ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසුරිය අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර තිබේ.
එමෙන්ම ඔහුගේ අප කරුවන් අත්අඩංගුවට ගැනීමටද වරෙන්තු නිකුත් කර ඇත.
2008 වසරේදී ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහා ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් තුන් ලක්ෂ තිස්දහසක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින්, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ජාලිය වික්‍රමසූරියට එරෙහිව නඩුවක් ගොනු කර අධීකරණයට ඉදිරිපත් කෙරිණි.
අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුගේ ඇසේ පවතින රෝගී තත්ත්වයකට ප්‍රතිකාරයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාවට යාමට අවසර දෙන මෙන් කළ ඉල්ලීම පිළිගත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය 2017 වසරේ දී ඔහුට විදේශගත වීමට අවසර ලබා දුන්නද යළි අධීකරණයේ පෙනී සිටින ලෙස කළ නියෝගය නොසලා හරිමින් ඔහු අධීකරණයේ පෙනී නොසිටියේය.
ඒ අනුව අවස්ථා කිහිපයකදීම ඔහුට විවෘත වරෙන්තු නිකුත් කෙරිණී.
(36698)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන වරෙන්තු ක්‍රියාත්මක කරත් පිට රටවල ඉන්න මේවගේ වරෙන්තු කාරයෝ ලංකාවට ගෙන්වා ගන්න බැරි වෙලා තිබෙන්නේ , අපේ රටේ නීති පද්ධතිය ගැන ජාත්‍යන්තරයේ පිළිගැනීමක් නැති බව නිසා හෝ අපේ අකාර්යක්ෂම විදේශ සේවය නිසා බව කණගාටුවෙන් වුවද පිළිගැනීමට සිදුවී ඇත ,
මෙයා මහරජාගේ සනුහරේ නේද
ඔය වරෙන්තුවත් මීට පෙර නිකුත් කළ විවෘත වරෙන්තු වගේම නිකන්ම භංග වෙලා යයි. මා සිතන්නේ මොහු රාජපක්ෂවරුන්ගේ ලගම නෑයෙක්.
මහරජා ගාව හිටපු ඔක්කොම හොරු වගේ.... ඒ විතරක් නෙවෙයි, ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නත් බැහැ වගේ...
මහරජාගේ වැඩිමල් සහෝදරියගේ පුතා...
හොරුන්ට රටෙන් පැනලා යන්න ඉඩ දීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තුමේන්තුවේ නිලධාරින් වගකීම භාර ගතයුතුවේ. ඕකේ වැඩි හරියක් ඉන්නේ මහරජාගේ කාලයේ පත්වූ නීතිඥයන්... සමහරවිට මේ හොරුත් එක්ක ඩීල් දාගෙන අධිකරණයට කොකා පෙන්වනවා ඇති...
මහරජා විතරක් නොවේ දැන් ඉන්න රජවරුන්ගේත් අනුග්‍රහය මේ පුද්ගලයන්ට තිබෙන බවක් පෙනෙනවා. වෙන රටවල නම් රහස් පොලිසිය මෙවැනි පුද්ගලයන් කරපු දේවල් ගැන රහසේ පරීක්ෂණ කරලා... විස්තර රැස් කරලා, එකවරම පුද්ගලයා අත්අඩංගුවට අරන් උසාවියට ඉදිරිපත් කරනවා. ලංකාවේ නම් මුලින්ම කරන්නේ ප්‍රසිද්ධ කමිටුවක් පත්කරලා ප්‍රසිද්ධියේ අවුරුද්දක් විතර විමර්ශනය කරලා ඔක්කොම විස්තර පත්තරේ දමලා අන්තිමට පුද්ගලයා අත්අඩංගුවට ගන්න හොයනකොට ඔහු ඉන්නේ ලෝකේ අනිත් පැත්තේ රටක... වරෙන්තු නිකුත් කළාට බොහෝ වෙලාවට එම රටවල තානාපති කාර්යාල එම ලියකියවිලි එරට පොලිසියට දෙන්නේ නැහැ. මොකද මෙහෙන් ලැබෙන උපදෙස් නිසා, හොඳම උදාහරණය කොස්ගොඩ නදුන් කියන පතල නායකයා ඉතාලි පොලිසියෙන් අල්ලගත්ත වෙලාවේ මෙහෙන් කිසිම ඉල්ලීමක් කලේ නැහැ ඔහු එවන්න කියලා...