තලවාකැලේ ළිඳුලේ තේ වත්තක ගෙපළක් කපමින් සිටි සේවකයකුගේ දෙපා ගත් පර්වතයකට යටවීමත් සමඟ දෙතුන්දහසක පිරිසක් ඔහු බේරා ගැනීමට ගත් උත්සාහය අසාර්ථක වීමෙන් පසු බැකෝවක් යොදා ගැනීමට යයි.බැකෝව ගල ළඟට රැගෙන ඒම සඳහා පාරක්ද කපාගෙන යයි.
එම වතු සේවකයාගේ දෙපයෙන් ඉහළ කොටස හානීයක් සිදු වී නැත.ඔහු සිව් දරු පියෙකි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වතුකරයේ ජනතාවට හරිම නරක කාලයක් වගෙයි පේන්නේ. ඉක්මනින් මොහුව බේරා ගැනීමට හැකි වේවා.! (ර)
අති උත්තම පින්කමක්! (නි)
දියුණු රටවල ජිවිත ආරක්ෂාක සේවා තියනවා. එක ගිනි නිවන සේවය සමග ඇති රථ වල එම උපාංග තියනවා. මෙහෙ එහෙම නැතිද ? (ර)
සියළු දෙනාගේ ධෛර්යයේ ප්‍රතිඵලයක් ලෙස මොහු කරදරයකින් තොරව ගළවාගන්න ලැබේවා! (නි)
ලොගේස්වරන් ඉන්නේ මොන ලෝකෙද මන්දා. වත්තක කාණුවක් කපද්දී ගිනිනිවන හමුදාවටත්, යුද්ද හමුදාවටත් එන්න කියලද කානුව කපන්න ඕනේ. හදිසි අනතුරු කියන්නේ මේවට තමා. ඇමෙරිකාව කෝටි ගානක් වියදම් කරලා යවපු රොකට්ටුව විනාඩියෙන් පුපුරලා ගියේ. හදිසි අනතුරු වලක්වන්ද පුළුවන් 01%. මේකත් ඒ වගේ හදිසි අනතුරක්. වටේ ඉන්න කට්ටිය තමා තීරණය කරන්ඩ ඕනේ දැන් මොකද කරන්න ඕනේ කියල. (ර)
මනුස්සකම උතුරපු අවස්ථාවක් හදවතට ලොකු සතුටක් දැනුනේ. (ර)
මේ එකමුතුකමින් මේ අභියෝගය ජයගන්න හැකිවනු සිකුරුයි (නි)
සමගියේ බලය මෙතැනින් පේනවා.(හේ)
මෙය කිරීමට නියම තාක්ෂණය නො දැනීම කණගාටුවට කරුණක්. මෙය සාමාන්‍යයෙන් කරන්නේ හුලං බැහැපු ටයරයක් (කවරය ) ඔතන ඇති හිඩැසට දමා ක්‍රමයෙන් ටයරයට හුලං පිරවීමය. මෙය සාමාන්‍යයෙන් ජීවිත බේරාගැනීමේ කණ්ඩායම් අනුගමනය කරන ක්‍රියා පිළිවෙතයි.(හේ)
මොනවා උනත් ලංකාවේ මිනිස්සු ළග තවමත් මනුස්සකම ටිකක් හරි ඉතිරි වෙලා තියෙනවා.කෙනෙකුගෙ දුකකදී උණුවන හදවත් තියෙනව.ඒත් රට මේ විදිහට ගියොත් ඉතිරිවෙලා තියෙන ඒ මනුස්සකමත් දියවෙලා යාවි.(දිල්)
මෙම මිනිසුන්ගේ මනුස්සකමට අපි ගරු කළ යුතුයි .මෙම ක්‍රියාවට සහභාගී වූ සියලු දෙනාටම ගොඩක් පින් (අ)
මිනිසත් භවේ පොහොසත්කම තමා මේ අපි හැමෝම මිනිසුන් නිසා(දිල්)
ඔබට බුදු සරණයි. (ර)
බැකෝවකින් කලයුතුදේ කරන්නට මේ පුංචි මිනිසුන් දරන උත්සාහය දකිනකොට හිතට පුදුම ධෛර්යක් එන්නේ. (ර)
මෙවැනි මිනිසුන් මුළු ලොවටම බිහි වේවා.! (ර)
ජිවිතයක් බේරණ එකත් ලොකු පිනක්. (ර)
පණ පිටින් මිනිස්සු මරණ මිනිස්සු ඉන්න ලොකේක මේ තරම් මහන්සි ගන්නේ මැරෙන්න යන මිනිසකු බේරා ගන්නා මිනිස්සු පිරිසක් නේද.......?(දිල්)
ඔච්චර මිනිස්සු ඉන්න එකේ ගලේ අනිත්පැත්තෙ වලක් කපුවනම් ඉවරනෙ. කපුවහම ගල හිමිට එ්කට වැටෙයි.(අ)
ලොකු පිනක්. මේ වගේ මිනිසුන් වර්තමානයේ දැකීම පිළිබඳව මගේ හිත පුදුමයට පත්වුණා. ඒ වැඩේට සම්බන්ධ වූ සියලු දෙනාටම ගොඩාක් පින්! මනුෂ්‍යත්වයේ නාමය මේ ලොව මේ ආකාරයෙන් සදා රැකේවා! තෙරුවන් සරණින් රෝගියා සුවපත් වෙන්න ඕනෑ (නි)
උදව් කල හැමෝටම බොහොම පින්සිදුවෙවා. (ර)
ජීවිතයක් බේරා ගැනීම මහා පිනක් (අ)
විශාල පිනක්. ගොඩක් පිං (නි)
කියාගන්න බැරිතරම් සතුටක් දැනුනා. මේ කළ පිනට ඔබ සැමට ගොඩක් පින්. (නි)
අති උත්තම පිංකමක්. (අ)
මේ වගේ අවාසනාවන්ත විපත් සියල්ල සිද්ධවෙන්නේ අහිංසකයින්ටමනේ! ජිවිතයට හානියක් නොවී බේරාගන්න ලැබේවා! මේ වෙනුවෙන් දායකවෙන හැමෝටම ගොඩක් පින්! (නි)
උතුම් ක්‍රියාවක්. ඔබ සැමට පින්! (නි)
සියලු දෙවි පිහිටින් ඔහුව බේරාගැනීමට හැකියාව ලැබේවා! (නි)