(විනීතා එම් ගමගේ)
උසස් පෙළ ජීව විද්‍යාව අලූත් විෂය නිර්දේශය සදහා සිංහල භාෂාවෙන් ගුරු මාර්ගෝපදේශ සහිත පොතක් මුද්‍රණය කර නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (25) ප්‍රකාශ කළේය.
එම විෂය උගන්වන ගුරුවරුන් සදහා ගුරු පුහුණුවක් ද ලබාදී නැතැයි හෙතෙම සදහන් කළේය.
ජීව විද්‍යා විෂය නිර්දේශයේ ගුරු අත්පොත හා ගුරුවරුන් සදහා ඉංග්‍රිසියෙන් හා දෙමළ භාෂාවෙන් අන්තර්ජාලයට එක්කර තිබුණත් විභාගයේ ප්‍රශ්න පත්‍රයට දරුවන් ලියන තුරුත් සිංහල පරිවර්තනය ඉදිරිපත් කරන්නට රජය අසමත් වී ඇතැයි ද හෙතෙම සදහන් කළේය.
මෙයින් සිංහල භාෂාවෙන් උසස් පෙළට පෙනී සිටින දරුවන්ට විශාල අසාධාණරණයක් වන්නේ යැයි ද හෙතෙම සදහන් කළේය.
මේ රටේ ජීව විද්‍යාව හදාරන දරුවන් ගෙන් සාතිෂය බහුතරයක් එම විෂය හදාරන්නේ සිංහල භාෂාවෙන් බවත් මේ සිංහලෙන් ඉදිරිපත් කර තිබු විෂය ඒකක වල පවා පරිවර්තන දෝෂ විශාල ප්‍රමාණයක් තිබු බව ද හෙතෙම කියා සිටියේය.
පාරිභාෂික පද පමණක් නොව ෆෝ යන වචනය පවා සිංහලට පරිවර්තනය කර තිබුණේ දෙක යනුවෙන් බවත් එයින් පෙනී යන්නේ එම පරිවර්තන කර ඇත්තේ දෙකේ පන්තිය වත් සමත් නැති පිරිසක් බවත් යැයි ද හෙතෙම කියා සිටියේය.
සිංහල භාෂාවෙන් පමණක් විෂය නිර්දේශ ඉදිරිපත් නොකර මේ වනිවට විභාගය පවත්වා අවසන් බවත් සිංහලෙන් පමණක් විභාගයට ලියු දරුවන්ගේ දෙමාපියන් ගේ වෛද්‍ය විද්‍යාල සිහිනය අහිමි වී ඇතැයි ද මන්ත්‍රීවරයා කියා සිටියේය.
2019 ජීව විද්‍යා ප්‍රශ්න පත්‍රයට සිංහල භාෂාවෙන් පිළිතුරු ලියා ලකුණු අහිමි වීෙමි අවදානමට මුහුණ දී සිටින දරුවන් වෙනුවෙන් ආණ්ඩුව කරන්නට බලාපොරොත්තු වන සාධාරණය කුමක් දැයි ගම්මන්පිල මහතා විමසා සිටියේය.
සිංහල විෂ්‍ය නිර්දේශයේ පාඩම් විෂය කරුණූ හා පරිවර්තන දෝෂ නිවැරදි කර 2020 හා 2021 වසරවල හෝ විභාගයට ලියන දරුවන්ට හෝ සාධාරණය ඉටුකරන්නේ කවදාද යන්නත් හෙළි කරන්නැයි හෙතෙම ඉල්ලා සිටියේයය.
ජීව විද්‍යා විෂ්‍ය නිර්දේශය සකස් කිරීමේ කණ්ඩායමට නායකත්වය දී ඇත්තේ ජීව විද්‍යා උපාධියක් වත් නොමැති කාන්තාවක් යැයි පැවසූ මන්ත්‍රීවරයා මෙවැනි දේ සිදුවීම එසේ නම් පුදුමයට කරුණක් නොවන බව ද පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩුම තරමේ සිංහල පාසලේ අවුරුදු උත්සවයකටවත් ජාතික ඇඳුමක් අන්දලා නැති, කැස්සට, හෙම්බිරිස්සවටත් තිරුපති දේවාලේ යන අගමැති මැති ඇමතිවරු රටක, මොන සිංහලද?
