පසුගිය රජය සමයේ ජලය අලෙවි කිරීම සම්බන්ධයෙන් අණපනත් සකස් කරන බවට ප්‍රචාරයක් පැවතුණත් එය බොහෝවිට දේශපාලන වාසි සම්බන්ධයෙන් කරන ලද ප්‍රචාර බවත් ස්වාභාවික ජල සම්පත අලෙවි කිරීමේ වැඩපිළිවෙළක් කිසිදු හේතුවක් මත වත්මන් රජය මගින් දියත් නොකරන බව වාරිමාර්ග හා ජල කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා බ්‍රහස්පතින්දා (10) පෙරවරුවේ මහනුවරට පැමිණ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ ආශිර්වාද ලබා තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහනාහිමි සහ ගලගම අත්ථදස්සි අස්ගිරි මහනාහිමි බැහැ දැක ආශිර්වාද ලබාගැනීමෙන් පසු පැවසීය.
මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන් අමාත්‍යවරයාට ආශිර්වාද එක් කළ අතර ගොවිතැන් කටයුතු සදහා ජලය ලබාදීමේ නිවරැදි හා කාර්යක්ෂම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම වඩා යෝග්‍ය යැයි අස්ගිරි පාර්ශවයේ නායක හිමිපාණන් වහන්සේ අමාත්‍යවරයා හමුවේ කීවේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනටමත් බෝතල් වල වතුර විකුනනවා තවත් විකුනන්න ඉත්රුවෙලා තියනවද ?(අ)
විකිණුවේ නැති උනාට කමක් නැහැ. ජල සම්පතට වස විස එකතු කරන අයත් අල්ලලා දඬුවම් දෙන්නේ. ජල සම්පත විනාශ කරන අයටම කියවල ඒවා සුද්ද කරලත් දෙන්න. නැතිනම් ඒවත් ලබන ආත්මේ බලු කපුටන් වෙලා උපදින පාප කර්ම (නදී)
විකුණන්නට වටිනා යමක් ඉතිරිව ඇද්ද (අ)
2000 දී චන්ද්‍රිකා සහ රනිල් ද 2004 ද්‍රි මෛත්‍රී සහ චන්ද්‍රිකා ජල සම්පත් විකිණීමට පණත් ගෙන ඒමට උත්සාහ ගත්තා අපට හොඳට මතකයි. පසුගියදා රාවුෆ් හකීම් කැබිනට සංසෝදනයක් හැදුවේ 2003 -2004 වසරවල ගෙන ඒමට තැත් කල කෙටුම්පත් පනත් වල සංකල්ප පදනම් කරගෙන බව පැහැදිලියි. දැන් තුන්දෙනාම එකතු වෙලා මොනව කරයිද කව්ද දන්නේ (නදී)
විකුනන්නේ නැහැ පිස්සුද? ජාල සම්පත සුරකින්න හා සංරක්ෂණය කරන්න කොම්පැනිය කට බර දෙනවා . එච්චරයි . (ම)