වැටුප් වර්ධක ප්‍රමාද කිරීම හිග වැටුප් නොගෙවීම ඇතු කාරණා කිහිපයකට විරෝධය දක්වමින් සමස්ත ලංකා සුව සේවා සංගමය සංවිධානය කළ උද්ෂෝෂණයක් කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී අද (03) පැවැත්විණී.
ජාතික රෝහලේ සේවයේ නියුතු කණිෂ්ඨ කාර්යය මණ්ඩල සාමාජික සාමාජිකාවෝ රැසක් ඊට එක් වුහ. ඔවුන්ගේ එකම ඉල්ලිම වුයේ දිනෙන් දින ඉහල යන ජීවන වියදමට සරිලන ලෙස තමන්ට හිමි නිසි වැටුප් වර්ධක ලබා දෙන ලෙසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර සරෙප්පු දෙකක් ගන්නවත් සල්ලි නැති රතු මල්ලිනම් ගෙදර බල්ලටත් ෆන් සවි කැරලි තියෙන්නේ.
රටේ මිනිසුන් හොදට කාල ඇදලා ඉන්නවා මේවා ජයත්‍යන්තර කුමන්ත්‍රණ (දී)
මුලිම ලෙඩ්ඩුන්ට හරියට සලකන්න පුරුදුවෙන්න එවිට පඩි වැඩිවෙයි !(අ)!
මහා බැංකුවට අනුව ලංකාවේ එක් කෙනෙක්ගේ වාර්ෂික අදායම ඩොලර් 3000. ඒ කියන්නේ රුපියල් ලක්ෂ 4 ක්. පස් දෙනෙක් ඉන්න පවුලක් නම් ලක්ෂ 20 ක්. 2016 වෙනකොට වාර්ෂික ආදායම ඩොලර් 4000 වෙනවලු (නි)
ලෙඩ්ඩුන්ට හිත රිදෙන විදිහට කතා කරන , අසරණ ලෙඩ්ඩුන්ට හරියට සලකන්න බැරි මෙයාලට මොකටද පඩි වැඩි කරන්නේ . ඔය තියෙන පඩිය හොඳටම ඇති . ඔතන වැඩ කරන හොමෝම වගේ එකයි .(දී)
ලෙඩ්ඩුන්ට හිත රිදෙන විදිහට කතා කරන , අසරණ ලෙඩ්ඩුන්ට හරියට සලකන්න බැරි මෙයාලට මොකටද පඩි වැඩි කරන්නේ . ඔය තියෙන පඩිය හොඳටම ඇති . ඔතන වැඩ කරන හොමෝම වගේ එකයි (දී)
කොටිපතියාට ඉන්දන ලීටරය 1000ට ගියත් කමක් නැහැ දුප්පතාටත් එහෙම්මම තමයි මධ්‍යම පන්තියේ අපිට තමයි ඒ දේ තදින්ම දැනෙන්නේ (දී)
රට ණයකර අපි හැදෙමු. ජනතාව බඩගින්නේ ඉන්න ඉගෙනගන්න ඕනෑ, වේල් එකක් කන්න වැඩියෙන් තේ බොන්න !! (නි)
මේ කට්ටිය කවදාවත් ලෙඩ්ඩුන්ට කාරුණික නැහැ. හරියට සළකන්නේ නැහැ. පරුෂ වචන කියනවා. සමහර අය රුපියල් 100-200 ක් දුන්නම ටිකක් හොයලා බලනවා. මේ ගොල්ලන්ට පඩිනම් වැඩිකරන්න එපා. කළුබෝවිල ජාතික රෝහලේ හැමතැනම අම්මලට හරියට සළකන්නේ නැහැ (නි)
ලංකාවේ රාජ්‍ය සේවයේ ලක්ෂ 40ක් සේවය කරනවා.පුද්ගලික අංශයේ ලක්ෂ 60 ක් සේවය කරනවා.මේ ලක්ෂ 100 යම තමන්ගේ ඉල්ලීම් දිනා ගන්න යන්නේ අන්තරය පස්සේ. මෙහෙම කෙළෙහිගුණ නොදන්නා අයට එයාලටම තේරුම් ගන්න දෙන්න (නි)
