(රෝහණ සමරවීර)
සිංහරාජ වැසි වනාන්තරයේ රක්වාන නැගෙනහිර කඳුවැටියේ මානික්කවත්ත, බෝටියතැන්න හඳපාන්ඇල්ල භුමියේ අක්කර අටක ප්‍රමාණයක් පෞද්ගලික ඉඩමක් බව පවසමින් ගිනි තබා, ගල් පෙරළා අනවසරයෙන් එළිපෙහෙළි කර ඇතැයිද, එහි පානීය ජල බෝතල් නිපදවීමේ කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට නියමිත බවද පරිසරවේදීහු පෙන්වාදෙති.
සිංහරාජයේ ජීවත්වන වන අලින් දෙදෙනා වසරේ වැඩි කාලයක් වාසය කරන සහ දෙල්වල වලන්කන්ද රක්ෂිතයටත් පන්විල දෙසටත් සංක්‍රමණය වීමේදි අලිමංකඩක් ලෙස භාවිතා කරන ප්‍රදේශයක් මෙලෙස විනාශ කරමින් ඇති බවට පරිසරවේදීහු චෝදනා කරති.
වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානයේ කැඳවුම්කරු ජයන්ත ජයසිංහ මහතා මේ විනාශය සම්බන්ධව මෙසේ අදහස් දැක්වීය.
“අපි මෙම ප්‍රදේශය නිරීක්ෂණය කළා පමණක් නොව මේ ව්‍යාපෘතිය ආරම්භ කළ පුද්ගලයා සමග දුරකථනයෙන් සම්බන්ධ වුණා. එම තැනැත්තා ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික කර්නල්වරයෙකු ලෙසට ඔහු විසින්ම හඳුන්වා දෙනු ලැබුවා. මෙවැනි ව්‍යපෘතියක් ඉදිකිරීම සඳහා හෝ හායනය සම්බන්ධයෙන් අවසර ගෙන නොමැති බව පැවැසුවා.
මෙය සුවිශේෂී ජෛව විවිධත්වයක් තිබෙන ප්‍රදේශයක්. මෙය ජල පෝෂක ප්‍රදේශය පාංශු රක්ෂණ කලාපයක්ද වෙනවා. එවැනි ප්‍රදේශයක් බැකෝ යන්ත්‍ර යොදාගෙන ස්වභාවිකව පවත්නා ගස් ගල් ඉවත් කිරීමකට අවසරයක් ගෙන නොමැති බවත් හෙළිකර ගැනීමට හැකි වුණා.
මෙම විනාශ කරන ප්‍රදේශය සිංහරාජ පරිවාර වනාන්තරයක් වන හඳපාන් ඇල්ලෙන් ආරම්භ වන ඉතා වටිනා දොළ මාර්ගයකට මායිම් වන අතර එය පෝෂණ කලාපයක්ද වෙනවා.
මෙම විනාශය පිළිබඳව පරිසර අමාත්‍යාංශය ප්රමුඛ වගකිව යුතු ආයතන ගණනාවකට අපි ලිඛිතව දැනුවත් කර තිබෙනවා. සිංහරාජය ඇතුළු සංවේදී වනාන්තර පද්ධති දිගින් දිගටම මේ අයුරින් විනාශ කරමින් පවතිනවා. එවැනි පරිසර පද්ධති පරිසර සංවේදි කළාපයන් ලෙස නම් කිරීමට පියවර ගන්නා ලෙසත් එම පරිසර විනාශ කරන්නන්ට විරුද්ධව නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙසටත් දැනුවත් කළා.
ප්‍රදේශවාසීන් මෙම පරිසර විනාශයට තදින්ම විරුද්ධයි. නමුත් මෙම පුද්ගලයා තමන් යුද හමුදාවේ හිටපු කර්නල්වරයෙකු බව පවසමින් ප්‍රදේශවාසීන් අතර බියක් ජනිත කරමින් ඔවුන්ව යටපත් කිරීමේ උත්සහයක නිරත වෙනවා. ප්‍රදේශවාසීන් ප්‍රසිද්ධියේ අදහස් දැක්වීමට එම නිසා මැළිකමක් දක්වනවා. එම නිසා මෙය බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු ගැටලුවක්.”
