙක් වුණත් දෙමළෙක් වුණත් මුස්ලිම් ආගමිකයෙක් වුණත් ඒකෙ වෙනසක් නැහැ..ඒකා ත්‍රස්ත වාදියෙක්.මේ සැමරීම නීති විරෝධී දෙයක්..මොවුන්ට මෙහෙම ඉඩ දීල ඔවුන්ට එපා කියන්නේ කොහොමද? නීතිය හැමට පොදු වෙන්න ඕන..මොවුන්ට දෙනවනම් ඔවුන්ටත් දෙන්න ඕන..(අ)
89/89 සහෝදර / සහෝදරියන් කරපු කැපවීම තුල මගෙන් වුණ දායකත්වය ගැන මට අද දවසේ වෙන දේවල් දුටු විට දැන් ඉන්න අය මොනවද මේ කරන පිස්සු වැඩ කියල හිතෙනවා . (අ)
මේ රටේ වැඩි හරියක් ඉන්නේ උඩින් අතගාල බලන ගැඹුරින් යමක් විග්‍රහ කරල තේරුම් ගන්න බැරි ... රැලක් .(අ)
බන්දුල අයිආ අත කට ප්‍රවේසම් කරගෙන වචන පාවිච්චි කරන්ඩ. මේක විෂ්ණු දෙවියන්ගේ අඩවිය. කරුණාද,පිල්ලෙයාන්ද, කප් ද උපදෙස් දුන්නේ. අපුරු ජාති හිතේෂීත්වය.(අ)
71 අමතක වූ හැටි? තවමත් පපු කැවුත්ත නටනවා. (නි)
ඔබ සැමදා දිනේවා සහෝදරවරුනි! (නි)
බන්දුල , කරුණාකරලා තමන්ගේ වැඩක් බලාගන්නවද? ඔහෙලා වගේ මිනිස්සු මේ රටේ ඉන්න නිසයි රට මෙහෙම අගාධයකට වැටුනේ. (නි)
හසිත මල්ලි, ගණන් ගන්න එපා. බන්දුල අයියා අනිත් අයට පාට කණ්ණාඩි ගළවන්න කිව්වාට මොකද බන්දුල අයියාගේ උපතින්ම ඇස් දෙක නිල්පාට වෙලා. (නි)
විජේවීර සහෝදරයා සැබෑම වීරෙයෙක්. ඔහු ගැන ගැඹුරින් හැදෑරූ අය ඒ ගැන දන්නවා. (නි)
හසිත මල්ලිගේ තර්කය නම් ඉතාම දුර්වලයි. කරුණලාට දඩුවම් දෙන්න ඉල්ලන්නේ, ඒ වගේ තව කීදෙනෙක් ඉන්නවද, එදා වුණ කිසිදේකට දඩුවමක් නැතුව යහතින්? මල්ලි,ඕවට රැවටෙන්න එපා. (නි)
හසිත මල්ලිගේ තර්කයනම් ඉතාම දුර්වලයි..කරුණලා කේපිල ත්‍රරස්තවාදීන් හැටියට සලකනවානම් මුලින්ම සෝමවංශ මහත්තය අල්ලලා හිරේ දාල තමයි එයාලව අල්ලන්න වෙන්නේ..අච්චර විනාශයකට නායකත්වයක් දීපු සෝමවංශට කිසිම දඩුවමක් නැත්නම් කොහොමද කරුණලාට දඩුවම් දෙන්න ඉල්ලන්නේ.ඒ වගේ තව කි දෙනෙක් ඉන්නවද එදා වුනු කිසි දේකට දඩුවමක් නැතුව යහතින්.අනෙක මල්ලි මෙයාලට රෙදි ඇදන් පුලුවන්ද මේ සැමරීම කරන්න..