(ලක්ෂ්මි ජයකොඩි
වත්මන් ආණ්ඩුවට එරෙහි විපක්ෂය ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාස භංගයට පක්ෂව ඡන්දය දීමට තීරණය කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක ජීවන් තොණ්ඩමන් මහතා පවසයි.
රටේ ජනතාවගේ හා වතුකර ජනතාවගේ යහපත උදෙසා මෙම තීරණය ගත් බව ඔහු සිය ටිවිටර් ගිණුමේ පණිවිඩයක් තබමින් සඳහන් කර ඇත.
ලංකා කම්කරු කොන්ග්‍රසයේ විධායක සභාව රැස්වූ අවස්ථාවේ මෙම තිරණය ගත් බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.
ජීවන් තොණ්ඩමන් මහතා වත්මන් ආණ්ඩුවේ වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙට මෙහෙට පනින තරමට මල්ල පිරේ...
පක්ෂව ඡන්දය දුන්නේ නැතිනම් වතුකරයේ ජනතාව ඔයාලගේ ගෙවලුත් වටලයි.
මල්ලි මෙයා පොඩියි. මෙයාට තේරෙනවාද ලොකු අයගේ හිතේ තියෙන දේ..