“මධ්‍යම පරිසර අධිකාරියේ ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරි සරත් චන්ද්‍රසිරි මහතා විසින් අපට මේ සම්බන්ධව දැනුම් දීමක් කර තිබෙනවා. ඔය කියන ස්ථානයේ බිම සකසා ඇති ජයවිලාල් ප්රනානාන්දු නැමැත්තාට එහි ඉදිකිරීම් නොකරන ලෙසට එහි සඳහන් එම ප්‍රදේශය අපි නිරීක්ෂණය කළා. මේ වනවිට එහි වැඩ නතරකර තිබෙනවා” යැයි රක්වාන පොලිසිය පැවසීය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ව්‍යාපාරේ කොරන්න වෙන ඉඩමක් ඇත්තෙම නැද්ද? අනේ අනික් වැව් ගංගා ටිකත් හිදිලා යාවි ඉතින්... සන්තෝසේ කියල නිමක් නැහැ.. තව තව ගස් ටික කපන්න
අහෝ දෙවියනි.!! මිනිස්සුන්ට නිදහසේ හුස්ම ගන්න තියෙන වාතය, ජලය මේ හැමදේම දේශපාලන මාෆියාව විසින් බරපතල ලෙස විකෘර්ති කරමින් මේ ගෙනයන වැඩපිළිවෙලට මිනිස්සු නිහඬ ඇයි මේ? මේ යන විදිහට ගියෝත්නම් මේ රට ඉතුරු වෙන එකක් නැහැ.. වහාම සියලුම සිවිල් සහ බෞද්ධ භික්ෂු සංවිධාන එකා වගේ එකතු වෙලා රටේ පරිසරය සුරා කෑමට තදින්ම විරුද්ධ විය යුතුයි. නැත්නම් මේ රට ඉවරෙටම ඉවරයි.
පරිසර ඇමති නිදිද නැත්නම් ලෝකේ වටේ සිරි නරඹන්න ගිහින්ද රටේ තියන සියලුම ගංගාවල වැලි ජාවාරම ඉහලින්ම සිදුවෙනවා වැසි වනාතර ගිනිතියනවා දේශපාලන කාලකන්නි වුන්ගේ හෙන්චියනට වැසි වනාන්තරවල ඉඩම් දෙනවා උන් ඒවා එළිකරමින් ජල පෝෂක විනාශ කරනවා මේකා රටවටේ ඉන්න ජනතාවට බොරු බේගල් කියමින් සුර සැප විදිනවා.
වැඩ නතර නොකරන්න නෙමෙයි........ අත්අඩංගුවට අරගෙන නීතියෙන් දඩුවම් දෙන්න ඕන මේ අපරාධකාරයට
ආ ආ රණවිරුවෙක් , අත්ඇරලදාන්න .
පරිසර ඇමතිතුමාව කවුරු හරි අවදි කරන්නකෝ. එතුමාට නින්ද ගිහින් ඇති.
ලංකාවේ බීමට සුදුසු වතුර තියෙන්නේ සිංහරාජ අඩවියේ විතරද වගකිව යුත්තන්ට කුට්ටිය ලැබිල ද නිශ්ශබ් ද
මොකාක් හරි සුරංගනා කතාවක් කියමින් " කැලැ කැපීම නම් " සාර්ථකව කරගෙන යනවා ..!
"මධ්‍යම පරිසර අධිකාරියේ ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරි "- හරියට හිටියා නම් මේ රටේ මේ තරම් පරිසර හානියක් වෙනවද.පාගා අරගෙන කැපුවා , ගෙවල් හදපුවා කව්ද හරි දාල යන්න වෙනවා.හයි පින් පවු .අපි බොන වතුර ටිකටත් විස එක්කරන්න දීපු මුන්ට කවද හරි ඕවට ගෙවන්න වෙනවා .
ඔය කියන විදියට ලංකාවේ කිසිම තැනක අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කල නොහැක. එක්කෝ පුරාවිද්‍යාව එහෙම නැත්නම් වනාන්තර එලි කරනවා යයි කියයි. ඉතින් කොහොමද රටක් දියුණු වෙන්නේ.
අපි කොච්චර ගෑ ගැහුවත් වැඩක් නෑ. කුට්ටිය හම්බවෙනවා නම් අපේ දේශපාලනාඥයන් තමන්ගෙම දරුව වුණත් විකුණයි. ඒ තරම් මට නම අප්පිරියායි
මම හිතන විදිහට ජනාධිපතිතුමා මේ ගැන දන්නෙ නැ .දන්නවා නම් යාන්ත්‍රික කියත් තහනම් කලා වගෙ බැකො යන්ත්‍ර තහනම් කරන්න ඉඩතියෙනවා.
රටේ පරිසර ඇමති ඒ කියන්නේ ජනාධිපති තුමනි, අවම වශයෙන් එදිනෙදා පුවත් පත් පාන්දර නැගිටලා කියවන්නවත් ඔබතුමා පුරුදු විය යුතුයි.පරිසරය අරක්ෂකරන්න ඔබට බැරිනම් කරුණා කර ඒ අමාත්‍යංශය වෙන කාටහරි දෙන්න.
මේ රට මොන විදියේ තිරිසනුන් සිටින රටක් දැයි මටනම් සිතා ගැනීමට නොහැකියි. සිංහරාජෙ ජලපෝෂක විනාශ කරලා රටේ වතුර නැති කරල හදන්නේ බෝතල් කරන වතුර මේ රටේ මිනිසුන්ට පොවන්න වෙන්න ඇති. මේ රටෙ සාක්ෂරතාවය 98%ක් කීවාට හැමතැනින්ම ඇහෙන්නේ ජරා වැඩ. අද බොහෝ රටවල් ගහකට අතවත් තියන්නේ නෑ කාලගුණික විපර්යාසයන්ට බයේ. අපේ රටේ අය ඒකටත් එක්ක කිසිම ගානක් නෑ. අනික තව දෙයක් මේ රටේ දේශපාලකයො වගේම සේවයේ ඉන්න ඉහළ නිලධාරිනුත් මේ වගේ විනාශයන්ට 50% ක් වග කියන්න ඕන. ඒ අයත් කාටවත් බය නැතිව නීතිය හරියට කොන්ද කෙලින් තියාගෙන ක්‍රියාත්මක කළානම් මේ රට මේ තරම් දූෂිත වෙන්නේ නෑ. අර ඇමතිට මේ ඇමතිට අර විශ්‍රාමික ලොක්කට මේ ලොක්කට කිය කිය දෙකට නැමීගෙන නීතිය අවනීතිය කරන අය නිලධාරිනුත් මේ විනාශයේ කොටස්කරුවන්. ආයතන සංග්‍රහය මේ රටේ එකි නොකි චක්‍රලේඛන අණ පනත් විධාන තියෙද්දි ඇයි ඒ අයට බැරි ඒව ඉස්සරහට දාලා මේ වගේ වැඩ නතර කරන්න නියෝග දෙන්න. වෙනදෙයක් වෙද්දෙන් කියල තමන්ගෙ තනතුර හා උසස්වීම් රැකගෙන අනිත් පැත්ත හැරිලා ඔහේ නිදාගන්නවා. මේ රට දවසක කොහන් නවතීද හිතා ගන්න බෑ.
පොඩි මිනිහෙක් උදලු මිටක් කපා ගන්න ගියොත් කුදලාගෙන ගිහින් හිරේ දාන වන ජීවී නිලධාරින් ඉන්න රටක අක්කර 8ක් පානීය ජාල ව්‍යාපෘතියකට ඒකත් රක්ෂිතයෙන්.
මේ කර්නල් මාර ගොනෙක්නේ... බිත්තර ගන්න කිකිළි මරණවා වගේ වැඩක් මේක
පරිසර ඇමතිකම් , ආරක්ෂක ඇමතිකම් , ජනාධිපතිකම් ඔක්කොම බදාගෙන එකක් වත් හරියට කරන්නේ නැහැ , කියව කියව ලෝකේ වටේ කරක් ගහනවා , අරහේ ත්‍රස්තවාදියෝ බෝම්බ ගහල මිනිස්සු තොග පිටින් මරනවා , මෙහේ බැකෝ දමාගෙන වනාතර විනාශ කරනවා . මොකක්ද මේ විකාරේ ,