මොන පිස්සුද? ඉස්සර මට සීගිරියට යන්නවත් සල්ලි තිබුනේ නැහැ. දැන්නම් අපේ ගෙදර බලු කූඩුත් ඒසී කරලා තියෙන්නේ (නි)
අද රටේ පවතින ජීවන වියදම පැවිදි පාර්ශවයටත් තදින්ම බලපානවා.පැවිදි පාර්ශවයත් දැන් පාරට බැසිය යුතු කාලය වැඩි අෑතක නොවේ. (නි)
මේවා (ජාත්‍යන්තර) කුමන්ත්‍රණ. ඩොලර් කාක්කන්ගේ වැඩ. ජීවන වියදම දරන්න බැහැ කියලා කියනවද,මෙහෙම පාරට බහිනවද මහජනතාව? ලජ්ජා නැතිකම මහමුදලිකමටත් වැඩිය ලොකුයි කිව්වාලු. (නි)
2500 ජීවත් වෙන්න පුළුවන් කිවුව අය ඉන්න රටක් මේක.අපි මොන බණක් කිව්වත් මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරුයි (නි)
ලොකු අයට දෙන කාර් පර්මිට් එකයි වැඩියෙන් ගෙවන වැටුපයි නැවැත්තුවොත් පොඩි අයගේ වැටුප් වැඩි කළ හැක (නි)
අනේ අපොයි! මම දක්නේ මේ සෞඛ්‍ය සේවක සේවිකාවන් රාජකාරි ඉටු කරන විදිහට සමහර හෙදි නෝනාවරුන්ට ලෙඩාට උණකටුව දෙන්න පුටුවෙන් නැගිටින්න බැහැ. වැඩකරපු කංකානම්ලට අපිට සල්ලි දෙන්න වුණා ලෙඩාව බලාගන්න. ඉතින් මෙහෙම රටක පඩි මදි කියලා උද‍්ඝෝෂණයත් කරනවා. මේ අයට පඩිම තමා වැඩිකරලා දෙන්න ඕනෑ (නි)
මෙතන සමහර අදහස් දක්වපු අයගෙන් කියවුනා මේ රෝහල් කාර්යය මණ්ඩල වලින් ලෙඩුන්ට ඇතිවෙන අපහසුතා ගැන.මමත් එම අදහස් වලට එකග වෙනවා. බටහිර රටවල රෝහල් වල ක්‍රියාත්මක වන්නේ මීට වඩා වෙනස් ක්‍රමවේදයක්.ඒ වගේ අපේ රෝහල්වල කාර්ය මණ්ඩලයන්ටත් කිරීමට පුලුවන් නම් කෙතරම් අගේද? එය සිදුවේද? (නි)
හුරේ කියලා ඡන්දෙ දැම්මනේ.දැන් ඉතින් බඩගිනි වෙනකොට පෙළපාලි යන්නේ නැතුව අර කතිර මහත්තුරුන්ටම කියන්න කන්න හොයලා දෙන්න කියලා. (නි)
ජීවන වියදම දරන්න බැරි නම් පඩියේ ගානට 'ජීවනේ' කප්පාදු කළ යුතුයි. ඒ කිව්වේ 7500 ප්‍රමිතියේ ගානට හරියන්න පටි තදකර ගත යුතුයි. (නි)
හැමෝම එකතුවෙලා තම රාජකාරි හරියට කළොත් රට ඉබේම දියුණු වෙනවා. එතකොට පඩි ඉබේම වැඩි වෙනවා (නි)
මම නම් කියන්නේ දැන් එක්සත් ජාතික පක්ෂයට දීලා බලන්න ඕනෑ කොහොමද කරන්නේ කියලා බලන්න (නි)
මේවා පටන් ගන්න තිබුනේ ඡන්දෙට පෙරයි (නි)
අපි යුද්දෙත් දිනලා ,පාළම්,පාරවල් ,ඔක්කොම හදල දීලත් ඇයි මේ ඉවසීමක් නැත්තේ.(නදී)
අපිටත් එහෙම තමයි , මොකද ඉල්ලුවට දෙන එකක්යැ? .ඒකයි අපි නිහඬ වෙලා ඉන්නේ. (නදී)
අපිට නම් වැඩි පඩි එපා. යන විදිහ හොදයි. සියලුම මැති ඇමතිවරුන්ගේ පඩි නඩි සහ දීමනා වැඩිකර දෙන්න. අපි බස්නාහිර,දකුණේදීත් ඡන්දෙ දෙන්නේ ඔබතුමන්ලටමයි. අපිට හරිම ආඩම්බරයි අපේ මැති ,ඇමතිතුමන්ලා ගැන. (නි)
පඩි වැඩි කරනවා තියා ඉදිරියට දැනට ගන්න පඩියවත් ගෙවන්න පුලුවන් වෙයිද කියන එක තමයි සැක. (නි)
ජීවන වියදම දරන්න බෑ ? ඒකද ඔයාල ඡන්දෙ දුන්නේ? ජීවන වියදම හොද හින්දා නේද? (නි)
අර වයඹ පළාතේ නම් දන්සැල් තියෙනව නේද? බඩගිනි නම් ඒ පැත්තේ ගිහිල්ලා කාලා බීලා එන්න. (නි)
දැන්ද තේරෙන‍්නේ? (නි)
අපි වයඹ...මගේ මල්ලි නුවර. අපිට නම් ඔය ප්‍රශ්න නැහැ.වැඩි පඩි ඕනෑම නැහැ (නි)
තව ටික දවසකින් බලමු රටට වෙන දේ. (නි)
මිනිස්සුන්ට කොච්චර නැහැ කිව්වත් බලන්න ඕනෑ ඇදුම් කඩ වලටයි සැලෝන් වලටයි ගිහින්. (නි)
මේ ගත්ත ණය කන්ද ගෙවන්නේ අපිනේ. මේ ණය රටට ඔරොත්තු දෙන්නේ නැහැ. ජනතාවට සැමදා දුක තමා (නි)
ඔය කෑ ගහන කට්ටියගේ පඩිය කොච්චරද කියලා ඔක්කොටම කලින් හොයලා බලන්න ඕනෑ. (නි)
දරන්න බෑ? කාටද? මොකක්ද? එහෙමදෙයක් නැහැ නේ....... මේ කේතුමතී නම් රාජධානියයි (අ) ...........
ඉහල යන ජිවන වියදමට හරියන්න දෙසපාලඥයන්ගේ පඩිය නම් වැඩිකරා කියලා දැක්කා අපේ වැඩිහරියක් දෙනාට කන්න නැතිව බඩගින්නේ හිටියත් රට කරවන අය සැපවත් කිරීම මිස වෙන මොකටද? ශක්තිමත් විපක්ෂයක් නැති උනාම මේවා සමන්නිය දේවල්.(අ)
රජයේ සහ පෞද්ගලික අංශයේ පඩි අඩු කරනු, අපේ ඡන්දය ඔබතුමන්ලාටමයි. (නි)
ආසිරි එතකොට ජනතා ඡන්දයෙන් ගිහින් ඉන්න ඇමති වරුන්ගේ පඩිය ගැන ඔයා කතා කරලා තිනවද බන්දුල පෙරේරා වගේ ඔයත් කුහක වෙන්න එපා (නදී)
ඇදුම් කඩවලින් සැලූන් වලින් මිනිස්සුන්ට සල්ලි තියෙනවා කියලා මනින්න පුළුවන් නම් මේ රටට සුබම අනාගතයක් ....! අනික මිනිස්සු කන බොන දේවල් වලට ගහන බදු අඩු කළොත් මිනිස්සුන්ට සහනයක්... (නි)
ගරු මුදල් ඇමතිතුමනි, අපේ පඩියෙන් බදු මුදලක් ගෙන රටේ සංවර්ධනයට යොදන්න. අපි ඉතා සන්තෝෂයෙන් ජීවත් වෙනවා. මට පඩි ගත්තම වියදම් කර ගොඩක් ඉතිරිවෙනවා. මගේ මාසික වියදම දරුවෝ 5දෙනාටත් බිරිඳටත් කන්ඩ දීලා, අම්මටත් රුපිල් සීයක් දීලා තව 10000ක් ඉතුරු වෙනවා. සියලුම රජයේ සහ පුද්ගලික සේවකයින්ගේ පඩියෙන් 10% ක බදු අය කරන්න මම යෝජනා කරනවා. (නි)
