‘‘ජීවිතය විඳින්නට සාහිත්‍ය දෝතට“ නමින් දකුණු පළාත් සාහිත්‍ය කලා මහෝත්සවය මේ දිනවල මාතර දී පැවැත්වේ. දකුණු පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය වීරසුමන වීරසිංහ මහතාගේ සංකල්පයකට අනුව සංවිධානය කැර ඇති සාහිත්‍ය කලා මහෝත්සවයේ ජන ගී වැඩසටහන්, සිනමා රසවින්දන වැඩසටහන්, රූකඩ සංදර්ශන, සාහිත්‍ය පෙරහැර, මාතොට කවි මඩුව ආදී විශේෂාංග රැසක් පැවැත්වේ. සෙනසුරාදා සවස සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී.ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රධානය කිරීමෙන් පසු උත්සවය අවසන් වීමට නියමිතය. සාහිත්‍ය කලා මහෝත්සවයට සමගාමීව මාතර පැරණි ඕලන්ද වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ 12 දා දක්වා පොත් ප්‍රදර්ශනයක් ද පැවැත්වේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගජමන් නෝනා, ඇළපාත මුදලි, අන්දරේ සහ ගමරාළත් එක්ක ගම හාමිනේත් සිහියට ආවා. (නි)