තමන්ගේ නායකයාව පක්ෂේ නිර්මාතෘව බල්ලෙක් වගේ දස වද දීල පන පිටින්ම පොරනුවකට දාල පුච්චපු යු ඇන්පී එකත් එක්ක අත්වැල් බදාගෙන ස්ටේජ් වල ප්‍රේම කරන මෙයාල අඩු ගානේ එදා ඒ සිදුවීමට වගකිව යුතු ජිවතුන් අතර ඉන්න කිසිම පුද්ගලයෙක් නිතිය හමුවට ගෙන්න මොනවද පක්ෂයක් වශයෙන් කරලා තියෙන්නේ එම සිදුවීම ඇසින් දුටු සාක්ෂිත් තියෙද්දීත්. ..මේවා මේ තුට්ටු දෙකේ ටෙලි නාට්‍ය වල ජවනිකා මල්ලි.රතු ඇදගෙන සෝභනය මැව්වට ඕවට රැවටෙන්න එපා.රැවටිලා තමන්ගේ ජිවිත කාලකන්නි කර ගන්න එපා....(බ)
බන්දුල, 88/89 දිවිපිදුවන්ට අගෞරව කරන්න එපා. (නි)
71 දී අහිංසක තරුණයන් දහස් ගණනක් අමාරුවේ දැම්මා. දැන් කරන්නේ කවදාවත් ප්‍රායෝගික නොවන සමාජවාදයක් ගැන කතාකරන එක. (නි)
ජයවේවා අපේ සහෝදරයන්ට! (නි)
ජවිපෙ මන්ත්‍රීවරුන්ට ලැබෙන වැටුප් හා විශාම වැටුප් වලින් 1/4 ක් වත් ඔය මියගිය පවුල්වලට වියදම් කරොත් ඔය සැමරුම් වල වටිනාකමක් තියනවා. (ර)
සදා සමරමු සොහොයුරෝ! ජනතා විමුක්ති පෙරමුණට අපගේ උත්තමාචාරය! (නි)
එදා මාත් මෙහි ක්‍රියාකාරිකයෙක්. අපිට එදත් අදත් තිබෙන්නේ එකම අධිෂ්ඨානයක් පමණි. ඒ තමයි හිඟානොකන සාධාරන සමාජ ක්‍රමයක්. බන්දුලලාට නොතේරුනාට බුද්ධියක් තිබෙන මිනිසුන් කල්පනා කළයුතුයි. එදා කළේත් අද කරන්නේත් අයුක්තියට අසාධාරණයට විරුද්ධ අරගලයක් මිස තම මඩිය තරකර ගන්න නොවෙයි. මේ රට කොටින්ගෙන් බේරාගන්න මුලිකම අඩිතාලම දැම්මේ ජේවීපීයයි. (නි)
ප්‍රියන්ත හරියටම හරි. බන්දුල කියන පුද්ගලයත් අන්න ඒ ජාතියේ කෙනෙක් (නි)
බන්දුලයෝ, ඔවුන් අරගල කළේ මේ රටේ වෙනසක් කරන්න. දැන් වගේම ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක් තිබූ කාලයක. ඔවුන්ගේ අරගලය නිසා තමයි අඩුතරමේ විධායක මට්ටමේ රැකියා වලට තරඟ විභාගයකින් පමණක් පුරප්පාඩු පිරවීමේ ක්‍රමයක් ආවේ. කිසිම දේශපාලන සම්බන්ධකමක් නැති මම 1994 පරිපාලන සේවයට ඇවිල්ලා ලේකම් කෙනෙක් වුණේ ඔවුන්ට පින්සිද්ධ වෙන්න. දැන් ලංකාවේ නැති වුණත් මම ඔවුන් සදා සමරමි. (නි)
අපෙන් සුබ පැතුම්! (නි)
සහෝදරවරුන්ට ජයවේවා! (නි)
නායකත්වය වෙනස්වීමෙන් ප්‍රතිපත්ති වෙනස්වෙන්න පුළුවන්. හැමකෙනා ගැනම එක විදියට හිතන්න එපා (නි)