කෝ අධ්‍යාපන ඇමති දුන්නනම් කඩිනම් පිළිතුරක්.....
සාටකයන් බලයේ ඉන්නකොට මුදල් හොරාකාලා ස්මාරක , කව්තුකාගාර හැදුවා මිස ඔය කියන දෙයක් වත් කෙරුවයේ ?
ඔන්න අද අපිට ගිය කල
මම මෙතුමාගේ අදහස් වලට එකඟ නැතත් මෙම අදහස අගය කරනවා.මෙතුමා ගුරු අත්පොත සිංහලෙන් නැත කියනවා.දැන් සියළු මාධ්‍ය ආයතනම කටයුතු කරන්නේ ඉංග්‍රීසි භාෂාව අනුවයි.සමහරක් රූපවාහිණී ආයතනවල සිංහල ප්රවෘත්ති කියන්න පෙර මාධ්‍ය ආයතනය හා ප්රවෘත්ති නිවේදනය විස්තර කරන්නේත් ඉංග්‍රීසි භාෂාවෙන්.ප්රවෘත්ති විවේකය දක්වන්නේත් ඉංග්‍රීසියෙන්. එහෙමනම් තව කථා මොකටද.දැන් සිංහල භාෂාවත් විකෘති තත්වයක් පේනවා
ජීව විද්‍යාව විෂයේ පවතින ගැටලුව නිසා දැන් පාසල්වල ජීව විද්‍යාව හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව අඩු වෙලා. මහාචාර්යවරුන්ගේ පණ්ඩිතකම් පැත්තක තියල සිසුන් ගැන හිතන්න. තවත් එකක්-ජීව විද්‍යාව නිර්දේශයේ ප්‍රාෙයා්ගික පරීක්ෂණවල ඉස්සර සත්ත්ව විච්ඡේදන තිබුණා. දැන් ඒව අයින් කරල. ඒවැනි චිච්ඡේදන ගැන කිසිම දැනුමක් නැති අය තමා වෛද්‍යවරු වෙන්න යන්නේ? පළමු වතාවට ඒක ඉගෙන ගන්නේ වෛද්‍ය පීඨයට ගිහිල්ලා. එතකන් අඩු ගානෙ මාලුවෙක්වත් කපල නැහැ. මේ අඩුව ත් වහාම හදන්න.
මොක මොනවා කිව්වත් විභාගේ පාස් වෙන්න නම් ඔය මොන පොත දුන්නත් වැඩක් නැහැ. කොලපතක් අතේ තියන් හරි ටියුෂන් වන්දනා කරන්නම ඕනේ. ඉස්කෝලවල උසස් පෙළ පන්තිවල දිනපතා ඉන්න සිසුන් ගණනයි, විභාගෙට ලියන ගණනයි සමීක්ෂණයක් කරන්න. එතකොට තේරෙයි ඔය පොත්වලින්ද වෙන මොනවයින්ද ඉගෙන ගන්නේ කියල. මේකට මට ගොනා කියල කොමෙන්ට් දමයි. එත් ඇත්ත ඒකයි.
අපි පාසල් යන කාලෙට වැඩ අද පාසල් වල වැඩ ගොඩක් හොඳයි
උසස් වෙළ විභාගය තිබ්බේ අගෝස්තුවල. ඒ ළමයි ඉස්කෝලෙට ආවේ වසර දෙකකට කලින්.ජීව විද්‍යාව ඉගෙන ගන්න ගත්තේ වසර දෙකකට කලින්. එතකොට ගුරු අත්පොතේ සිංහල පිටපත් නෑ කියලා මෙයාට මේ ඡන්දයක් ආවමද මතක් වුනේ? ගුරුවරුන්ට ඒක ප්‍රශ්නයක් වුනේ නැද්ද? විදුහල්පතිලා දන්නෙ නැද්ද? ළමයින්ට ඒක ප්‍රශ්නයක් වුනේ නැද්ද?