බලශක්ති සහ කර්මාන්ත අමාත්‍යාංශය විසින් පසුගියදා නිකුත් කරන ලද නව මිල දර්ශකය අනුව මේ මාසයේදී පැට්‍රෝල් මිල ඩිරාම්ස් 10කින් ඉහළ යනු ඇත.
අමාත්‍යාංශය විසින් ප්‍රසිද්ධියට පත්කර ඇති ලැයිස්තුවට අනුව සුපිරි ශ්‍රේණියේ පැට්‍රෝල් සහ ඩීසල් දෙවර්ගයේම මිල මේ මාසයේදී ඉහළ දැමෙනු ඇත.
ජාත්‍යන්තර මිලට අනුපාතව සෑම මසකදීම දේශීය ඉන්ධන මිල සමාලෝචනය කිරීමේ අමාත්‍යාංශ තීරණයට අනුව අමාත්‍යාංශය සිය නිල වෙබ් අඩවිය හරහා ජූලි මාසයේ ඉන්ධන මිල ගණන් ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව පසුගිය ජූනි මාසයේදී ලීටරයක් කටාර් රියාල් 1.20 ක් වූ ප්‍රිමියම් වර්ගයේ පැට්‍රෝල් ලීටරයක මිල මේ මාසයේදී කටාර් රියාල් 1.30 දක්වා ඩිරාම් 10කින් වැඩි වනු ඇත.
ජූනි මාසයේදී කටාර් රියාල් 1.30 ක් වූ සුපිරි පැට්‍රොල් ලීටරයක මිල මේ මාසයේදී කටාර් රියාල් 1.40 දක්වා ඩිරාම් 100කින් යනු ඇත. ලීටරයක් කටාර් රියාල් 1.40 ක් වන ඩීසල් මිලේ කිසිදු වෙනසක් සිදුනොවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd