දිනෙන් දින ඉහල යන ජීවන වියදමට සරිලන සේ තමන්ට හිමි විශ්‍රාම වැටුප සාධාරණ මුදලකින් වැඩි කරන ලෙස රජයට බල කරමින් සමස්ථ ලංකා විශ්‍රාමික සංවිධාන එකමුතුව කොටුව දුම්රිය පොල ඉදිරි පිටදි උද්ඝොෂණයක් කළේය.
දශක තුන හතරක් රාජ්‍ය සේවයේ යෙදි සැඳෑ සමය ගතකරන තමන්ට අවශ්‍යකරන බෙහෙත් ටිකවත් ගන්නට දැනට ලැබෙන විශ්‍රාම වැටුප් විශමතාව වහා ඉවත් කර තමන්ට සැළකිය යුතු ප්‍රමාණයකින් විශ්‍රාම වැටුප වැඩි කරදෙන ලෙස ඔවුහු ඉල්ලූහ
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෙහෙසියෙන් අතාරින්න එපා
ජගත් ඔයා හරි
අම්මේ, තාත්තේ ඔයාලගේ ඉල්ලීම් සාධාරණයි...ඔයාලට ජය නියතයි....!
මේ වගේ උද්ගොසන දැකල අපේ ආණ්ඩුවට ඇතිවෙලා ,
මේවගේ විශ්‍රාම වැටුපක් නොලැබෙන, කුසට අහරක් නැති,පින්පඩිය වශයෙන් මාසයකට රුපියල් 500 කින් ජීවිතය ගැටගහගන්න, අවුරුදු 60, 70, උනත් ජීවිතය ගැට ගහගන්න, පොලවල්ගනනේ එළවලු, මාළු විකුණන, ගෙවල්වල කුලී වැඩ කරන අසරණ අම්මල තාත්තලත් කොච්චරක් නම් මේ රටේ ඉන්නවද, එයාලාගේනම් ඇගේ ඇටකටු ගනන්කරන්නත් පුළුවන් ඒත් බලන්න මේ අම්මල, තාත්තල දිහා... ඒ හැමෝටම සාධාරණයක් ඉටුකරන්න පුලුවන්නම්, මොකද හැමෝම රටේ පුරවැසියෝ නිසා ...
අපරාදේ නේ මට යන්න බැරි වුණානේ උද්ඝෝෂණයට
අපිටත් දැන් ජීවත්වෙන්න බෑ මේ පඩියෙන්...
පුද්ගලික අංශයේ අයට තමන් උපයා ගත් දෙයින් ජීවිතයේ සැදෑ සමය ගත කරන්න හැකිනම් ඇයි මේ අයට බැරි?
අනේ මේ කාලේ පුළුවන් තරම් පින් කරන්න !!!
මේ කට්ටිය රජයේ කාර්යාල වල වැඩ කරද්දි අහිංසක මිනිස්සු කී දෙනෙක් රස්තියාදු කරන්න ඇද්ද? දැන් විදවන්නේ ඒවායේ පලවිපාක තමයි.
ජීවන බර සැහැල්ලු කරන්න මැරෙන්න වෙනවා....ඕක සාමාන්‍ය දෙයක්....
ඔබගේ ඉල්ලීම සාධාරණයි.....!!!!!!!!!!!
ඕක පොදු දෙයක්....ජීවන බර සැහැල්ලු වෙන්නේ මැරුණම තමයි....
දෙවිවරු වන් මවිවරුන්ගේ පියවරුන්ගේ ඉල්ලිමි ලබා දෙනු.......!
අපිටනම් කොහොමත් බෑ......
ඊළඟ පියවර වර්ජනය කරන එක. ඒ කියන්නේ නොකා නොබී ඉන්න එක. මේ අපිව කවල පොවලා දුක්විඳලා උගන්නපු අපේම අම්මල තාත්තල නේද?
බලධාරීන්ටත් දෙමව්පියන් ඉන්නවා නේද ???
බීරි අලීන්ට වීණා ගහනවා වගේ වැඩක් ඕක..
අනේ අසරණ අම්මලා තාත්තලා ඡිවිතය ගෙනියන්න තව පොඩි තල්ලුවක් දුන්නොත් හොදයි නේද ??
වරුණ ඔයාගේ දෙමව්පියෝ කෝටිපතියෝ වූණාට අපේ දෙමව්පියෝ දුප්පත් අය. දුක දැනෙන්නේ වරුණ දුක් විඳින මිනිසුනට පමණයි.