මේ ජනතාවට විකාර. රජයේ ආයතන කීයකට තාම හරිහැටි පඩි දීගන්නවත් මුදල් නැතිව ඉන්න වෙලාවේ මොනවද මේ කතා. මෙයාලට වියදමට සරිලන වැටුපක් ගෙවන්න පුළුවන්ද? අපේ ඇමතිවරු කොයි තරම් දුක් විදගෙන හම්බ කෙරුවත් එයාලගේ පඩිය මදි ගෙවල් කුලී ගෙවන්න/ ලයිට් බිල ගෙවන්න/ඉන්දන/ජල බිල් පත/ටෙලිෆෝන් බිල/ළමයිගේ වියදම්/සෞක්‍ය වියදම් මේ හැමදෙයක්ම කරන්න. ඒ නිසා තමයි,හැම ඔය හැම වියදමක්ම ජනතාවගේ බදු මුදලින් ගෙවලත්,එයාල හැම ව්‍යාපෘතියකින්ම කොමිසුත් ගහල,දුෂණය/නාස්තිය කරලත්,එයාලගේ කාලය ඉවර කරලත් එයාලට ජීවත් වෙන්න විදිහක් නැති හින්ද නැවත නැවතත් මැතිවරණ වලට මෙතරම් පෙරේත කමක් දක්වන්නේ!(නදී)
ලංකාවේ ඇත්ත තත්වේ මේකයි ,මිනිස්සු අමාරුවෙන් ජිවත් වෙන්නේ (දී) .
මේ අය හරියට ලෙඩ්ඩුන්ට සලකන්නේ නැහැ හරිම අසාදාරන විදියට කතාකරන්නේ කිසිම අවදානයක් නැහැ මුදල් තමයි බලාපොරොතු වෙන්නේ මගේ අම්මටත් මේගොල්ලෝ හරියට බැන්න අම්මගේ හිත හරියට රිදුන මේගොල්ලන්ගේ වද දැකල !!!.(නදී)
මේකට ප්‍රධාන හේතුව දුෂිත සංවර්දන වැඩපිළිවෙයි.මෙයාලාගේ පුද්ගලික මුදල්වලින් හෝ තමන්ගේ දේපල උකස් කරලා යම්කිසි සංවර්ධනයක් කළා නම් අන්න ජනතාව ඒ කෙනා ගැන හිතන්න ඕනෑ, නැතුව පාලම් පාරවල් වරායවල් ගුවන් තොටුපළවල් රේල් පාරවල් හදපු එක මේ අයට හේතුවක් නෙමෙයි ඡන්දය ගන්න. (නි)
පාඨකයන් වශයන් අපි බලපොරොත්තු වෙන සාධාරන අදහස් පක්ෂ බේදයකින් තොරව අපිට සපයන්න. (නි)
මිනිස්සුන්ට නොතේරෙන්නේ මන්ද
අපි මොන අමාරුවෙන් හිටියත් රජයේ සේවකයින් ඡන්දෙ දෙන්නේ රජයටමනේ. දැක්කනේ වයඹෙයි,මධ්‍යමෙයි ප්‍රතිපලය . බස්නාහිරයි,දකුණයි දිනවල දුන්නම සලකයි.(දී)
විරුද්ධ පක්ෂ නායකයෝ ටික ඉන්නකන්,අපිට පඩි එපා. ඒ අය අපිට දුන්නේ මොනවද? දැන් අපිට ඇත්තටම සරුයි (නි)
මොනවා වැඩි කලත් කමක් නැහැ පුන්නකු වල මිලටනම් අත තියනවා ඇහෙම නෙමෙඉ. (දී)
අපිටනම් කිසිම ප්‍රස්නයක් නැහැ.හොදට කාල අදාල දරුවන්ට උගන්නලා දෙවියනේ කියල ජීවත් වෙනවා.අපේ පවුලේ උදවියත් එක්ක අර අපේ හාමුදුරුවෝ දබදිව යන්න හොයා ගත්තු අලුත් පාරෙන් දබදිව යන්න සියල්ල සුදානම් කැරලි තියෙන්නේ (දී)