හැබැයි හරිම ලස්සනයි, පිළිවෙළයි (නි)
ප්‍රභාකරන්ට වැඳපන් බන්දුල. (බ)
මගේ නමින් ප්‍රතිචාර තවත් කවුද දාන නිසා අද සිට වෙනත් නමකින් ලියමි.රටේ අවාසනාවට උගත් බුද්ධිමත්,හොරකම් නොකරන ජවිපෙට ඡන්දෙ දන්නේ නැහැ.ජවිපෙ රටට අවශ්‍ය පක්ෂයක් (නි)
මේ මිනිසුන්ගේ අවංක කැපවීම නිසාම තමා අද අපි මෙහෙමහරි ඉන්නේ මේ මහ පොළවේ. දිවිපිදූ සියලු දෙනාට ප්‍රණාමය! (නි)
බන්දුල පෙරේරා, ඔබ හරි (නි)
ජනතා විමුක්ති පෙරමුණට අයිතියක් තියෙනවා මෙම සැමරුම කරන්න. ඒක මානව අයිතිවාසිකමක්. (නි)
ජවිපෙ සැමදා දිනේවා! (නි)
ලොව කොතැනක වුවද, සමාජ සාධාරණත්වය දිනනු ඇත! (නි)
හසිත, කරුණාකරලා ඒ අයට විරුද්ධව වචනයක්වත් කියන්න එපා. (නි)
බන්දුල පෙරේරා ට පමණි, මමඔයාලගේ ප්‍රතිචාර බලනවා විතරක් උනාට ඔයාගේ අන්ගවිකල් ප්‍රතිචාරය දැක්කම අද නොලිය ඉන්න බැහැ . එල් ටී ටී එක කොහොමද ජේ වී පී එකට සසදන්නේ. ජේවී පී එක රට වෙනුවෙන් කලදේ අතිමහත් බව ඔබ දන්නේ නැතිඋනාට අපේ මුල අමතක ජනාදිපති තුමත් දන්නවා. ඔවුන්ගේ ගමනේ අඩුපාඩු ඇතත් අද දක්වා අවංක දේශපාලනයක ඔවුන් නියැලෙනවා. අපි එයට ගරුකල්යුතු නේද? කලාතුරකින් බිහිවෙන විජේවීර වගේ පුද්ගලයෙක් සහ පරාර්ථය වෙනුවෙන් ජීවිත් පුජාකළ අනෙක් තරුණයන් සැමරීම ඔබෙත් මගෙත් යුතුකමකි. ද්වේශ සගත බව පසෙකලා පිදිය යුත්තන් පුදමු. (බ)
බන්දුල පෙරේරා හරියටම හරි.මෙය නොතේරෙන අයට අනුකම්පා කරමු. (බ)
පෙරේරා මහත්තයා 94 ආව නිසා නම් ලේඛම් කෙනෙක් වුනේ ඒ ශ්‍රි.ලං.නි.ප ප්‍රමුඛ ආණ්ඩුව බලයට පත් වීම නිසා.නැත්නම් ඊට කලින් ආව නම් ඔතන නැති වෙන්න පුළුවන්. 89 ජනාධිපතිවරණය සහ මහ මැතිවරණ සමයේ යූ.එන්.පියට එරෙහිව හිටපු බහුතර ජන්ද දායකයට ජන්ද පොලට යන්න නොදී මරණ තර්ජනය කරලා යු.එන්.පී දේශපාලකයො ජන්ද පොලට ඇවිත් පොත් පිටින් ජන්ද දාලා යද්දි බලාගෙන හිටපු උදවිය තමයි මේ ඉන්නෙ. (බ)
බන්දුල කඩේ යන්නේ රෙදි නැතුව බව පේනවා .....මගේ අදහස අනුව ඔබ ප්‍රභාකරන්ගේ සහයකයෙක්...ද ? (බ)