දිනෙන් දින ඉහළ යන ජීවන වියදම පිළිබඳව ජනතා අදහස් දැන ගැනීමට විපක්ෂ නායක හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන කොළඹ අලුත්කඩේ අබ්දුල් හමීඩ් වීදියේ වෙළෙඳ පොළට ගියේය. එජාප මහ ලේකම් තිස්ස අත්තනායක, කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසාම්මිල්, පළාත් සභා මන්ත්‍රී මුජිබර් රහුමාන් මහත්වරු ද පදික වෙළෙඳුන් ඇතුළු කඩ හිමියන් හා පාරිභෝගිකයන් සමග කතා කළහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමක් නෑ ඉතිං... කරන්න වෙන වැඩකුත් නෑනේ
කවුරු මොනවා කීවත් රනිල් හිටපු උගත් ඇමති කෙනෙක්
අපිත් කැමති නෑ බඩු මිළ නගිනවට.ඔබතුමාට වත් පුළුවන් නම් අපිට සහනයක් දෙන්නකෝ
හොද වැඩක්.පුළුවන්නම් පෙරළන්න ආණ්ඩුව
ඔවු ඉතිං.. මේ අයට ජීවන බර දැනෙන්නේ නෑනේ
මොනවා උනත් රනිල් ඉන්නකොට රටේ විනයක් කියල දෙයක් තිබුන. රටේ සල්ලි තිබුන. හැමෝටම කාල බීල ඉන්න පුළුවන් උනා. දැන්
ප්‍රේමදාස මහත්තයාගේ කාලේ ඊටත් වැඩිය මිනිස්සු හොදින් හිටියා
බොරු බයිලාවන් වැඩක් නැහැ. දැන්නෙන් දෙයක් කරන්න ඕන.
ඔවු ඉතිං, හැම තැනම බෝම්බත් තිබුණා
රටත් බේර ගන්න එපැයි
කළොත් ඉතිං ඔහොම දෙයක් තමයි
කඩේ ගිහින් බලලා වැඩක් නෑ...........ජනතාවට ආදරේනම් විධායක බලය ඇතුලත සමගි රාජ්‍යයක් පිහිටවන්න (ස)
නිකං ජොලියට ගිහිල්ලා වගේනේ පේන්නේ
ඇත්තටම රටට ආදරය කරන නායකයෙක් ඉන්නවද මේ රටේ?
සජිත් මහත්තයාට මේ දේ කරන්න දුන්න නම් හරි
තව ටිකක් උඩට නගින්න මල්ලි
දැන්වත් ගරු කටයුතු විදියට සමු ගන්නකෝ
අපේ සතුට පලකරනවා මේ කාර්යයට. (ස)
රනිල් කියන්නේ කයිවාරු ගහන පුහු නායකයෙක් නෙමෙයි
අර රැවුලා කුණු තක්කාලි ගෙඩියක් අතට ගන්නේ රනිල් මහත්තයට ගහන්නද..?
මමයි විහිළුකාරයා...හී... හී....
පුලුවන්නම් ආණ්ඩුව වට්ටන්නකෝ...
අපරාදේ තක්කලි ටික
යුද්දේ තියෙනකල් කෑ ගැහුවා ආණ්ඩුව කියන්නේ බොරු කියලා.දැන් යනවා කඩේ.අනේ මන්දා
ලැජ්ජා නැද්ද මන්දා
මම නම් රනිල් මහත්තයාව වැඩක් නැති කෙනෙක් හැටියට දකින්නේ නෑ
අනේ අපොයි.ඇත්තම තමයි
තනියම යන්න එපා.තව කාවහරි එක්කගෙන යන්න
අනේ බනින්න එපා
රනිල් කියන්නේ සෝබන නායකයෙක් නෙමෙයි.රටේ ආර්ථිකය ගොඩ ගන්න පුළුවන් මෙතුමා වැනි කෙනෙකුට පමණයි
ලැජ්ජා වෙන්න ඕනි දේවල් රනිල් මහත්තයා කියලා නෑ
බාලාංශ වැඩ මේවා
සමහර උන්නැහේල රනිල්ගෙ කාලෙ සල්ලි තිබුනා කියල කියනවා. ඒ සල්ලි තිබුනෙ රටේ රෝහල්, මාර්ග, පාසැල්, රාජ්‍ය ආයතන ආදී කිසිවක යටිතල පහසුකම් වලට ඒක සතයක් ආයෝජනය නොකර, එක රැකියාවක් නොදී තිබූ ආර්ථික කලමණාකරණයකින්.
කෝපි කඩේටත් ගියානම් කෝපි වල ගාණත් දැන ගන්න තිබුණා
ඒ කාලේ නම් තරුණයින්ට රත්තරං දුන්නා.දැන් කඩේ යනවා.අනේ මන්දා
මෙතුමා කියන දේවල් බුද්ධියෙන් විමර්ශනය කළොත් මෙතුමාගේ වටිනාකම තේරෙනවා
බඩු ගණන් කිව්වට ඔයාලගේ බඩවල්නම් කොයිවෙලෙත් පිරිලනේ (ස)
මොලයක්, ඉදිරි දැක්මක් ඇති මෙවැනි නායකයෙක් අද රටට අවශ්‍යයයි.
රනිල් හොදයි අපිට නම්
කොච්චර කඩේ ගියත් ඔච්චර තමයි.
ෆොටෝටික ලස්සනයි. හොදට රගපාලා තියෙනවා.
බොරු වැඩ නවත්වලා, පුළුවන්නම් මිනිස්සුන්ට සහන සලසන දෙයක් කරන්න රජයටත් තේරෙන්න එක්ක. එතකොට ඔබ රටේ විශිෂ්ඨ පුද්ගලයෙක් වෙයි. සුභපැතුම්
දැන් ඇති. වෙන නායකයෙක් පක්ෂයට ඕන.
ශ්‍රී ලංකාවේ අවාසනාව
ජීවන බර කෙසේ වෙතත් මෙතුමාලගේ ඇගවල් වල බර අඩු කර ගන්න මේක හොද ව්‍යායායාමයක්
අනේ අපොයි, ඒ ගමන කඩෙත් යනවද?